පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් නැව්ගත කිරීම් මෙම සතිය මුලදී සහ ලබන සතියේ පැමිණෙන බව තහවුරු කළ සැපයුම්කරුවන් බැංකු සහ සැපයුම් හේතූන් මත නියමිත වේලාවට බෙදා හැරීම් සිදු කිරීමට නොහැකි වීම පිළිබඳව දන්වා ඇති බව තමන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීයැයි විෂය බාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු ඒ පිළිබඳව තම කනගාටුව පළකරන බවයි කියන්නේ.“මීළඟ නැව්ගත කිරීම් වරායේ සිට ගොඩබෑම දක්වා පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ. සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින අතර ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරමි.මේ වන විට CPC හට නව වර්ධනයන් සමඟ නැව්ගත කිරීම් පැමිණීමේ දිනයන් තහවුරු කිරීමට නොහැකි වී ඇත. මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමනු ඇත. අපි සියලුම නව සහ දැනට සිටින සැපයුම්කරුවන් සමඟ වැඩ කරන්නෙමු. ප්‍රමාදය සහ අපහසුතාවයට මම සමාව අයදිමි” යි සිය ට්වීට් හී සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා මීට පෙර කීයා සිටියේ ඇමැතිවරයා ඉන්ධන නැවක් එන බව සදහන් කළද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවකි.
3) At the moment CPC is not able to confirm the arrival dates of the shipments with the new developments. Refinery operations will be temporarily closed until the next crude shipment. We are working with all new and existing suppliers. I Apologize for the delay and inconvenience.
— Kanchana Wijesekera (@kanchana_wij) June 25, 2022









