හුන්නස්ගිරිය – මී මුරේ මාර්ගයේ ලුල්වත්ත ප්‍රදේශයේ අද (25) පස්වරුවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තරුණියක් මියගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන් මැද මහනුවර රෝහලට ඇතුළත් කළ බවය.
මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියකි.
ඔවුන් කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර විනෝද චාරිකාවක් සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලීසිය පැවසුවේ ය.
පොලීසිය සඳහන් කළේ, වෙනත් වාහනයකට මාර්ගයේ ඉඩ ලබාදෙන අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවය.










