• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නූතන රෝසියට පින් සිදුවන්න වසර 100ක් කොළඹ ලස්සන කළ වික්ටෝරියා රැජිනියනි, විහාරමහාදේවියනි ඉතින් ආයුබෝවන් ඔබට…

June 19, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
නූතන රෝසියට පින් සිදුවන්න වසර 100ක් කොළඹ ලස්සන කළ වික්ටෝරියා රැජිනියනි, විහාරමහාදේවියනි ඉතින් ආයුබෝවන් ඔබට…
Share on WhatsAppShare on Facebook

මහත්තයා, මම පසුගිය දවසක රාත්‍රී නින්දේදී හරිම සතුටට පත්වෙච්ච හීනයක් දැක්කා. බොහෝ වෙලාවට භයානක හීන දකින එකේ මේක එහෙම එකක් නෙවෙයි. හරිම සුබවාදී, සතුටුදායක හීනයක්. පාන්දර දෙකට විතර වෙලාව වෙන්න ඇති. මම මේ හීනය දැකලා කලබල වෙලා සතුටින් ඇහැ ඇරුණා මහත්තයා. මට හීනෙන් පෙනුණේ දවස් ගානක් පෙරුම් පුරමින් සිටි ‘ගෑස් බැරල්’ එකක් මට ලැබිලා තියෙනවා කියලයි. ඒත් දෙවියනේ කොහෙද..? ඒක වෙන්න බැරි දෙයක් නිසා මගේ හිත එක පාරටම වේදනාවෙන් කඩාගෙන වැටුණා. මම දැැන් දවස් 05ක් මගේ ගෑස් බැරල් දෙකක් ගන්න ගෑස් පෝලිමේ තියලා තියෙනවා. ඒක ගන්න වෙනම තවත් රුපියල් 2,500ක් දෙන්නත් ඕනෑ. උදේ, රෑ ගෑස් පෝලිම්වල නිදිමරන බ්‍රෝකර් අයට සල්ලි දීලා තමයි ගන්නේ. අනේ මහත්තයෝ මේක මොන පාපකර්මයක්ද..? අපිට මේ දවස්වල හීනෙන් පේන්නේ ගෑස් තමයි, මෙහෙම හීන පෙනුණේ කවදද..? හෙට අනිද්දාම අපිට තව, තව හොඳ හීන පෙනේවී. ඉස්සර අපි හීන දැක්කේ ලොකු ‘ස්වීප් ටිකට්’ එකක් ඇදෙනවා වගේ ඒවා. ඒත් දැන් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් ලැබෙනවා වගේ අරුම පුදුම හීන පේනවා. එහෙම නැත්නම් සහල් මල්ලක් හරි එළවළු මල්ලක් හරි ගෙනැල්ලා දෙන හීන වගේ ඒවත් පේනේවි. ඒත් වැඩේ තියෙන්නේ ඒවා එකක්වත් ඇත්තට වෙන්නේ නැති එකයි.

මෙම අපූරු, රසබර කතාව මට කියන්නට ගත්තේ කොට්ටාවේ අපගේ නිවෙස ආසන්නයේ පිහිටා ඇති නිවෙසක වෙසෙන වැඩිහිටි මිනිසෙකි. ඔහු හෝ මම හෝ මෙම කතාව කියා සිටියේ, මේ ලිපිය කියවන ඔබව රවටා තබන්නට නොවේ. මෙයට මාස 04කට පෙර එක්තරා පුද්ගලයකු මට කියා සිටියේ, ඔහු ගෑස් බැරල් එකක් මිලදී ගැනීමට ගෑස් ලොරියක් පිටුපස තම යතුරුපැදියෙන් කිලෝමීටර් 20ක් පමණ කඩවල් රාශියකට හඹාගිය කතාවකි. මේ අතර අප රටේ අලුත්ම සමීක්‍ෂණ තත්ත්වයකින් හෙළිවී ඇත්තේ, මෙරට මිනිසුන්ගෙන් 85%ක්ම ඉතා අඩුවෙන් ආහාර පාරිභෝජනය සිදුකරන බැව්ය. එනම් ආහාර උද්ධමනය නිසා ඇතිව තිබෙන දරිද්‍රතාවය හේතුවෙන් ආහාර මිලදී ගැනීම සඳහා නිසි වත්කමක් ජනතාවට නොමැත. ඒ ආකාරයට බලන විට මෙරට හරියට ‘බඩ පිරෙන්න’ ආහාර ලබාගන්නේ 15%ක් පමණ වූ සුපිරි ධනපති පන්තිය පමණකි. අනෙක් මිනිසුන්ට දෙවියන්ගේම පිහිටය. මෙය කොතරම් ඛේදවාචකයක්ද..?

අද මෙවැනි ශෝචනීය වටපිටාවකදී රට ගිලී තිබෙන්නේ සාමාන්‍ය අගාධයක නොව ලොව ඇති විශාලතම අගාධය වන ‘මරියානා අගාධයේ’ය. ‘මරියානා අගාධයේ’ ගිලුණොත් ගිලුණාම මිස, නැවැත ගෙඩ එන්නට බැරිය. ජනතාවගේ මෙම මහා ශෝකාන්තය ගැන සොයා බලන්නට එකදු නිවට, නිගන්ඨ පාලකතන්ත්‍ර දේශපාලකයකු නොමැති මෙම මොහොතේ, පසුගියදා තවත් අපූරු පුවතක වගතුගක්ද ඇසෙන්නට විය. එය නම් මෙරට ජනතාව මහා ආහාර සාගතයකට මුහුණ දෙමින් සිටින විටදී එයට විකල්පයක් ලෙස සිදුකරන්නට යන එක්තරා අමුතුම ආකාරයේ වැඩපිළිවෙළකි. මෙම වගතුග පසුගියදා අසන්නට වූයේ කොළඹ මහනගර සභාව තුළිනි. වර්තමානයේ කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කරන රෝසි සේනානායකගේ ප්‍රකාශයක් හරහා මෙම පුවත එළිදැක්වෙන්නට විය.

කුමක්ද මේ වගතුග..?

‘විහාරමහාදේවි උද්‍යානය’ නොහොත් මෙයට කලකට පෙර හැඳින්වූ ‘වික්ටෝරියා පාර්ක්’ නැමැති සුවිශේෂී ස්ථානය මෙරට ජනතාව බොහෝ දෙනෙකු හොඳින් හඳුනන ස්ථානයකි. විශේෂයෙන්ම කොළඹ අගනුවර සහ එම තදාසන්න ප්‍රදේශවල ජනයා මෙම බිම්කඩ බොහෝ හොඳින් හැඳුනති. මෙම ඓතිහාසික වටපිටාවක් ඇති දර්ශනීය ස්ථානය සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇත්තේ, ජනතාවට විවේක සුවයෙන් සහ සතුටින් කාලය ගතකිරීම සඳහා නිර්මාණය වූ ස්ථානයක් ලෙසිනි. දැනට වසර සියයකට ආසන්න කාලයක් පුරා එම බිම්කඩ එවැනි ප්‍රයෝජනයක් සඳහා භාවිතයට ගැනිණි. එහෙත් මෙයට දින කිහිපයකට පෙරදී මෙම විහාරමහාදේවී උද්‍යානය ගැන අසන්නට ලැබුණේ අපූරු පුවතකි. එනම් මෙම උද්‍යානයේ ඇතුළත දැනට අලංකරණය කර ඇති විශාල බිම්කඩක් භාවිත කරමින්, එම ප්‍රදේශය තුළ විවිධ එළවළු වර්ග වගා කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළකි. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් මෙය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කළ බැව්ද වාර්තා විය. ඇය මෙම යෝජනා ක්‍රමය දියත් කර ඇත්තේ, මේ වන විට කොළඹ ප්‍රදේශවාසීන්ට මුහුණ දීමට සිදුවී ඇති උග්‍ර ආහාර හිඟයට පිළියමක් වශයෙන් යැයි කරුණු ප්‍රකාශ විය. ඇය මේ සඳහා විහාරමහාදේවී උද්‍යානයට අයත් විශාල බිම්කඩක් මෙන්ම, තවත් කොළඹ නගර සභාවට අයත් කොළඹ නගරය තුළ ඇති හිස් බිම් ප්‍රදේශද තෝරාගෙන ඇත. ඒ අනුව එම භූමිය අක්කර 10ක් පමණ ඉතා විශාල භූමියක් වනු ඇතැයි ප්‍රකාශ විය. කෙසේ හෝ මෙම වැඩපිළිවෙළ ගැන පුවත් ඇසුණු විටම, එය සමාජය තුළ මහතා ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය.

එසේ වන්නට හේතු වූයේ ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගෙනය. එනම් පරිසර නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ, අක්කර 10ක වැනි කොළඹ නගරය තුළ ඇති විශාල බිම්කඩක මෙසේ භෝග වගා කළහොත් අනිවාර්යයෙන්ම කෘමි උවදුර සහ මී උවදුර වර්ධනය වන්නට ඉඩ ඇති බැව් පෙන්වා දී ඇත. එවැන්නක් පැතිර ගියහොත් විශාල ලෙස වසංගත රෝග තත්ත්වයක් පවා කොළඹ නගරය තුළ ඇති විය හැකි බැව් මෙම පරිසර නිලධාරීන් පෙන්වාදී ඇත. එසේම පරිසර අලංකරණයට අදාළ පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ, දැනට දර්ශනීය ලෙස සකසා නඩත්තු කරනු ලබන විහාරමහාදේවි උද්‍යානයේ බිම්කඩ තුළ විවිධ භෝග සිටවනු ලැබුවහොත් එය දර්ශනීයත්වයට විශාල බාධාවක් වනු ඇති බවත්ය. ආර්ථික සහ සමාජයීය ප්‍රශ්න හේතුකරගෙන එවැන්නක් සිදුකළත්, ජනතාව උදෙසා කොළඹ තිබෙන එකම විශාල උද්‍යානය මෙම විහාරමහාදේවී උද්‍යානය හෙයින්, එහිදී ජනතාවට භාවිත කළ හැකි බිම්කඩ ඉතා සීමාවන බැව්ය. එසේම භෝග වගාවේදී නිරන්තරයෙන්ම කාලීනව එම ඉඩම් ශුද්ධ පවිත්‍ර කිරීම මෙන්ම කැපීම, කෙටීමද සිදුකිරීමට වන බැව් එම පරිසර අංශ පෙන්වාදී ඇත.

වර්තමානයේදී මෙවැනි වටපිටාවකට මුහුණ දී සිටින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ අතීත වගතුග කුමක්ද..?

මෙම සුවිශේෂී උද්‍යානයේ අතීත කතාව වසර 100ක් පමණ පැරැණි එකකි. එනම් එම අතීතය දිව යන්නේ ඉංග්‍රීසි (බි‍්‍රතාන්‍ය) සුදු අධිරාජ්‍යවාදී පාලන සමය වෙතය. එකල මෙම උද්‍යානය හඳුන්වනු ලැබුවේ ‘වික්ටෝරියා උද්‍යානය’ නොහොත් ‘වික්ටෝරියා පාර්ක්’ ලෙසිනි. මෙම බිම්කඩ තුළ මුලින්ම යම් කටයුතු අරඹනු ලැබුවේ 1927 වසරේදී යැයි සඳහන් වෙයි. එහෙත් එය මහජනතාව වෙනුවෙන් ඉදිවුණු උද්‍යානයක් ලෙසින් නොවේ. එනම් මුළුමනින්ම අක්කර 50කට ආසන්න බිම්කඩක් මෙම ප්‍රදේශයට අයත් වෙයි. දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වීමට ප්‍රථම, එනම් 1939ට පෙර සිටම මෙම ස්ථානය ගැන අතීත කරුණු සඳහන්ව ඇත. එනම් මුලින්ම විශාල තුරුලතාවලින් පිරුණු මෙම බිම්කඩෙහි යම් ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇත්තේ ඉංග්‍රීසි සුදු පාලකයන්ගේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙසින් භාවිත කිරීමටය. ලොවට ක්‍රිකට් ක්‍රීඩාව බිහිවූයේ මහා බි‍්‍රතාන්‍ය නොහොත් එංගලන්තයෙනි.

මේ අනුව එකල මෙරට සිටි සුදු පාලකයන් විසින් ලංකාවටද ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන්නේය. එනම් මෙම උද්‍යානයේ සකස් කරන ලද ක්‍රිකට් පිටියක ක්‍රිකට් ක්‍රීඩා තරග පැවැත්වීම් සිදුකර ඇත. ඒ අනුව එකල ලංකා ක්‍රිකට් කණ්ඩායමක්ද බිහිවී තිබිණි. ආදි වාර්තාවලට අනුව 1927 වසරේදී එංගලන්තයේ සිට පැමිණි ක්‍රිකට් කණ්ඩායමක් සමග එම ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම උiාන පිටියේදී ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් පවත්වා ඇත. එකල මෙම ක්‍රිකට් තරග හඳුන්වාදී ඇත්තේ ‘First Class Cricket’ (පළමු පන්තියේ ක්‍රිකට්) ලෙසිනි. එම තරගයෙන් පසුව නැවැත 1935 වසරේදීද ලංකාවට පැමිණි ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමද සමග මෙම පිටියේදී තරගාවලියක් පවත්වා ඇත. මෙවැනි කිසිදු කලබලකාරී වටපිටාවකින් තොරව සතුටින් කාලය ගෙවී යන විටදී, 1939 වසර වන විට මහා යුද අර්බුදය ඇරැඹෙන්නට පටන්ගත්තේය. එනම් ‘දෙවැනි ලෝක මහා යුද්ධය’ ආරම්භ වූ අතර, එකල ඉංග්‍රීසි පාලන සමය යටතේදී මෙම යුද තත්ත්වය ලංකාවටද ප්‍රබලව බලපාන්නට ගත්තේය. ඒ අනුව මෙම උද්‍යානයද විවිධ හමුදාමය කටයුතු සඳහා භාවිත කරන්නට ගත්තේය. අතීත වාර්තා ඒ බැව් සඳහන් කර සිටියි.

මේ අනුව එකල මෙම ඓතිහාසික උද්‍යානය හඳුන්වා ඇත්තේ ‘වික්ටෝරියා උද්‍යානය’ ලෙසිනි. එනම් එකල මහා බි‍්‍රතාන්‍ය (එංගලන්තය) පාලනය කළ අධිරාජිනිය වූයේ වික්ටෝරියා මහ රැජිනයි. ඇයගේ නාමය සිහිකරනු වස් ඉංග්‍රීසි පාලකයන් විසින් මෙම උද්‍යානය ‘වික්ටෝරියා පාර්ක්’ ලෙසින් සඳහන් කෙරිණි. කෙසේ හෝ 1939 දෙවන ලෝක යුද්ධය ඇරැඹීමෙන් පසුව, මෙම වික්ටෝරියා උද්‍යානය තුළ බි‍්‍රතාන්‍ය හමුදාවේ සහ ඕස්ටේ්‍රලියානු හමුදාවේද හමුදා ඛණ්ඩ ස්ථාපිත කරන ලදී. දෙවැනි ලෝක යුද්ධයට අදාළ බොහෝ මෙහෙයුම් කටයුතු කොළඹ අගනගරය හරහා සිදුවූ හෙයින් මෙම විදේශීය හමුදා මෙම උද්‍යානය තුළ ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය විය. කෙසේ හෝ 1945 වසරේදී දෙවන ලෝක මහා යුද්ධය නිමාවන තෙක්ම විවිධ හමුදාමය කටයුතු උදෙසා ‘වික්ටෝරියා උද්‍යානය’ භාවිත කිරීම සිදුකෙරී ඇත. යුද්ධය නිම වීමෙන් පසුව නැවැත හමුදා කඳවුරු සියල්ල ඉවත් කර, අලුත්වැඩියා කර උද්‍යානය මහජන භාවිතය උදෙසා ගනු ලැබීය. එසේ වුවද මෙම උද්‍යානය සම්පූර්ණ වශයෙන් මහජන උද්‍යානයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ 1951 වසරේදීය.

‘වික්ටෝරියා උද්‍යානය’ ආරම්භ කෙරුණු මුල් සමයේදී ‘බි‍්‍රතාන්‍ය ලංකාවේ’ (British Ceylon) සිටි සුදු ජාතික පාලකයා වූයේ, ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං (Sir Willian Henry Manning) වූ අතර, ඔහු ලංකාව එකල වසර 6 1/2ක දීර්ඝ කාලයක් පුරාම පාලනය කළේය. දැනට කොළඹ ඇති මැනිං වෙළෙඳපොළ නම් කර ඇත්තේ ඔහුගේ නමින් වන අතර, එය දැන් නවීකරණය වී පෑලියගොඩ ප්‍රදේශයේද පිහිටුවා තිබෙයි.

මෙම බි‍්‍රතාන්‍ය ජාතික අග්‍රාණ්ඩුකාරයා මෙරට සිටි දක්‍ෂ පරිපාලකයකු විය. කෙසේ හෝ ඉන්පසුව වික්ටෝරියා උද්‍යානයේ සංවර්ධන කටයුතු තවත් සුදුු අග්‍රාණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු යටතේද සිදුකෙරී ඇත. තත්ත්වය එසේ වුවද මෙහි ඉහත සඳහන් කළ ආකාරයට, මෙම ‘වික්ටෝරියා පාර්ක්’ උද්‍යානය පොදු ජනතා උද්‍යානයක් ලෙස විවෘත වන්නේ 1951 වසරේදීය. එනම් එවකට ලංකාවේ (සිලෝන්) ප්‍රථම අගමැතිවරයා වූ ඩී. එස්. සේනානායක මහතාගේ පාලනය යටතේදීය. එකල ලංකාවට බි‍්‍රතාන්‍යයේ පාලකයන්ගෙන් 1948 දී නිදහස හිමිවී වසර 03ක් පමණ ගෙවී තිබිණි. එසේ වුවද එකල බි‍්‍රතාන්‍ය රාජ පාලනය යටතේ වූ බොහෝ දේ නොවෙනස්ව පැවැතිණි.

එවැනි වටපිටාවක් යටතේ මෙම මහජන උද්‍යානයේ නාමයද තවත් වසර 07ක පමණ කාලයක් පුරා ‘වික්ටෝරියා උද්‍යානය’ ලෙසට වෙනස් වූයේ කෙසේද..? කුමන කාලයකද..? එවකට 1958 වසරේ ජූලි 18 වැනිදා මෙම නාමය වෙනස් කිරීම සිදුකර ඇත. එනම් එම සමය අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමය විය. කෙසේ හෝ මෙම මහජන උද්‍යානය සඳහා එවකට තිබුණු වික්ටෝරියා මහ රැජිනගේ නාමය වෙනුවට, සිරිලක වීර කාන්තාවක් ලෙසින් ප්‍රකටත්වයට පත්ව සිටි විහාරමහාදේවී රැජිනගේ නාමය භාවිත කළ යුතුයැයි යෝජනා විය. විහාරමහාදේවිය යනු දුටුගැමුණු මහ රජතුමාගේ මවුතුමිය බැව් ලක් ඉතිහාසය කරුණු කියාපායි. දැනට විහාරමහාදේවී උද්‍යානයේ ප්‍රධාන දොරටුව ආසන්න ස්ථානයේ ගොඩනඟා තිබෙන රන් පැහැය ආලේපිත බුද්ධ ප්‍රතිමාව තිබෙන ස්ථානයෙහි අතීතයෙහි තිබී ඇත්තේ වික්ටෝරියා මහ රැජිනගේ ප්‍රතිමාවක් බැව් පැවසෙයි. එහෙත් පසුව එය ඉවත්කර මෙම බුද්ධ ප්‍රතිමාව එතැන ස්ථාපිත කර ඇත. කෙසේ හෝ විහාරමහාදේවී රැජිනගේ දර්ශනීය ප්‍රතිමාවක්ද මෙම උද්‍යානය තුළ ගොඩනඟා ඇත.

වසරේ 365 දවසම විවෘතව ඇති, මහජනතාවට නොමිලයේ පරිහරණය කර හැකි මෙම උද්‍යානය තුළ නිදහසේ, විනෝදයෙන් කාලය ගතකිරීම සඳහා දහස් ගණනක ජනතාවක් නිරන්තරයෙන් පැමිණෙයි. මෙම උද්‍යානයේ සියලු පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ කොළඹ නගර සභාව යටතේය. කෙසේ හෝ මෙයට දශක තුනකට පමණ ඉහතදී මෙම උද්‍යානය තුළ නිසි කළමනාකාරිත්වයක් නොවීය.

ඉතාමත්ම අවිනීත අයුරින් හැසිරෙන පෙම්වන්තයන්, ගණිකාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, සොරුන්, මංපහරන්නන්, ඉබාගාතෙ යන මිනිසුන්, දාමරිකයන්ගෙන් මෙම උද්‍යානය පිරී පැවැතිණි. එහෙත් පසුගිය 2014 වසරේදී එවකට ආරක්‍ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම උද්‍යානය නවීකරණය කර, බොහෝ උසස් තත්ත්වයට පත්කරන ලදී. යුද හමුදා සාමාජිකයන්ගේ මෙහෙය ඒ සඳහා ලබාගත් අතර, උද්‍යානය භාවිත කරන්නන්ගේ ආරක්‍ෂාවද සලසන ලදී. එය සැබෑ ලෙසම අගය කළ යුතු මෙහෙවරකි. මේ ආකාරයට ‘විහාරමහාදේවී උද්‍යානය’ වටා ගෙතෙන කතා බොහෝය. එහි අලුත්ම කතාව වන්නේ අද, හෙටම එම බිම්කඩේ භෝග වගා කිරීමට යන වගතුගයි. කොළඹ නගරාධිපතිනිය ‘උද්‍යානය’ යන වදනට ‘එළවළු උද්‍යානය’ යනුවෙන් වෙනස් කරයිද..?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අපි ඔක්කොම ඉන්නේ කූඩුවේ! ඕනෑම වේලාවක පුපුරන්න පුලුවන්! සනත් ජයසූරිය පොලිසියට අනතුරු අඟවයි!

Next Post

වැලි ටිපර් එකේ ආ තාත්තාට පහර දී 13 හැවිරිදි පුතාගේ ඔළුවට වෙඩි තියලා!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.