යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගය වවුනියාව දෙමළ මහා විද්‍යාලය අසලින් අවහිර වී තිබේ. ඒ, ඉන්ධන ඉල්ලා වවුනියාවේ ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙනි. අද උදෑසන 6.30 පමණ සිට ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.
යාපනය දක්වා ගමන්ගත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයකට ධාවනය කිරීමට නොදී විරෝධතාකරුවන් මාර්ගය අවහිර කර සිටි බව ද දැනගන්නට ඇත.
කෙසේවෙතත් හමුදාව පැමිණ එක් අයකුට රුපියල් 500ක ඉන්ධන ලබා දීමට පියවර ගැනීමත් සමග තත්ත්වය සංසිදුණු බව වාර්තා වේ.










