• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම සාෆිට ගහන අතර රටක් ජාතියක් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කියපු මව්රට…

June 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔක්කොම සාෆිට ගහන අතර රටක් ජාතියක් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කියපු මව්රට…
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය ෂාෆි තමන්ට ලැබුණු හිඟ වැටුප වූ රුපියල් ලක්ෂ 26ක මුදල යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තිබුණේ එයින් හිඟ බෙහෙත් වර්ග ගෙන්වා ගන්නා ලෙස සඳහන් කරමින් බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේය. මේ වාර්තා සමග ෂාෆි වීරයෙක් බවට පත්විය. ෆාෂි විසින් ලබාදුන් වඳ බෙහෙත් සම්බන්ධව හෝ ෂාෆි විසින් වඳ කළ කාන්තාවන් සම්බන්ධව යළි කිසිවෙක් වාර්තා කළේ නැත. කිසිවෙක් ඒ ගැන කතා කළේද නැත. නමුත් ලැජ්ජා බය පැත්තක තබා ඡන්ද ප්‍රතිඵල කියන්නා සේ ෂාෆිගේ සැත්කම් හේතුවෙන් වඳ වූ කාන්තාවෝ එක එකා පේළියට වාර්තා කරමින් දිනෙන් දින අලුත් කරමින් ගණන් කියමින් පොලිසියට පැමිණි බවට වාර්තා කරමින් වහසි බස් දෙඩූ මාධ්‍ය දැන් කියන්නේ කුමක්දැයි අප දන්නේ නැත. බොහෝ දෙනෙක් සියලු මාධ්‍යයන්ට එක හැන්දෙන් බෙදමින් තිබේ. බොහෝ දෙනෙක් කියන්නේ ෂාෆිට විරුද්ධව මාධ්‍ය විසින් හඬ නැගූ බවය. ෂාෆිට විරුද්ධව මාධ්‍ය විසින් නිර්ලජ්ජිත මෙහෙයුමක් දියත් කළ බව ඇත්තය. නමුත් ෂාෆිට එරෙහිව මාධ්‍ය මෙහෙයවූයේද, ෂාෆිට එරෙහිව මාධ්‍ය ඒ මොහොතේ නැගී සිටියේද මේ දේශපාලන මාෆියාකාරයන්ගේ උපක්‍රම නිසාමය. ඒ නිසා හුදෙකලා කොට මාධ්‍යයට පහර දීමෙන් පමණක් ෂාෆිලා නිදොස් කොට නිදහස් කරගත නොහැකිය. ෂාෆි ඇතුළු ලංකාවේ බොහෝ මුස්ලිම්වරු මේ නිර්ලජ්ජිත දේශපාලන ව්‍යාපාරය නිසා පීඩාවට පත්වූහ.

වෛද්‍ය ෂාෆිත් ඔහුගේ පවුලේ අයත්, බිරියත්, දරු දෙදෙනා ඇතුළු සියල්ලන්ගෙන්ම හරි නම් ජාතිය සමාව ගත යුතුය. ඒ, ඔවුන්ගේ ජීවිතය අවුරුදු ගාණක් තිස්සේ අන්ත අසරණ කළාටය. ඔවුන්ට කටඋත්තර නැති වන සේ බොහෝ දෙනෙක් ප්‍රශ්න නිර්මාණය කළ නිසාය. ෂාෆිගේ දරුවන්ට පාසල් යන්නට නොහැකි විය. හයේ පන්තියේ හෝ අටේ පන්තියේ සිටි දරුවා පවා මේ ප්‍රශ්නයෙන් දැඩි පීඩාවට පත් කළේය. ෂාෆිගේ බිරිය ඇතුළු බොහෝ දෙනකුට ජීවිතය පිළිබඳ තිබුණේ භයානක අසුබ සිහිනයක පෙරනිමිති පමණි. ඒ බව අප සමහර ප්‍රවෘත්ති ඔස්සේ සහ සමහර විශේෂාංග ඔස්සේ ඔබට කීවෙමු. ඒ සියල්ල අපි ඔබට කීවේ ෂාෆිගේ පැත්තක් ගන්නට නොවේ. ලියුම්කරු වන මම ෂාෆිව ඇහින් දැකවත් නැත. ෂාෆි සමග වචනයක් හෝ කතා කොට නැත. නමුත් අපි ෂාෆිටත් නොදන්වා කිසිවෙකුට නොකියා කුරුණෑගල රෝහලට රහසේ පැමිණ ෂාෆි ගැන රෝහලේ වූ මතය ඔබට කීවෙමු. ඒ කීවේ ෂාෆි සාධාරණ මිනිහෙක් කරන්නට හෝ ෂාෆි ගොඩ දාන්නට හෝ නොවේ. අපට අවශ්‍යව තිබුණේ රට ගිනි තියන එක නතර කරන්නටය. රට ගිනිගන්නා එක නතර කරන්නටය. රට නිවන්නටය. රට නිවන්නට අවශ්‍ය වූ සියලු දේ අපි කරන විට අද පාර්ලිමේන්තුවේ වැඩකිඩ පෙන්වන ඇමැතිවරුන්ව සිටින, එදා දේශපාලනයට නොපිවිස සිටි මහාචාර්යවරු පවා අප සමග සටනට පැමිණියහ. ඔවුන් කීවේ අප දන්නා මඟුලක් නැත කියාය. එය ඇත්තය. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අප දන්නා මඟුලක් නැත. නමුත් මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඒ අය දන්නා මඟුලක්ද නැත. ඔවුන් සහ අප විසින් නිරවුල් කරගත යුතු ප්‍රශ්නයකි. එදා මාධ්‍ය අවිය කොට ගෙන අහිංසක මාධ්‍යවේදීන් තුරුම්පු කොට ගෙන මාධ්‍යවේදීන් ලවා ෂාෆිට ගැස්සවූයේ ෂාෆි සමග එක පැත්තකින් තිබූ පෞද්ගලික පලහිලව්වක් නිසාය. අනෙක් පැත්තෙන් ජාතිවාදය සිය වෙස්මුහුණ කරගත් වෙසමුණියලා වෙස්වළාගෙන පැමිණ මේ රට ගිනිතියන්නට අවශ්‍ය සියලු උපායමාර්ග නිර්මාණය කරමින් සිටි නිසාය. ඉන් පීඩාවට පත්වූයේ ෂාෆි පමණක්ම නොවේ.

ෂාෆිට හිඟ වැටුප් ලැබුණේය. ෂාෆි නිදහස් විය. වඳ කොත්තු නිසා කෑම කන්නට මිනිසුන් පය නොතැබූ හෝටල්වලට හිඟ වැටුප් ලැබුණේ නැත. වඳ කොත්තු කතන්දර නිසා වසාදමන්නට සිදුවූ කඩවලට යළි කවුරුත් මුදල් ගෙවන්නට ගියේ නැත. වඳ බෙහෙත් පෙති ඇතැයි කියමින් අවුරුදු කාලයේ රෙදි ගන්නට නොයන ලෙස රටේ රැල්ලක් හැදීම නිසා රෙදි කඩවලට වූ පාඩුව ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. නමුත් දැන් මිනිසුන්ට සත්‍යය වටහා දිය යුතුය. එදා අවශ්‍යව තිබුණේ මේ රැල්ල නිර්මාණය කරන්නට පමණකි. මේ රටේ දේශපාලකයන්ට අවශ්‍යව තිබුණේ ජාතිවාදය උලුප්පා ගන්නටය. ජාතිවාදය තරම් රසබර බයිට් එකක් ඒ අයට නැත. ජාතියවාදය අප ඉදිරියේ දමාගැසූ විට අප ජාතිය පෙරටු කොට ගෙන අපේ ජාතිය, අපේ ආගම යැයි කියාගනිමින් ඉදිරියට එන්නේ නොදන්නාකමටය. එය ගොන්කමය. මේ ගොන් මිනිසුන් ඉන් පසු අපේ ජාතියේ නායකයා පාර්ලිමේන්තු යවන්නට සූදානම් වෙයි. අපි වෙනුවෙන් හඬ නගනා නායකයා පාර්ලිමේන්තු යවන්න සූදානම් වෙයි. හෙළ බස රැස ගැන බයිලා කියා අන්තිමට අන්‍ය ජාතිකයන්ගේ පිහිටෙන් තමන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කරගන්නා සෙප්පඩ විජ්ජාකාරයෝ අපිව එදත්, අදත් ගොනාට ඇන්දෙව්වේය. ෂාෆිගේ කතන්දරයේ අවසාන තීරණය ඒකය.

ෂාෆිට සාපේක්ෂව තවත් වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් සම්බන්ධව පේරාදෙණිය රෝහලේදීද එවැනි කතාවක් මතුව ආවේය. අපි පේරාදෙණියටත් ගියෙමු. ප්‍රේමලාල් විජේරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාද මේ කතන්දර අස්සේ මේ පිළිබඳ සොයා බලමින් ඇමතුම් ගනිමින් දැඩි වෙහෙසකට පත්වූ මාධ්‍යවේදියෙකි. ඔහු නිරන්තරවම මේ පිළිබඳ සත්‍ය වාර්තා කළේය. සත්‍යය විමසා සිටියේය. සත්‍යය සොයා ගියේය. ඔහුත්, අපත් කළ විශාල කැපකිරීමක අවසන් ඵලය දැන් මේ රට විසින් භුක්ති විඳිමින් හිඳී. ඒ පිළිබඳ අප අවංකවම සතුටු වෙමු. ඉන් සතුටු වන්නට හේතුවක් තිබේ. ඒ, මේ රට අපේ රට නිසාය. මේ රට එක එකා කෑලිවලට කඩා බෙදා වෙන්කරගෙන තම තමන්ගේ බූදලය කොට ගෙන තමන්ට අවශ්‍ය පරිදි කඩාවඩාගෙන බඩ වඩාගන්නා තැනට පත් වූ විට අපට සිදුවන්නේ කරබාගෙන කුසගින්නේ සිටින්නටය. දැන් රටට සිදුව ඇත්තේ ඒකය. ෂාෆිලාගේ මුදලින් බෙහෙත් ගෙන්වා ගන්නට මේ රටට අවශ්‍ය නැත. ෂාෆිගේ හිඟ වැටුප ෂාෆිට හිමිවිය යුතුය. ෂාෆිට සිදුවූ අවමානයට හරි නම් රජය හෝ වෙනත් කිසිවෙක් හෝ වන්දි ගෙවිය යුතුය. ෂාෆිගේ ජීවිතය අපි සෙල්ලමක් කරගත්තෙමු. ෂාෆිටත් වඩා ෂාෆිගේ දරුවන්ගේ ජීවිත අපි සෙල්ලමක් කරගත්තෙමු. ඒ පිළිබඳ මාධ්‍යවේදීන් ලෙස අපට ඇත්තේ අවංකවම ආඩම්බරයකි. ඒ, වෙන කිසිවක් නිසා නොව. ලංකාවේ බොහෝ මාධ්‍ය ෂාෆිට එක පැත්තක් ගෙන පහර දෙද්දී අපේ කර්තෘ තුෂාර ගුණරත්න මහතා ඇතුළු බොහෝ දෙනෙක් හුදෙකලාව සටන් කළ නිසාය. අප මහා පත්තරයක් නොවන නමුත්, අපට ලොකුවට සල්ලි නැති නමුත්, අපි එදා කොන්ද කෙළින් තබාගෙන නගර ගම් නියම්ගම් සිසාරා ඇවිදිමින් බොහෝ දේ සොයාගනිමින් සත්‍යය රටට කීවෙමු. අප කී සත්‍යය අද අධිකරණය වාර්තා කොට තිබේ. එදා අප සමාජ මාධ්‍ය අතර හුදෙකලා පත්තරකාරයෝ වූයෙමු. බොහෝ දෙනෙක් අපට එරෙහිව හඬ නැගූහ. අපට දරුණු වාග් ප්‍රහාරවලට ලක් වන්නට සිදුවිය. දරුණු අපහසුතා විඳදරා ගන්නට සිදුවිය. දරුණු ලෙස අපහාස විඳින්නට සිදුවිය. දැන් ඒ අපහාස සියල්ල කුමන කතන්දරයක් දැයි ඔබටද අපටද සියල්ලන්ටමද වැටහෙමින් තිබේ.

මේ උදාවෙමින් තිබෙන්නේ ජීවිතයේ නරකම කාලයක් නමුත්, අප පත්තරකාරයෝ ලෙස ෂාෆි ගැන ඔබට කී කතාව යළි ඔප්පු වීම ගැන ආඩම්බර වෙමු. ෂාෆි නිදොස් කොට නිදහස්ය. හිතාදර මාධ්‍යවේදීනි, ලංකාවේ දේශපාලකයෝ ඔබ අප උන්ට අවශ්‍ය විදියට මෙහෙයවා උන්ගේ දේශපාලනික ඉලක්ක වෙත යන්නේ තමන්ගේ දරු මුනුබුරන්ගේ අනාගතය සාක්ෂාත් කරගන්නට මිස, රටට හෙටක් තනන්නට නොවන වග අප මෙතැන් සිටවත් හිතන්නට පටන් ගනිමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…

Next Post

ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම සහ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිසංස්කරණය…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.