• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දසුන්ගේ ගිනිකෙළි මැද ලෝකෙට ගිය බඹර චක්කරේ…

June 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
දසුන්ගේ ගිනිකෙළි මැද ලෝකෙට ගිය බඹර චක්කරේ…
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් කියන්නේ පිස්සුවක්. ඒ පිස්සුව හැදුණු මිනිස්සු දන්නවා ඒකෙ තියෙන අමාරුව. පුංචි කාලෙ බැටරි දාන රේඩියෝ එකක් ඇඳ උඩ තියාගෙන එළිවෙනකන් මැච් අහපු අපට ඒ පිස්සුව ගැන අලුතෙන් පාඩම් උගන්වන්න දෙයක් නෑ. එකහමාරට ඉස්කෝලෙ ඇරිලා ගෙදර දුවගෙන එන්නේ කාගෙ හරි ටී.වී. එකකින් මැච් එක බලන්න හිතාගෙන. ටී.වී. එකක් නැත්නම් රේඩියෝ එකෙන් හරි මැච් එක අහනවා. ටෙස්ට් මැච් එකේ ඉඳලා හැම මැච් එකක්ම ප්‍රේමසර ඈපාසිංහගෙ කටහඬින් අහපු, අනුන්ගෙ ගෙවල්වලට ගිහින් මැච් බලපු පුළුවන් හැම වෙලාවකම කොහෙ හරි පිට්ටනියකට බැහැලා සෙල්ලම් කරපු, ගෙදර බිත්තිවල පාට වෙනස් වෙනකන් ටෙනිස් බෝලෙ බිත්තියට ගගහා බැට් එකෙන් තනියම ක්‍රිකට් මැච් ගහපු අපිට ක්‍රිකට් කියන්නේ පිස්සුවක්ද නැද්ද කියන එක කියලා දෙන්න ඕනෙ නෑ. දිගින් දිගට පරදිනකොට කරගන්න දෙයක් නැති වෙනකොට, අන්ත අසරණ වෙනකොටත් ඉවසගෙන ටෙස්ට් මැච් එක පවා බලපු මිනිස්සු අපේ රටේ ඉන්නේ. 1996 ලෝක කුසලානෙ දිනුවට පස්සේ අපිට හිතුණෙ අපි මුළු ලෝකෙම දිනුවා කියලා. ඉන් පස්සේ අපි කෙන්යාවටත් පැරදෙනකොට ක්‍රිකට් අතහැරියෙ නෑ. වර්ල්ඩ් කප් ෆයිනල්වලට ඇවිල්ලා අන්තිමට ගෙදර යන්න එනකොට නිදිමරාගෙන බලපු මැච්වල වේදනාව ක්‍රිකට් ගහපු එවුන්ට වඩා දැනුණේ අපට.

ඔස්ටේ‍්‍රලියාවත් එක්ක ගහපු ෆයිනල් එකේදි සංගගෙ බැට් එක ලිස්සලා ඇවිල්ලා විකට් එකේ වැදුණම අපට රිදුණා. අපට ඇඬුණා. දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට බංග්ලාදේශ – ශ්‍රී ලංකා ලෝක කුසලාන මැච් එකේ පළමුවැනි ඕවර් දෙක තුන ඉවර වෙලා. හයිලයිට්වලට පෙන්නුවා වාස් ගත්තු හැටි්‍රක් එක. ඒවා තමයි අපිව ජීවත් කෙරෙව්වේ. සනත්ගෙයි මාවන්ගෙයි වර්ල්ඩ් කප් රෙකෝඩ් එකක් වෙච්ච පාට්නර්ෂිප් එක. ඉන්දියාවට ගහපු 952. මේවා අදටත් මතක් කරද්දී ඇඟ හිරිවැටෙන දේවල්. ඒ නිසා ක්‍රිකට් පිස්සු ගැන අමුතුවෙන් ආයෙ කතා කරන්න දෙයක් නෑ. ක්‍රිකට් කියන්නේ පිස්සුවක්. මේ පොඩි එකාටත් හැදිලා තියෙන්නේ ඒ පිස්සුව. ඒ නිසා මේක අපට අරුමයක් නෙවෙයි. ලංකාවෙ බර ගානක් ඉන්නේ මේ විදියට ක්‍රිකට්වලට පිස්සු වැටිච්ච මිනිස්සු. ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො පිස්සු කෙළිනකොට, ලංකාවෙ ක්‍රිකට් ඉතාම කලාතුරකින් ෆෝම් එකට එන අවස්ථා දකින්න ලැබෙනකොට, ලංකාවෙ මිනිස්සුන්ට ක්‍රිකට් මැච් දිනනවා දකින්න ලැබෙන්නේ මාර කලාතුරකින් වුණාට තාමත් මේ ක්‍රිකට් පිස්සුව තියෙන එවුන් ඉන්නවා. ජොෂුවා පුතත් එහෙම කෙනෙක්. ජොෂුවා පුතා ගැන විතරක් කතා කරනවට පුද්ගලිකව මම කැමැති නෑ. මම හිතනවා ජොෂුවා පුතාට ලැබුණු මේ අවස්ථාවන් ලංකාවෙ අනෙක් ප්‍රේක්ෂකයන්ටත් ලැබෙනවා නම් මරු කියලා. කොහොම නමුත් කොල්ලා අද ඉන්නේ මාර ලොකු තැනක. ජොෂුවා පෙරේරා එක රැයින් මුළු රටක් දැනගත්තා. ඒ පල්ලෙකැලේ තිබිච්ච ශ්‍රී ලංකා ඔස්ටේ්‍රලියා ටී-20 මැච් එක ඉවර වෙලා ජයග්‍රහණයෙ සතුට තමන්ගෙ තාත්තත් එක්ක බෙදාගන්න වීඩියෝ සමාජගත වුණාට පස්සේ. කොල්ලට තිබුණේ පුදුම සතුටක්. කොල්ලා කෑගහනවා තනියම. තාත්තව බදාගන්නවා. ඒ ජයග්‍රහණයෙ සතුට. මේ ජයග්‍රහණය සතුට විඳින්න තව දාහක් දරුවන්ට පිට්ටනියට යන්න විදියක් නෑ. ඒ නිසා ඒ දරුවොත් වීරයො. කොහොම නමුත් කොල්ලා කියනවා මම ක්‍රිකට්වලින් 161.9ක් වේගෙන් බෝල යවලා. ඒ කියන්නේ ලෝකයෙ වේගවත්ම පන්දුවට වැඩි වේගෙන් පන්දු යවලා බ්‍රෙට් ලීගෙ රෙකෝඩ් එක කඩනවා කියලා. කොල්ල ආසා බ්‍රෙට් ලී, ෂොයිබ් අක්තාර් වගේ ක්‍රීඩකයන්ට. ලංකාවෙ ලසිත් මාලිංගටයි, චමින්ද වාස්ටයි. ඒ කියන්නේ ලංකාවෙ ඉන්න ලෝක පූජිත වේග පන්දු යවන්නො දෙන්නට. බ්‍රෙට් ලී, ෂොයිබ් අක්තාර් කියලා කියන්නේ ලෝකයම සලිත කරපු, ලෝකයේ ඉන්න වේගවත්ම පන්දු යවන්නො දෙන්නා. ඒ නිසා අපට තේරෙනවා කොල්ලගෙ හීනෙ එසේ මෙසේ එකක් නෙවෙයි, ඒක දැවැන්ත එකක් කියලා. ඒ විදියට දැවැන්ත හීනයක් එක්ක මේ රට අල්ලන්න පුළුවන් නම් ලෝකෙ හොල්ලන්න පුළුවන් නම් ජොෂුවා පුතේ අපිත් ඔය විදියට කවදා හරි දවසක ලෙඩ ඇඳක හරි ඉඳගෙන ඔයාගෙ ජයග්‍රහණය සමරන්නම්. හැබැයි ඉතින් ලංකාවෙ ක්‍රිකට් කියන්නේ ජරාජීර්ණ වෙච්ච මඩගොහොරුවක්.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තමන්ගෙ ඉලක්කවලට යන්න ලේසි නෑ. හොඳම ක්‍රීඩකයෙක් වූ පමණින් එයාට ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න බෑ කියලයි අපි දන්නේ. අපි නොදන්න ගොඩක් දේවල් ක්‍රිකට් ගැන දන්න අය දන්නවා ඇති. ඒ නිසා අපි කියන දේවල් ගැන කලබල වෙන්න එපා. කොහොම නමුත් කොල්ලා දැන් වීරයෙක්. ජොෂුවගෙ බලාපොරොත්තුවට ලසිත් මාලිංගත් කමෙන්ට් එකක් දාලා තිබුණා. ‘ගුඩ් ලක් පුතේ…’ කියලා. එහෙම තමයි වෙන්න ඕනෙ. අලුත් ක්‍රීඩකයො හදන්න ඕනෙ. අවුරුදු 19න් 20න් ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයො නිර්මාණය වෙන්න ඕනෙ. මගේ තැන රැකගන්න අනෙකගෙ බෙල්ල හරි කපන ජාතියෙ ක්‍රීඩකයො නොවී ලෝකෙ ඉහළටම යන්න ලැබුණට පස්සේ පහළම තියෙන පුංචි කඳුළු බින්දුවක් වගේ මේ ලංකාව අමතක කරලා දාන ක්‍රීඩකයො නොවී, තමන්ගෙ කණ්ඩායම, තමන්ගෙ කට්ටිය මගේ සෙට් එක ටීම් එක ඇතුළට රිංග ගන්න දඟලන්නෙ නැතුව පර්ෆෝමන්ස් අතර නැත්නම් හම්බවෙන වාසි ගැන හිතන්නෙ නැතුව ගෙදර යන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණොත් ඒක රටටයි, ක්‍රිකට් ක්‍රීඩාවටයි වැදගත් දෙයක් වෙයි.

එදා ජොෂුවගෙ සතුට අපි හැමෝගෙම සතුට. ඒ පුංචි හිතේ තිබුණේ අතිශය අවංක සතුටක්. ඒ අවංක සතුට දිහා බලාගෙන ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො තව ටිකක් වැඩිපුර ප්‍රැක්ටිස් කරනවා නම්, තව ටිකක් උනන්දු වෙනව නම් අපේ රටේ කොල්ලො කෙල්ලො, මිනිස්සු මේ විදියට සතුටු වෙයි. මතක තියාගන්න නෝනාවරුනි, මහත්වරුනි, මේ අපි සතුටු වෙන්නෙ අපිට කිසි දෙයක් තිබිලා නෙවෙයි. බෙහෙත් පෙත්තක් නැතුව මිනිස්සු මැරෙනවා. බෙහෙත් ටිකක් හොයාගන්න බැරුව දරුවො මැරෙනවා. ඉස්පිරිතාලෙට අරගෙන යන්න ත්‍රීවීල් එකට තෙල් ටික හොයාගන්න බැරුව දරුවො මැරෙනවා. සතෙක් සර්පයෙක් කෑවොත් බේතක් ලංකාවෙ කොහෙවත් නෑ. තෙල් ටික හොයාගන්න දවස් ගණන් පෝලිම්වල ඉන්න ඕනෙ. ඩීසල් හොයාගන්න දවස් හත අට පෝලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ. හාල් 300ට 400ට යන්න නියමිතයි. අද තියෙන ගාන නෙවෙයි හෙට තියෙන්නේ. කෑම බීම නෑ. පිටරටවලින් ගෙන්වන දේවල් නෑ. ගෑස් ටික නෑ. උයන්න විදියක් නෑ. කන්න බොන්න විදියක් නෑ. කඩදාසි ටික නෑ. විභාගයක් තියෙන දවසක් නෑ. වාහනයක යන්න තෙල් නෑ. පාරට ගියාම බස් නෑ. මේ සියලු ප්‍රශ්න අස්සේ අපේ මිනිස්සු අවංකව සතුටු වෙනවා, කෑගහනවා, උඩ පනිනවා. ඒ, හම්බවෙන පුද්ගලික වාසියකට නෙවෙයි. ජොෂුවා එදා සතුටින් කෑගහන්නේ ඊළඟ මැච් එක ක්‍රිකට් සභාපතිත් එක්ක ශීත කරපු කාමරයක ඉඳන් බලන්න හිතාගෙන නෙවෙයි. එහෙම දෙයක් එයාට ලැබෙයි කියලා එයා දැනගෙන හිටියෙ නෑ. ඒක ලැබුණේ පස්සේ. ඒක ගැන සතුටු වෙන එක වෙනම කතාවක්. හැබැයි මේ රටේ මිනිසුන්ට හැම දේම අහිමි වෙලා යද්දී ක්‍රිකට් ගැන බලාපොරොත්තුවක් තියාගෙන සතුටු වෙන්න තරම් අහිංසක මානසිකත්වයක් තියෙනවා.

ඇෆ්ගනිස්තානයෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමන්ගෙ ට්විටර් ගිණුමෙ සටහනක් තියලා තිබුණා ලංකාවෙ මිනිස්සු පුදුමාකාර බුද්ධිමත්, ලංකාවෙ ක්‍රිකට් ප්‍රේක්ෂකයො පුදුම ගෞරවනීය විදියට හැසිරෙන්නේ. එහෙම රටකට මෙහෙම වෙච්ච එක ගැන හිතාගන්නවත් බෑ කියලා. ඒ නිසා මේ විනයගරුක රටේ මිනිසුන්ට ඉතිරි වෙලා තියෙන්නේ එකම බලාපොරොත්තුව ඔයගොල්ලන්ගෙ හීන ඉටුකර ගන්න පාවිච්චි නොකර, සභාපතිකම ගන්න, මොකක් හරි තනතුරක් ගන්න බලාගෙන අපේ ක්‍රිකට් විකුණගෙන කන්නෙ නැතුව ජොෂුවා වගේ පොඩි එවුන්ටවත් සතුටින් සැනසිල්ලෙන් දවසක් දෙකක් ගතකරන්න පුළුවන් විදියට ක්‍රිකට් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව ජයග්‍රහණ ලැබේවා. අපේ ඇඟ ඇතුළේ තියෙන සතුට අපේ ඇඟ ඇතුළේ තියෙන ක්‍රිකට් අපට කෑගහලා කියන්න පුළුවන් විදියට, ‘අපි දින්නා’ කියලා කියන්න පුළුවන් විදියේ සතුටක් අරගෙන අපි වෙනුවෙන් නැගිට්ටොත් ඒ සතුටම ඇති අපිට තව මාසයක් දෙකක් මේ දුක්ඛ දෝමනස්සයන් ඉවසාගෙන අල්ලාගෙන ඉන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දකුණේ තෙල් විරෝධය උතුරටත් යයි! වව්නියාවෙන් පාර වහයි! උතුරට ගිය තෙල් බවුසරයකුත් නවත්වයි! හමුදාව ඇවිත් තාවකාලික විසඳුමක් දෙයි! (VIDEO)

Next Post

වැඩ බැරි ආණ්ඩුව ලක්ෂ 220ක් වූ ජනතාවගෙන් පළිගන්නවා! මොනවද මේ ජනාධිපතියි අගමැතියි කරන්නේ! දැන්වත් ගෙදර යන්න! අපිට මේ ප්‍රශ්න විසඳන්න පුලුවන් හොඳ කණ්ඩායමක් ඉන්නවා! සජිත් වැඩපිළිවෙළක් එක්ක රට බේරගන්න ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.