• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිටත් එරෙහිව යන්න හිරුනිකාට හයිය ලැබුණේ කොහෙන්ද? කාගෙන්ද?

June 14, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ජනාධිපතිටත් එරෙහිව යන්න හිරුනිකාට හයිය ලැබුණේ කොහෙන්ද? කාගෙන්ද?
Share on WhatsAppShare on Facebook

ගැහැනිය යන වස්තු විශේෂය ගැන දහසක් දෙනා දහසකුත් එකක් කතා කියති… ඒ අතර ගැහැනියකගේ චරිත ස්වභාවය ගැනද විවිධ මත දරන්නෝද වෙති.

ඒ කීවාත් වාගේම ගැහැනුන් දහයක් එක තැනකට ගත් කල ඔවුන්ගේ චරිත ලක්‍ෂණ එකිනෙකට වෙනස්ය.

එක ගැහැනියක් බොහෝ මටසිලිටි චරිතයක් වෙන විටක ඒ ළඟ ඉන්න අනෙක් ගැහැනිය ඇයට වඩා රළුය.., තවත් ගැහැනියක් නිවට, බයාදු ගතියක් පෙන්නන්නේ නම්, ඇයට එහායින් ඉන්න ගැහැනිය ඕනෑම තැනකදී කිසි බයක් නැතිව ඉදිරියට යන යකඩ ගති මතුකර පෙන්වයි.

ශ්‍රී ලාංකේය ජන සමාජයට අනුව යන්නේ නම් අද සමාජයට එහායින් වූ බොහෝ ඈත අතීතයේ අපේ ගැහැනුන් හිටියේ කුස්සිය මුල්ලේය. දරුවන් වදන්නටත්… වැදූ දරුවන් නළවන්නටත්… දරුවන්ගේ තාත්තා හරිහම්බ කරගෙන එන්නට උදෙන්ම එළියට බැහැලා යන කොට බත්ගෙඩිය උයා දෙන්නටත් ඒ කාලෙ අපේ ගැහැනිය සැදී පැහැදී සිටියහ. දරුවන් නළවමින් සහ උයමින්, පිහමින් පමණක්ම සිටි නිසාද මන්දා ‘තොටිල්ල පදවන අත…’ ලෙස ඇගේ දෑත කවි, කතා ලියන්නටත් ගැහැනුන්ට ඇත්තේ හැඳිමිටේ නුවණ පමණකැයි කියන පද හදන්නට ජන සමාජය උත්සුකව සිටියහ.

ඒ අතර… හදිසියේ ගෙදර බලාකියාගත් මනුස්සයා මියගියහොත් ‘අනේ ඉතිං මට… තව මොන ජීවිතයක්දැ’යි කියා ඔහුව දවාලන ගිනිමැලයට පැන සතිපූජා පවත්වන ගැහැනු චරිතයන්ද ඒ කාලෙ ඕනෑ තරම් සිටියහ.

කෙමෙන්, කෙමෙන් දියුණුවට පත්වන ලෝකයත් සමග ඉහත කී ගණයේ ගැහැනු පිරිස්ද කෙමෙන්, කෙමෙන් ආසියානු සමාජයෙන් තුරන්ව යන්නට ගත්තේය.

‘තොටිල්ල පදවන අත රට පාලනයට…’

කියන ප්‍රබල වැකිද,

‘ගැහැනිය කුස්සිය මුල්ලෙන් වැඩ බිමට…’

යන ආඩම්බර කතාද අර ඉහත කී ගෙදරට මුළුගැන්ව සිටින ගැහැනිය වටා තැනුණේද ඒ හින්දාය.

අද සමාජය ගැන කතා කරන විට.., ගැහැනිය යනු… බොහෝ තැන්වල සිය බලය සහ නුවණ පතුරවන චරිතයන්ය. සමහර විටෙක ඔවුන් පිරිමියාවද අබිභවා ඉදිරියට යන තරමට ප්‍රබලය… එඩිතරය… ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙනසුලුය. එලෙසම ඕනෑම අභියෝගයක් ජයගන්නාසුලුය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද එහෙම ගැහැනියකි. බය – සැක හඳුනන්නේ නැති ‘හිරුණිකා…’ නමින් වාගේම ‘හිරු’ට සමානවම සිය ප්‍රතිභාව සහ බලය පතුරුවන අනුභාව සම්පන්න ප්‍රබල ගැහැනු චරිතයකි.

‘පටන් ගත්ත යමක් අවසානයට ගෙනියන තුරුම මම සටන් කරනවා… කවදාවත් එය අතරමග දාලා යන්නේ නැහැ.., ඒ ආදර්ශය මට දුන්නේ මගේ අම්මා…’

තම ආදරණීය තාත්තාව මහමග මරා දැමූ සාහසිකයනට විරුද්ධව ගෙන යන සටනේදී හිරුණිකා හැමදාමත් කීවේ ඒ ටිකය… බොහෝ කාන්තාවන් උජාරුවට කටමැත පමණක් දොඩා පසුවට මුළුගැන්වුණද හිරුණිකා නම් තමා කියන දේ හරියටම ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වූවාය.

ජනාධිපති සමාව මත නිදොස් කොට නිදහස ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නැවැත ‘ලකප්’ කරවීම ඒ සඳහා මෑතදී පෙන්විය හැකි කදිම නිදසුනකි. 2021 පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය මුල්කොටගෙන රැඳවියන් කිහිපදෙනෙකු සමග දුමින්ද සිල්වාටද නිදහස ලැබුණුදා හිරුණිකාගේ සිත බොහෝ රිදුණේය. වෙන ගැහැනියක නම් ඒ රිදුණු සිත කීරිගැසී යන තරමට හඬා වැටෙමින් ලෝකයාගේ අනුකම්පාවට බඳුන් වෙමින් කාලය ගතකළද.., ඉන් අනතුරුව සියල්ල යටපත් කොට නිහඬව කල් ගෙවන්නට තීරණය කළද, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එහෙව් අත්හැර දැමීමකට හිත හදා ගන්නට බැරිවිය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා ආවම කරන පළමු රාජකාරි අතර දුමින්ද සිල්වාගේ නිදහස තියෙන බව මම දැනගෙන උන්නා. කවදා හෝ මේ සිදුවීමට මුහුණ දෙන සූදානමට මම හිත හදාගෙනයි හිටියේ… රාජපක්‍ෂලා එයාලට පුළුවන් බලය පෙන්නුවා… හැබැයි මම නිහඬව ඉන්නේ නැහැ… පුළුවන් උපරිමය කරලා මේ අසාධාරණයට එරෙහිව නැඟී සිටිනවා.

කඳුළු පිරුණු ඇස්වලින් හිරුණිකා පසුගිය වසරේ දුමින්ද සිල්වාගේ නිදොස් කොට නිදහස් කිරීමේ ජනාධිපති සමාවට එරෙහිව එදා එහෙම කතා කළාය. කඳුළ සමහර ගැහැනුන්ගේ දුර්වලතාවයක් වුවද හිරුණිකා එය දුර්වලතාවයක් කරනොගත්තාය. කඳුළ ඇගේ ඇස් කොනට ඉනුවේ පිය සෙනෙහස මුල්කොට ගෙන වුවද, සැණෙකින් එය ලේන්සු කොනකින් පිසදා නැවැත දුමින්දව කූඩු කිරීමේ මෙහෙවරට ඇය අත තැබුවේ නිර්භයවය. රාජ්‍ය බලය, දේශපාලන බලය යන සියලු බලපරාක්‍රමයන් ඇයට විරුද්ධව නැඟී සිටියදී හිරුණිකා සිය මවගේ ආශීර්වාදය පමණක් හිතට දිරියක්ව කොට ගෙන තම ගැහැනුකමට පිරිමි දසදෙනෙකුගේ ශක්තිය එන්නත් කරගත්තාය.

මෙය කියවන ඔබ හිතන්නේ මේ අප, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දුවණියට සුදුහුණු ගානවා කියලද..? ඔව්… සමහර විටෙක කෙනෙකුට හිතෙන්න පුළුවන් වෛරයේ ගිනිපුපුරු අවුලවාලන ස්ත්‍රී චරිතයකට ‘මව්රට’ විසින් සුදුහුණු තවරනවාය කියලා.., නැහැ… ඒ වැරැදි වැටහීම සහතික වශයෙන්ම වැරැදි නිගමනයකි… අප මේ දතකන්නේ ‘සියුමැලි යැයි.., මටසිලුටු යැයි, ලෝක සම්මතයක් ඇති ආසියානු ගැහැනුන් අතර තමාට අවැසි යුක්තිය ඉල්ලා නැඟී සිටින හිත හයිය ගැහැනුන්ද සිටින වග අඟවන්නටය.

අනෙක හිරුණිකාගේ හිතේ දැන් දුමින්ද සිල්වාට එරෙහිව වෛරයක් නැතැයි’ ඇය කොතැනකදී හෝ විiුත් මාධ්‍යයකට කීවා මතකය… ලියන්නට පළමුව මේ ‘ගැහැනු හයිය’ ගැන කතන්දරය දැනගන්නට අපි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දුරකතන ඇමැතුමක් ගත්තෙමු.

කොහොම හරි ඔබ නැවැත දුමින්ද සිල්වාව කූඩු කෙරුවා?

ඔව්… පටන්ගත් යමක් කිසි විටෙක මම අතරමඟ නතරකර පලායන්නේ නැහැ… සටන කාට විරුද්ධවද එයට සාධාරණත්වය ලැබෙනතුරු මම සටන් කරනවා… ඒ ආදර්ශය මට දුන්නේ මගේ ආදරණීය අම්මා… ඈ මා සමග තවමත් මේ මෙහෙවර තුළ ඉන්න එක මට ආශීර්වාදයක්.

ඔබ මේ දිගින්දිගට ගෙනයන්නේ හිතේ ඇවිළෙන වෛරයයි –

නැහැ… දුමින්ද සිල්වා සමග මට ඇත්තේ දැන් වෛරයක් නෙවෙයි. මේ නොනවත්වා පැනනැඟින්නේ මා තුළ වන ආවේගය… මගේ තාත්තා වෙනුවෙන් ඉල්ලා සිටින යුක්තිය… තාත්තා මහ දවාලේ මහමග මැරෙන කොට මම වයස අවුරුදු 23ක කෙල්ලක්. එදා මා පෙළාදැමූ වේදනාව, දුක, සංතාපය අවුරුදු එකොළහක් ගියා කියලා නැතිව යන්නෙ නැහැ.

මාගේ ජීවිතයේ කොටසක් වෙච්චි තාත්තාගේ වියෝ වේදනාව මම කවදා හෝ මියයන තුරුම මගේ හිත කොනක තියේවි.

ඔබ කොතැනක හෝ කියා තිබුණා, එදා මීට වසර ගණනකට ඉහතදී දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වන විට හිතට දුකක් දැනුණා කියා –

ඔව්… මම එහෙම කිව්වා… අද මෙතැනදිත් කියනවා… දුමින්දට මරණ දඬුවම තීන්දු වුණු වෙලේ මගේ ඇස්වලට කඳුළක් ඉනුවා… මං දන්නේ නැහැ ඒ ඇයි කියා… සමහර විට අපි බොහෝ කාලයක් හොඳ මිතුරන්ව සිටි නිසා වෙන්න ඇති.

කොහොමත් අර මං කිව්වා වාගේ ඔහුව මරා අළු කරන අන්දමේ වෛරයක් මට නැහැ… හැබැයි මගේ ජීවිතයේ කොටසක්ව හිටපු තාත්තා වෙනුවෙන් මම සාධාරණය ඉල්ලන්නට ඕනෑ. එය විය යුත්තක්.

යුක්තිය ඉල්ලා කෑගහන්නට බය වෙන කාන්තාවනට ඔබ ආදර්ශයක් –

කාන්තාව යටහත් චරිතයක් වුණේ ඈත අතීතයේදී විතරයි… ළමයි නළවන්නයි… තමන්ගේ මනුස්සයා දඩයමේ යද්දී බත්ගෙඩිය බැඳලා දෙන්නයි විතරක්ම කැපවුණු ඇය අද සමාජගතවී අවසානයි.
එදා ඒ ගල් යුගයේ සම්මතව තිබුණේ ගැහැනිය පිරිමියාට වඩා ශක්තියෙන් හීනය කියලයි. ඒ මිම්ම ඔවුන් මැන්නේ ඇඟපතින් විතරයි… අද සමාජය දියුණුයි… ගැහැනියටත් සමතැන හිමිවිය යුතුය කියලා අද සමාජය තීරණය කරලා තියෙන්නේ මොළෙන් සහ නුවණින්.

ඒ වාගෙම එදා හැඳිමිටට සීමා කළ ගැහැනු නුවණ අද බොහෝ තැන්වල පිරිමිද අබිභවා ගිහින් අවසන්. එහෙම සමාජයක ගැහැනියක් අසාධාරණයට බයේ හඬනඟන අවස්ථා කෙසේවත් යටපත් විය යුතු නැහැ.

ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නොසැලෙන ශක්තියේ ගාම්භීර හඬය…

ඇත්තටම එය ආඩම්බරයක් නෙවෙයිද…?

දුමින්ද සිල්වා භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රව ඝාතනය කළ බව කියන මොහොතේ පටන්… දුමින්දගේ පැත්තට තිබූ රාජපක්‍ෂ පරපුරේ සපෝට් එකට හිරුණිකා එදා බය වුණේ නැත.

අත්අඩංගුවට ගතයුතු දුමින්දව ගෝඨාභය රාජපක්‍ෂ තමාගේම හෙලිකොප්ටරයකින් එදා සිංගප්පූරුවට යවද්දී හිරුණිකා කෑගසා හඬමින් කා සමගවත් ඒ දුකට කඳුළු සලා පසුව පැත්තකට වූයේ නැත.

මහින්ද රාජපක්‍ෂයි, නාමල් රාජපක්‍ෂයි භාරතගේ බිරියට කතා කර, ‘දුවට පොඩ්ඩක් කට පියාගෙන පාඩුවේ ඉන්න කියන්නැ…’යි කියන කොට හිරුණිකා රාජපක්‍ෂලාගේ මැර බලයට බයේ පැත්තකට වී සියලු මෙහෙවර අතහැර දැමුවේ නැත.

දුමින්ද සිල්වා කෝටි ගණන් පඬුරු පාක්කුඩං රාජපක්‍ෂ මැඳුරට ගෙන එනකොට… ශිරන්ති රාජපක්‍ෂට ඉතා වටිනා රනින් නිම කළ අත්ඔරලෝසු තෑගි දෙන කොට.., හැම අතින්ම තමාගේ මරණ තොණ්ඩුවට ඇති අවදානම ලිහිල් කරගන්න දතකනකොට හිරුණිකා ඒ කිසිවකින් සැලුණේ නැත.
සාරියක් පටලවාගෙන කොණ්ඩ ගෙඩියක් ගෙලට බැඳගත් සොඳුරු රූ සපුවක් හිමි මේ තරුණ කත කිසිම බයක් හෝ චකිතයක් නැතිව ඒ සියලු බලහිමි රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබෙන තම පියාව ඝාතනය කළ ඝාතකයාට විරුද්ධව සිට සටන නිර්භීතව ගෙන ගියාය.

මනිරත්නම්ගේ ‘රෝජා’ චිත්‍රපටයෙහි සැමියා වෙනුවෙන් සිය මෙහෙවර ඇරැඹූ බිරියගේ සටනට වැඩිය තම තාත්තා වෙනුවෙන් මේ දුවණිය ගෙන යන සටන උදාරය. අනෙක ‘රෝජා’ නම් චිත්‍රපටයෙහි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සටන ඇත්ත ලෝකයේ සිදුවුණු සත්‍ය සිදුවීමකි.

හිරුණිකාගේ දේශපාලන මතවලින් හෝ පුද්ගලිකය කියන මතිමතාන්තර මේ කතාවට අදාළ නැත.
නමුත්…

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දුවණිය ලෙස ඇය සිය තාත්තා වෙනුවෙන් ගෙන යන… ලෙහෙසියෙන් අත නොහරින සටන උදාරය…

බොහෝ කාන්තාවන් තුළ අප කිසිවෙකු නොදකින ඇගේ හිත තුළ මුල්බැස ගත් ආත්ම ශක්තිය අභිමානනීයය… අද්විතීයය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

Next Post

මහින්ද නාමල්වත් අරන් ආයෙත් කාල්ටන් යයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.