• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චූලෝදර මහෝදර හොයාගෙන මම යාපනයට ගියෙමි…

June 14, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
චූලෝදර මහෝදර හොයාගෙන මම යාපනයට ගියෙමි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට බෞද්ධ දූත මෙහෙවර දකුණු ඉන්දියාව හරහා පැමිණි බැවින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බුදුදහම ව්‍යාප්ත වීමද එම යුගයේදී සිදුවිය. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කරන අතරමඟදී කාවේරිපත්ති නම් විහාරස්ථාන හතක් කරවූ බව පැවැසේ. ශ්‍රී ලංකාව සහ දෙමළ රට අතර සමීප සංස්කෘතික බැඳීම් පැවැති බැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බුද්ධාගමට බලපෑවේය. ක්‍රිස්තුපූර්ව තුන්වැනි සියවසේ සිට යාපනය සංස්කෘතික වශයෙන් රටේ සෙසු ප්‍රදේශ සමග බැඳී ඇති ලේඛන, සෙල්ලිපි සහ පුරාවිද්‍යාත්මක නටබුන් ඇත. නාගදීපය පිළිබඳ මුලින්ම සඳහන් වන්නේ මහාවංශයේ බුදුන් වහන්සේ එහි වැඩමකිරීම සම්බන්ධයෙනි. මෙය බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ බුදුදහම හා සම්බන්ධ කිරීමේ ආගමික ප්‍රයත්නයක් වුවද, කතාව උතුරු ශ්‍රී ලංකාව හා සම්බන්ධ වීම පුරාණ යුගයේ ශක්තිමත් බෞද්ධ පැවැත්මක් පෙන්නුම් කරයි.

ක්‍රි.පූ. 230දී පමණ අශෝක අධිරාජ්‍යයාගේ මෞර්ය රාජ සභාව වෙත දේවානම්පිය තිස්ස රජුගේ දූත පිරිසක් යාපනය අර්ධද්වීපයේ ජම්බුකොල වරායෙන් පිටත් විය. සංඝමිත්තා ප්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේද එම වරායට පැමිණියහ. ජම්බුකෝල අර්ධද්වීපයේ නූතන සම්බු-තුරෙයි ලෙස ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත (රාසනායගම් 1926:62). තවද මහාවංශයේ යාපනය අර්ධද්වීපයේ තවත් පැරණි විහාර කිහිපයක් පැවතුණු බව සඳහන් වේ. (මහාවංශය 36: 9). දේවානම්පියතිස්ස රජු විසින්ම ජම්බුකෝලයට සමීපව තවත් විහාර දෙකක් කරවීය. ඒවා නම් තිස්සමහා විහාරය සහ පාචින විහාරයය. (රසනායගම් 1926: 64). මහාවංශයට අනුව පියංගුදීපයේ (පුංගුඩුතිවේ) භික්ෂුන් වහන්සේලා දුට්ඨගාමණීගේ පින්කම්වලට සහභාගි වූහ. ධාතුසේන රජු (ක්‍රි.ව. 455-473) උතුරේ විහාර දෙකක් ආරම්භ කළ අතර, ඒවායේ නටබුන් තවමත් සොයාගෙන නොමැත.

යාපනය අර්ධද්වීපය නම් බුදුන් පහස ලත් බෞද්ධ උරුමයන් බොහොමයකට උරුමකම් කියන ශ්‍රී ලංකා අර්ධද්වීපයේ වූ තවත් එක් පූජනීය වන්දනීය භූමියකි. යාපනය අර්ධද්වීපය එදා හඳුන්වා ඇත්තේ ‘නකදිව’ හෙවත් ‘නාගදීපය’ ලෙසයි. නමුත් අද වන විට අර්ධද්වීපයට නුදුරු නයිනතීව් දූපත ‘නාගදීපය’ ලෙස හඳුන්වනු ලබයි. වංශකතාවට අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර පහකට පසු බක් මස අමාවක පුන් පොහෝ දිනයක දෙවැනි වරට ලංකාවට වැඩියේ නාගදීපයටයි. ඒ මන්ද නාග ගෝත්‍රිකයන් වූ මහෝදර හා චූලෝදර යන නා රජුන් අතර මිණි පළඟක් නිසා හටගත් මහා සංග්‍රාමය නවත්වාලීමේ අරමුණෙනි. සංග්‍රාමය සමථයකට පත්කළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නාරජුන් දෙපල සංග්‍රාම භූමියේදීම යුද්ධයට නිමිති වූ මිණි පලඟ පූජා කරන ලදී. බුදුන්වහන්සේ වැඩසිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපළු රුකට අරක්ගත් සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවා පොළොවෙන් උදුරාගෙන සේසතක් මෙන් ඉහලාගෙන පැමිණි කිරිපළු නුග රුකද නාරජුන් හට පූජා කරන ලදී. පසුව නාරජුන් දෙපළ කිරිපළු රුක පිහිටුවා මිණි පලඟද තබා කිරිපළු සෑය නොහොත් රාජායතන චෛත්‍යය ඉදිකරවන ලද බව වංශකතාවේ සඳහන් වේ. ඛල්ලාට නාග රජු (ක්‍රි.පූ. 109-103) සාලි පබ්බත විහාරය ආරම්භ කර ඇති අතර I වැනි අග්ගබෝධි (ක්‍රි.ව. 564-598) විසින් රාජායතනය නම් ධාතු මන්දිරය ඉදිකරන ලදී. මහාවංශයට අනුව ධාතුසේන (ක්‍රි.ව. 461-479) විසින් මංගල විහාරය ප්‍රතිසංස්කරණය කරන ලද බවද වාර්තා වේ. වෝහාරික තිස්ස (ක්‍රි.ව. 209-231) තිස්ස නමින් විහාරය වටා පවුරු ඉදි කළේය.

සඟමිත් තෙරණිය ගෙනවැඩි බෝධිය

තවද කන්කසන්තුරේට නුදුරු කීරමලේ අසබඩ වූ දඹකොල පටුන බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීමකට මුල් වූ භූමියකි. මන්ද බුද්ධ වර්ෂ 236දී දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් තම දියණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය හරහා ගෞතම බුදුරජාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වයට සෙවණ ලබාදුන් අනිමිසලෝචන පූජාවෙන් පුදන ලද ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව උඳුවප් පොහෝ දිනෙක ශ්‍රී ලංකා දීපයට වැඩමකරන ලද්දේ දඹකොල පටුන හරහායි.

තවද යාපනේ වල්ලිපුරම් ප්‍රදේශයේදී හමුවූ බුද්ධ ප්‍රතිමාව එවක ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි බ්ලේක් විසින් 1906දී සියම් රජු වෙත ප්‍රදානය කරන ලදී.

කන්දරොඩෙයි නොහොත් චුන්නාකම්වලට නුදුරු කදුරුගොඩ පුරාණ විහාරස්ථානයේ ඉතිහාසයද අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා දිවයයි. උතුරු අර්ධද්වීපයේ පුන්කුඩතිව් හෙවත් පුවන්ගු දිවයින පෙර කල මහ රහතන් වහන්සේලා හැට නමක් වැඩවාසය කර ඇති අතර උන්වහන්සේලා අපවත් වීමෙන් පසුව ශාරීරික ධාතු නිදන්කොට මෙහි ස්තූප 60ක් ඉදිකළ බව සඳහන්ය. මේ වන විට එයින් දාගැබ් විසිදෙකක් පමණ ආරක්ෂා වී පවතී.

නැසී ගිය බෞද්ධ උරුමයන් අතරින් ගොඩනැගෙන කසාවත්පුර තිස්ස විහාරස්ථානය තවත් අපූරු ඉසව්වක්ය. කසාවත්පුර නම් වූ අද වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්කසන්තුරේ තෛයිඩ්ඩි දකුණු ග්‍රාම නිලධාරී වසමේ වූ උතුරු අර්ධද්වීප ශීර්ෂයේ වූ ඉන්දියන් සාගරයට හිමිකම් කියන සුන්දර වෙරළ තීරයට නුදුරු සාමකාමී ඉසව්වක වූ තිස්ස රජමහා විහාරස්ථානය වන්දනාමන කරගැනීමටයි. මෙම විහාරස්ථානය කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පිටුපස උතුරු වෙරළ තීරයට මීටර් 500ක් පමණ දුරින් සමුද්‍රාසන්නව පිහිටා ඇත.

කසාවත් පුර නම් පෙරරජ දවස දෙවනපෑතිස් රජ, වෝහාරික තිස්ස, කනිට්ඨ තිස්ස හා වසභ නම් රජවරුන්ගේත් ඉසගිරි මහ ඇමැති, මහලූනා හා ගොඨනා ආදීවූ සෙනවිවරුන්ගේත් පාලනය යටතේ බොහෝ වෙහෙර විහාර ඉදිවූ වන්දනීය ප්‍රාදේශීයකි. එම විහාර අතර දඹකොල පටුන විහාරය, තිස්ස විහාරය, ප්‍රාචීනාරාමය නොහොත් කදුරුගොඩ විහාරය, සමුද්‍රාසන්න ශාලා විහාරය, ගෝත මළුව, වාළුකාරාමය, ඇලගිරි විහාරය හා රාජයතන ධාතු ගෘහය නම් කළ හැකිය.

භාරතීය දේශය දිග්විජය කළ රණශූර චක්‍රවර්ති නිරිඳු චන්ද්‍රගුප්ත මෞර්යයන්ගේ මුණුබුරු චක්‍රවර්ති අශෝක අධිරාජ්‍යයාගේ අනුපමේය දයාව මත ශ්‍රී ලංකාදීපය සම්බුදු පහසින් පරම පූජනීයත්වයට පත්වන ලදී. එම අවධියේ උතුම් ජයසිරි මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද කතා පුවතේ නොමැකෙන මතක සටහන් උරුම කරන ලද මහා පින් බිමක් නම් අර්ධද්වීපයේ තවදුරටත් සැඟවී ගිය තිස්ස රජමහා විහාරයයි.

මහා චක්‍රවර්ති අශෝක අධිරාජ්‍යයාට දාව වේදීස දේවියගේ කුසින් උපන් මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් ක්‍රි.පූ. 03 වැනි සියවසේ නිර්මල බුදුදහම වැලඳගත් පළමු ශ්‍රී ලාංකික බෞද්ධයා වූ ශ්‍රී ලංකේශ්වර දෙවනපෑතිස් රජු සිය පාලන වසර හතළිහක කාලය තුළ ලංකාදීපයේ උතුරු ශීර්ෂයේ විහාරස්ථාන තුනක් ඉදිකළ බවත්, ඒ අතරින් එතුමාගේ නමින් ඉදිකළ විහාරස්ථානය තිස්ස විහාරය වූ බවත් මහාවංශයේ, සිංහල බෝධි වංශකතාවේ, පූජ්‍ය කඩවැද්දුවේ නන්දාරාම හිමි විසින් රචිත ‘සැඟවුණු උතුර’ කෘතියේ, ආචාර්ය සෝමපාල ජයසේකර විසින් රචිත ‘සිංහල දේශික විශ්වකෝෂය’, මුඩ්ලියර් සී. රාසනායගම් විසින් රචිත Ancient Jaffna හා පී.ඩබ්. නිකොලාස් විසින් රචිත Ancient Sri Lanka යන ග්‍රන්ථවල සාක්ෂි සහිතව සඳහන් වෙයි.

දඹකොල පටුනින් ගොඩබට මහා බෝධින් වහන්සේ දෙවනපෑතිස් රජු, මිහිඳු මහරහතන් වහන්සේ හා සෙසු රාජකීයන් ඇතුළු ලාංකික ජනතාවගේ අනේක විධ පුද සත්කාර ලබමින් දින තුනක් අලංකාර මණ්ඩපයක හිඳුවා වර්තමානයේ චුල්ලිපුරම් පරාලෙයි මුරුගන් කෝවිල පිහිටි භූමි ප්‍රදේශයේ තබා සිවුවැනි දින චතුරාංගනී සේනා පෙරදැරිව අනුරාධපුර පින්බිම දක්වා යන ගමනේ තිස්ස මහා විහාරස්ථානය නම් වූ මේ පින්බිම සහිත භූමියේ උදෑසන දන් වැලඳූ බව සිංහල බෝධි වංශකතාව සාක්ෂි දරයි.

පසුව උතුම් ජයසිරි මහා බෝධින් වහන්සේගේ පහසින් පරම පූජනීයත්වයට පත්වූ මේ භූමිය දෙවනපෑතිස් රජු විසින් විහාරස්ථානයක් ඉදිකරවා සඟසතු කොට ඇත.

කසාවත්පුර නම් දකුණු ඉන්දියාවට ආසන්න වූ සමුද්‍රාසන්න ප්‍රදේශයකි. පෘතුගීසී, ලන්දේසි, ඉංග්‍රීසි පමණක් නොව චෝල පාණ්ඩ්‍ය ආදී වූ ද්‍රවිඩ ආක්‍රමණයන්ගේ ඍජු ඉලක්කයක් වූ මේ භූමිය ආක්‍රමණ හමුවේ විනාශ වුවද හෙළ රජ දරුවන්ගේ දායකත්‍වයෙන් නොයෙකුත් අවස්ථාවල සංවර්ධනය වුවද 1958 වර්ෂයේ සිට හුදකලා වීම ආරම්භ වී ඇත. වර්ගවාදී කෝලාහල හමුවේ එවක විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ විහාරස්ථානය හා සම්බන්ධ ලියකියවිලි, පෞරාණික වස්තුන් හා ධාතුන් වහන්සේලා සහිත කරඬු තුනක් සමග දකුණු ලක මවු විහාරස්ථානයට පලාගොස් ඇති අතර තිස්වසරක යුද්ධය හමුවේ තවදුරටත් හුදකලා භූමියක් බවට පත් වී ඇත.

අඩ සියවසකට අධික කාලයක් තිස්සේ නොයෙකුත් කාරණා නිසා හුදකලා වූ මෙම මහා පින්බිම යුද සමයේ 5 වැනි සේවා බළකාය විසින් හමුදා කඳවුරක් ලෙස භාවිත කර ඇති අතර හිස් ඉඩමක්වූ මේ පූජනීය භූමිය නියමාකාරයෙන් ඓතිහාසික තිස්ස ‍රජමහා විහාරස්ථානය බවට හඳුනා ගන්නා ලද්දේ පොතපත ඔස්සේ කරුණු ගවේෂණය කරමින් යාපනයේ සංචාරය කළ ගාල්ලේ – ඇල්පිටියේ සිට පැමිණ යාපනය ශික්ෂණ රෝහලේ හෙදියක ලෙස සේවය කළ ලක්මාලි මහත්මිය විසින් බව විහාරස්ථාන හිමිපාණන් වහන්සේ මතක් කරන ලදී.

දශක තුනකට පසු බෞද්ධ ප්‍රබෝධයක් ලබන්නේ ගිංතොට නන්දාරාම ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේය. යුද හමුදාවේ පූර්ණ දායකත්‍වයෙන් සිවුපසයෙන් උපස්ථාන ලබමින් දැනට සැදැහැ සිතින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවලට උපරිම දායකත්වයක් ලබාදෙන්නේ උතුරු පෙනිසියුලාවේ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි D.D.D.K. හෙට්ටිආරච්චි මහතාය.

මේ වන විට නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ නිර්මාණ දායකත්‍වයෙන් 2021 දුරුතු මස 30 වැනි දින මුල්ගල් තබා යුද හමුදාවේ ශ්‍රම දායකත්‍වය ලබාගනිමින් අහස් උසට අඩි 100ක් උස චෛත්‍යයක් ඉදිකිරීම ආරම්භ කර ඇත. තවත් නොබෝ දිනයකින් ධාතුන් වහන්සේ තැන්පත් කිරීම වෙනුවෙන් කටයුතු සිදුවෙමින් පවතී.

සාමකාමී උතුරුකරයේ ජීවත් වන සිංහල හා දෙමළ බෞද්ධ ජනතාව හා ලක්වැසි බෞද්ධ ජනතාව වෙනුවෙන් පෞරාණික ශාසනික උරුමය රැකගනිමින් රජමහා විහාරස්ථානයක් ලෙස සම්පූර්ණ වශයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට ශාසන ළැදි සකල විධ බෞද්ධ ජනතාව වෙනුවෙන් ශාසනාලයෙන් ආරාධනා කරයි.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

දේශපාලකයො මේ රට වට්ටපු තැනක්! සැමියාත් නැතිව දරුවො තුන්දෙනා හදාගන්න පාරෙ මුරුංගා විකුණන අසරණ අම්මා කෙනෙක් විඳින දුකක්! වේලක් කෑවොත් වේල දෙකක් කන්න නෑ! (VIDEO)

Next Post

පොහොට්ටුව හදන්න ලොකු ගේමක් ගහපු අනුරාධපුර එස්.එම්.ලා රාජපක්ෂලාට එරෙහිව යයි! රනිල්වත් අරගෙන ගෙදර යන්නැයි ගෝඨාට කියයි! අරගලය සාධාරණයි කියයි! ඔන්න උතුරුමැද පෙරළෙන්න පටන් ගත්තා!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.