එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය අද (20) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුවූ අතර, වර්තමානයේ රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය මත ළමා පරපුර මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.
ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා නියෝජිත පිරිසෙන් ඉල්ලීමක් කර ඇත.










