වත්මන් අර්බූදය හමුවේ මුලු පාර්ලිමේන්තුවම එක්වීමට තිබූ අවස්ථාවක් මන්ත්‍රීවරුන් බිලිබාගෙන විනාශ කර දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සමගි ජන බලවේගයත් අද දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ 2ක් සිදුකළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇමතිකම් ලබා ගැනීම පිළිබඳ තීන්දුවක් ගත්තේ නැතැයි ද අමාත්‍යධූර තනතුරු ගැනීම අවශ්‍ය නැති අතර රජයට අවශ්‍ය සහාය දෙන බව මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේ වුවත් ජනතාව දැන් බඩගින්නේ දුක් දුක්විඳිමින් සිටින අතර රට ගොඩ ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කාර්යක්ශම කිරීම අවශ්‍ය වී ඇති හෙයින් රට වෙනුවෙන් අවශ්‍ය සහාය දෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව ඇමැතිධුර ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එලෙස ඇමැතිධුර ගැනීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති වලට පටහැනි බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.










