• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රතුපස්වල-හලාවත-කටුනායක පහුකරගෙන රඹුක්කනට ආ මාරක පොලිස් උණ්ඩ!

April 26, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
රතුපස්වල-හලාවත-කටුනායක පහුකරගෙන රඹුක්කනට ආ මාරක පොලිස් උණ්ඩ!
Share on WhatsAppShare on Facebook

2022 අප්‍රේල් මස 19 වැනි දින රඹුක්කනදී සිදුවූ සිදුවීම සම්බන්ධව අප විසින් බරපතළ කනස්සල්ලට පත්ව ඇති අතර ඒ පිළිබඳ අප ඉන්නේ දරාගත නොහැකි ශෝකයකිනි. සාමාන්‍යයෙන් පුරවැසියකුට වෙඩිතබා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ මරණය සාධාරණීකරණය කරන්නට වලිකන ආරක්ෂක නිලධාරීන් සිටිනා රටක ජීවත් වීමට සිදුවීමත් ඉපදෙන්නට සිදුවීමත් බරපතළ ඛේදවාචකයකි. එය ඉවසා දරා සිටිමින් මෙසේ ලියන්නට සිදුවීමේ අවාසනාවන්ත ජීවන අත්දැකීම ලියුම්කරු විසින් මේ විඳිනුයේ පළමු දෙවැනි හෝ තෙවැනිව නොවේ. මීට පෙර කිහිප වතාවක්ම මෙසේ ලියන්නට සිදුවූ අතර ඒ කිසිදු විටෙක නිවැරැදි හෝ බලාපොරොත්තු වූ හෝ සාධාරණය ඉටුවුණා දැයි අප නොදනිමු. එසේ ඉටු වුවද, නොවුණද මේ මිනිසුන් යළි යහපත් වන්නට කිසිදු දිනෙක නොසිතීම කනගාටුවට කරුණකි. රඹුක්කන මරණය ගැන අප විසින් සුවිශේෂ වාර්තාවක් සපයන්නට සූදානම්ය. ඒ, අප මාධ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වන චන්ද්‍රසේන මාරසිංහ මහතා ඇසින් දුටු සහ ඒ මොහොතේ විඳි අත්දැකීම් සමගිනි. ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් අතරින් එක් අයකු වන මාරසිංහ මහතා මේ ස්ථානයේ සජීවීව රැඳී සිටිමින් මේ සියල්ල විඳදරා ගනිමින් කඳුළු ගෑස්වල වේදනාව විඳිමින් සිය ජීවිතය පවා පරදුවට තබමින් මේ සියල්ල වාර්තා කළේය. ඒ නිසා අප මාධ්‍ය ආයතනයක් ලෙස ඔහුට මෙසේ හිස නමා ගෞරවාදරය පුද කරමු.

මේ මොහොතේදී අපට ලියන්නට සිදුව ඇත්තේ යළි පෙර ලියූ නම් වැලක පිළිවෙළය. එහි අගට තව නමක් එකතු වීම පමණක් මෙහිදී කරන්නට සිදුවිය. ඒවා කොතැනින් පටන් ගෙන කොහොම ලියනවාදැයි නිවැරැදි අදහසක් නැති නිසා අතරමඟින් පටන් ගනිමි. පොලිසිය විසින් මරාදැමූවන් සියලු දෙනා මේ මොහොතේ සිහිපත් කළ නොහැකි මුත් මෑත ඉතිහාසයේදී එසේ මරාදැමූ බොහෝ දෙනෙක් ගැන අප සටහන් තැබිය යුතු වෙමු. මෙසේ වෙඩිතැබූ ප්‍රසිද්ධම සිදුවීම වන්නේ රතුපස්වල වෙඩිතැබීමය. රතුපස්වල සිදුවීමේදී නිරායුධ සිවිල් මිනිසුන් වෙඩිතබා මරාදැමුණු අතර, එහිදී තිදෙනකු මියගියේය. දැනගන්නට ලැබෙන පරිදි ඔවුන් තිදෙනාම මේ සිදුවීමට සහභාගි වූ අය නොවේ. ඔවුන්ගේ නිවෙස්වලට ගිය අපට දැනගන්නට ලැබුණේ ඔවුන් ඊට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවකි. සම්බන්ධයක් තිබුණත් නොතිබුණත් ඒ අහිංසක මිනිසුන් ඉල්ලා සිටියේ බීමට ජලය පමණි. බොන්න වතුර නැති ජීවිතයකින් වැඩක් නැති බව දැන සිටි මේ මිනිසුන් පාරට පැමිණ අරගල කළේය. ඒ අරගලය අතරතුර තිදෙනෙක් වෙඩිතබා මරා දැමිණි. එය සම්පූර්ණයෙන්ම අනීතික ඝාතනයකි. එසේම කටුනායක වෙළෙඳ කලාපයේ පැවැති සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ වූ විරෝධතාවේදී මිනුවන්ගොඩ රොෂේන් චානකව වෙඩිතබා මරාදැමුවේ පොලිසිය විසිනි. ඔහු මරාදැමීමද සාධාරණීකරණය කිරීමට බොහෝ දේ කියූ නමුත් අවසානයේ ඔහු මියගියා පමණි. ඒ අතර ඇඹිලිපිටියේ සුජිත් ප්‍රසන්න ඝාතනය සම්බන්ධව බොහෝ කතන්දර කියවුණු නමුත් ඒ පිළිබඳ චෝදනා එල්ලවී සිටි පොලිස් නිලධාරියකු පසුව නිදහස් විය.

හලාවතදී ඇන්ටනීට වෙඩිතබා මරාදැමුවේය. එයද උද්ඝෝෂණයක් අතර වූ වෙඩිතැබීමකි. ඒ මිනිසුන් තෙල් සම්බන්ධව කරන ලද ඉල්ලීමේදී ඔහුට වෙඩිතබා මරාදැමුණු අතර ඔහුගේ වෙඩි වැදුණු සිරුර රැගෙන ගිය ආකාරයටම රඹුක්කනදී තරුණයන් රැගෙන යන්නට සිදුවුණු ආකාරය අපට දකින්නට ලැබිණි. එය බරපතළ ඛේදවාචකයකි. කනගාටුවට කරුණකි. මේ ආකාරයෙන් උද්ඝෝෂකයන් නොවුණද අරගලයකදී නොවුණද තවත් කිහිප දෙනෙක් පසුගිය කාල වකවානුව තුළ වෙඩිතබා මරාදැමිණි. ඉන් එක් වෙඩිතැබීමක් සිදුවුණේ පස්යාල හන්දියේදීය. පස්යාල හන්දියේදී තමන් දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදියකට පොලිසිය වෙඩි තැබීය. දිවුලපිටියේදී පාරේ යමින් සිටි යම් මානසික ආබාධයක් සහිත පුද්ගලයකුට පොලිසිය වෙඩි තැබුවේය. මේ දෙදෙනාම මියගියේය. මේ මරණ සියල්ල දැන් කොහොම විසඳී ඇද්දැයි අපට පැහැදිලි නැත. නමුත් බොහෝ විට බොහෝ දෙනකුට මේ මරණ අමතක වී තිබේ. යළි ඔවුන් උපදින්නේ නැත. ඔවුන් මරාදැමූවන්ට නිවැරැදි දඬුවම් ලැබුණාද යන්න පිළිබඳ අපට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

මෙවැනි තත්ත්වයකදී හැසිරීම කෙබඳු විය යුතුදැයි අප සොයා බැලුවෙමු. මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව මෙවැනි සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාර සම්බන්ධව එක්සත් ජාතීන්ගේ නිවැරැදි නිශ්චයන් අනුව අපට යම් නිගමනයන්ට එළැඹීමට සිදුවේ. මෙහිදී සිදුකරන ලද යම් යම් සිදුවීම් ඉතාම ප්‍රශ්නගතය. ඒ නිසා ඒවා ගැන නැවත නැවතත් කතා කිරීම සිදුකළ යුතුය. යම්කිසි අරගලයකදී යම්කිසි ප්‍රශ්නයකදී ඔවුන්ට භාවිත කරන්නට මූලික බලයන් කිහිපයක් තිබේ. අවම බලය, අත්‍යාවශ්‍ය බලය ලෙස ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් වර්ණගන්වමින් රසවත් කරමින් පවසන සමහර සිදුවීම් ගැන අපට යළිත් කතා කරන්නට සිදුවෙමින් තිබේ. මෙහිදී පුද්ගලයකුට බැටන් ප්‍රහාරයක්, කඳුළු ගෑස් ප්‍රහාරයක් හෝ අත්‍යාවශ්‍ය නම් රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ හැකිය. නමුත් මේ සිදුවීමේදී ඔවුන් භාවිත කරන්නේ රබර් උණ්ඩ නොව, ජීව උණ්ඩය. එසේ ජීව උණ්ඩ භාවිත කිරීම සම්බන්ධයෙන්ද යම්කිසි නීතිමය පසුබිමක් තිබේ. පළමු අවස්ථාවේදී එසේත් නැත්නම් බැටන් හෝ කඳුළු ගෑස් ප්‍රහාරයකදී උද්ඝෝෂකයන් හෝ කලහකාරීන් ලෙස හැසිරෙන්නන් ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය යහපත් නැත්නම්, ඔවුන් විසිර නොයන්නේ නම්, ඔවුන් තවදුරටත් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එහිදීද පොලිසියට ජීව උණ්ඩ භාවිත කිරීමේ අවස්ථාව ලැබේ. නමුත් එසේ ජීව උණ්ඩ භාවිත කරමින් සිදුකළ හැක්කේ දණහිසෙන් පහළට සිදුකරන වෙඩිතැබීම් පමණි. එසේ නොමැතිව හිසට හෝ දණහිසෙන් ඉහළට වෙඩිතැබිය නොහැකිය. නමුත් මේ පිළිබඳ මේ අය දැන සිටියාද නැද්ද යන්න ගැටලුවකි. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවන නිසා මේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට පසුබට නොවිය යුතුය. එසේම ඉතා වැදගත් කාරණයක් ලෙස ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ නඩු තීන්දුව හඳුනාගත හැකිය. එම නඩු තීන්දුවේදී ප්‍රකාශ කර තිබෙන්නේ නිලධාරීන්ට ඉහළින් ලැබෙන අණ පිළිපැදිය යුතු නමුත්, නීතිමය නොවන අණ පිළිපැදීම නොකළ යුතු බවය. ඒ අනුව යම් කිසිවෙක් තමන්ට ලැබෙන නීතිමය නොවන අණකිරීම් ක්‍රියාත්මක කරමින් තමන්ට යම් කිසිවෙක් එය කරන්නැයි දැනුම් දුන් බව ප්‍රකාශ කළ පමණින් ඒ අයට නිදහස නොලැබෙන බව අප විශ්වාස කරමු. ඒ නිසා අප මේ දෙස බලා සිටිමු. ඔබට මේ සිදුවීම සම්බන්ධව පැහැදිලි කියවීමක් සඳහා අපේ මාරසිංහ මහතාගේ ලිපිය විශාල දායකත්වයක් සපයනු ඇත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨාගෝගමට අමතරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ ඉදිවෙයි! (VIDEO)

Next Post

සභාපති පැනලා ගියා මම සභාපති වුණා! මෙන්න වැඩක්! බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තමයි වුණේ! (PHOTOS)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.