රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම කුමක්ද’ යන මැයෙන් ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් විසින් කරන ලද මත විමසුමකදී ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 78.6%ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බව කියා තිබේ.
මත විමසුමේ සෙසු තෝරා ගැනීම් වූ ‘අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම’ යන්න 11.8%ක් තෝරා ගනු ලැබ තිබූ අතර ‘සෙසු දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහය දැක්විය යුතුය’ යන්නට කැමැත්ත පළ කර ඇත්තේ 6.5%ක පිරිසක් පමණි. 3.1% ප්‍රමාණයක් පිළිතුර නොදන්නා බව කියා තිබේ.
අදාළ පුවත්පත පසුගිය 23වැනි දින මෙම මත විමසුම අවසන් කිරීමට පියවර ගෙන තිබිණ.
එහි 78.6%ක්ම රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බව කියා තිබුණද ජනාධිපතිවරයා එය තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටියි.










