කොළඹ මරදාන ඇතුලු ප්‍රදේශ ගණනාවක මේ වනවිට උණුසුම්කාරී වාතාවරණයක් මතුව ඇත.
කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වූ අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ පා ගමන පංචිකාවත්, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින විජේරාම මාවතේ කැප්පෙටිපොළ මාර්ග හරහා මේ වන විට ගමන් ගන්නා බව අප වාර්තාකරුවෝ පවසති.
පොලිසිය පැවසුවේ කඩාකප්පල්කාරී ක්‍රියා කළහොත් අධිකරණ නියෝග අනුව කටයුතු කිරීමට පොලිසියට සිදුවන බවකි.
මෙම පා ගමනට 3000සකට අධික සිසුන් පිරිසක් එක්ව සිටිති.










