අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ කැබිනට් මණ්ඩලයම වහා ඉල්ලා අස්විය යුතු බව පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් පවසයි.
මීට පෙර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ යෝජනාව තමන්ද අනුමත කරන බව ඔහු අවධාරණය කරයි.
අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වී මාස හයක් හෝ හතක් සඳහා බලපැවැත්වෙන පරිදි ප්‍රමාණයෙන් කුඩා අන්තර්වාල කැබිනට්ටුවක් පිහිටුවිය යුතු බව කී චරිත හේරත් මන්ත්‍රීවරයා ඒ අතර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ 21 වන සංශෝධනය සම්මත කර ගත යුතු බවද යෝජනා කරයි.










