ජාත්‍යන්තර තත්ත්වයේ ශ්‍රී ලාංකේය ටෙලි සම්මාන උළෙල වන රයිගම් ටෙලීස් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සාර්ථකව අවසන් වූයේ තවත් විශිෂ්ටයන් රැසක් සුවිසල් වේදිකාවක් මත අභිසෙස් ගන්වමිනි.
මෙවරද රයිගම් ටෙලීස් සඳහා ප්‍රධාන අනුග්‍රහය සම්පත් බැංකුව ලබාදී තිබුණේ සවිමත් බැංකුවක විශ්වාසයද සමගිනි.
එම රාත්‍රිය තුළින් ඇගයීමට ලක් වූයේ 2020 – 2021 දෙවර්ෂය තුළ විශිෂ්ටත්වයට පත් කලා ශිල්පීන් හා ටෙලි නිර්මාණයි.
සම්මාන උළෙලේ සම්මාන කාණ්ඩ 7ක් සඳහා වන සම්මාන 111ක් වෙනුවෙන් වූ නිර්දේශිත නාමයන් මීට පෙර එළි දැක්වීමට කටයුතු යොදා තිබූ අතර ඒ අනුව එම නිර්දේශිත නාමයන්හි ජයග්‍රාහකයෝ මෙහිදී සම්මාන හිමිකර ගත්හ.
ප්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලාංකේය කලා ශිල්පී ශිල්පිනියන් හා නිර්මාණ කරුවන්, මාධ්‍යවේදීන් එක්ව සිටියහ.
සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී – ආයතනික බැංකුකරණ, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – සමූහ අලෙවිකරණ, තැන්පතු ප්‍රවර්ධන හා ඩිජිටල්කරණ, තාරක රන්වල, සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී – අජිත් සල්ගාදු, සමූහ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනී චරිතා ජයවික්‍රම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ, දීපාල් ද සිල්වා, සහකාර සාමාන්‍යාධිකාරිනී – ශාඛා බැංකුකරණ, කුමාරි ජයසූරිය, සහකාර සාමාන්‍යාධිකාරී – ශාඛා බැංකුකරණ, ජානක ජයසූරිය යන මහත්ම මහත්මීන් ද ඊට එක්වූහ.











