කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති.
එහි කටයුතු සාමකාමී ලෙස පැවැත්වෙනවාද උද්ඝෝෂණයට බාහිරින් යම් යම් බලපෑම් එල්ල වෙනවාද යන කාරණා සම්බන්ධයෙන් නිරන්තරව නිරීක්ෂණය කිරිම සඳහා එම කණ්ඩායම යොදවා ඇතැයි වාර්තා වෙයි.
මේ අතර මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ගනේමුල්ල යුද හමුදා කඳවුරටද ගොස් තිබේ.
ඒ, එහි අරගලය මර්දනය කිරීමේ සූදානම් පවතින බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවූ තොරතුරු විමර්ශනය කිරීම සදහාය.










