නීති විරෝධී ආකාරයට ඉන්ධන එක්රැස් කර තබා ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මුල් කරගෙන ඉන්ධන හල් දෙකකට ඉන්ධන ලබා දීම අත්හිටුවීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.
එසේ ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇත්තේ මීගමුව සහ තවලම පිහිට ඉන්ධන හල් දෙකකටය.
මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇත.











