රසායනික පොහොර සහ බීජ ආනයනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණයක් රජය ලෝක බැංකුවෙන් ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
දැනට පවතින යල කන්නයද ඇතුළුව ඉදිරි වසර සදහා අවශ්‍ය පොහොර වෙනුවෙන් මෙම ණය මුදල රජය ඉල්ලා තිබේ.
වී, තේ, එළවලු, පළතුරු, බඩ ඉරිගු ඇතුළු සියළු භෝග සදහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට රජය සූදානම් වේ.
පොහොර ආනයනය කරන සමාගම් වෙත ණයවර ලිපි නිකුත් කිරීම සදහා මෙම ණය මුදල භාවිතා කිරීමට නියමිත බව පැවසේ.









