ජනාධිපතිවරයා හා හිටපු කැබිනට් ඇමැතිවරුන් අතර අද දිනයේදී විශේෂ සාකච්ජා වටයක් පැවැත්වී තිබේ.
මෙහිදී ජනාධිපතවරයා දැනට රටේ මතුව ඇති තත්ත්වය සහ නව කැබිනට් මණ්ඩලය පිළිබදව හිටපු ඇමැතිවරුන් සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා එහිදී සදහන් කොට ඇත්තේ තරුණ මන්ත්රීවරුන්ට කැබිනට් මණ්ඩලය තුළ වැඩි ඉඩකඩක් ලබා දී ආණ්ඩුවට නව මුහුණුවරක් දිය යුතු යැයි කියාය.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරයට පෙළක් ඇමැතිවරුන් සිය කැමැත්ත ප්රකාශ කොට ඇමැති ධූර ලබා නොගැනීමට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට ඇත.
තවත් සමහරුන් ඊට එරෙහිව අදහස් දක්වමින් දැනට රට තුළ මතුව ඇති අර්බූදයට විසදුම මෙය නොවන බව ප්රකාශ කොට ඇත.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ තරුණ ඇමැතිවරුන් පත් කළ පමණින් ගෑස්, විදුලි, ඉන්ධන අර්බූද නොවිසදෙන බවත්, ඒ හරහා ආණ්ඩුව ඇතුළේ තවත් අර්බූදයක් මතුවිය හැකි බවත්ය.
කෙසේවෙතත් මෙම සාකච්ජා විසදුමකින් තොරව අවසන් වී ඇති බවද දැනගන්නට ඇත.









