• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කරපු කිසිම දෙයක් ෆෙල් නැහැ! අද වෙනකන් එක රුපියලක් අරගෙන නෙමෙයි රඟපෑවේ!

March 7, 2022
in Heart
Reading Time: 4 mins read
A A
මම කරපු කිසිම දෙයක් ෆෙල් නැහැ! අද වෙනකන් එක රුපියලක් අරගෙන නෙමෙයි රඟපෑවේ!
Share on WhatsAppShare on Facebook

මගේ ඉලක්කය වුණේ සිනමාව…
මට සමහර දේවල් අහිමි වෙලා ගියා…
ඒකට කාටවත් දොස් කියන්න බැහැ…
අපි හැදුවේ නැත්නම් කවුද මේක ඉස්සරහට බාර ගන්නේ…

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගත් තාරුණ්‍යයේ රංගන ශිල්පියෙක් වන සාලිය සත්‍යජිත් නම් සොඳුරු කලාකරුවාව, ඔහුගේ දිගු නිහැඬියාවකට පසු අප එකතු කරගන්න හිතුවා. කාලයක් රංගනයෙන්, නර්තනයෙන්, ගායනයෙන් වගේම නිරූපණය තුළින් වඩාත් ප්‍රේක්ෂක කතාබහට ලක් වු හා ආකර්ෂණය දිනා ගැනීමට සමත් වු සාලිය සමග මව්රට හාට් කළ සොඳුරු කතාබහයි මේ….

සාලිය පසුගිය වසර කිහිපය ඔබ නිහඬයි..ඇයි ඒ ?
‘ලව් ඉන් පැරිස්’ කියලා පැරීසියේ රූපගත කිරිම් කරන්න හිටපු චිත්‍රපටයක් සහ ඩාන්සින් පැත්තට බර චිත්‍රපටයක් කරන්න සැලසුම් කරගෙන ගියා. කොවිඩ් නිසා ඇති වුණු රටේ ප්‍රශ්න එක්ක ඒවත් මග නතර කිරීමට සිදු වුණා. සිනමා ක්ෂේත්‍රය පවා ඇනහිටියානේ කොවිඩ් නිසා. දැන් තමයි ඉතින් ටිකෙන් ටික සිනමා ශාලා පවා විවෘත වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ වැඩකටයුතු පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

සාලියගේ දක්ෂතා සමාජගත වුණේ රියලිටිකරණය හරහා යි. ඔබව ප්‍රෙක්ෂකයන්ගේ මතකයෙන් මැකිලා යැයි කියලා හිතුණේ නැද්ද?
ප්‍රේක්ෂක මතකය අලු‍ත් වෙයි කියලා හිතෙනවා අලු‍ත් නිර්මාණයකින්. මම ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවා. මගේ ඉලක්කය වුණේ සිනමාව. මා කුඩා කාලයේ ඉඳන් වේදිකාවේ අවුරුදු 10-15ක් පමණ රංගනයේ යෙදුණා. ඉන් පස්සේ ටෙලිනාට්‍ය කිහිපයකට දායක වුණා. මට සිහිනයක් වූ රිදී තිරයට යන්න තමයි හැම සුදුසුකමක්ම එදා ඉඳන් හදාගත්තේ. සිනමාවේ මේ මේ චරිත හරහා ඉස්සරහට එන්න ඕනි කියලා තිබුණු ඉලක්ක මට සමහර වෙලාවලදී අහිමි වෙලා ගියා. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. ටෙලිනාට්‍ය කරන්නේ නැතුව ඉන්න හිතුවේ සිනමාවට තියෙන ආදරේටයි. සිනමාව වැටිලා තියෙන එක වෙනම කතාවක්. අපේ ක්ෂේත්‍රයේ ඉන්න අය අත්හදා බැලීම් කරන්න ගිහින් තමයි සිනමාව වැටුණේ. එක එක කාලවලදී එක එක නවකයින් ගෙනත් දාලා මේ සිනමාවේ තිබූ රසාස්වාදය නැතිව ගිහින්නේ තියෙන්නේ. ඉතින් මම හිතනවා කොච්චර ඉවසන් හිටියත් මොන දේ කළත් කැමැත්ත තියෙන පුද්ගලයා සිනමාව අල්ලාගෙන ඉඳීවි කියලා. එහෙම ඉන්න අයත් අදටත් ඉන්නවා. සිනමාව තුළින් ඉදිරියට එන්න බලාගෙන මමත් පුළුවන්තාක්කල් සිනමාව අල්ලාගෙන ඉන්නවා. ලංකාවේ සිනමාව ගොඩගන්න ඕන කියන තැන තමයි එදා ඉඳන් මම හිටියේ. ඒ සඳහාමයි මම මේ හැමදේම ටාගට් කළේ. අපි කළේ නැත්නම් කවුද මේක ඉස්සරහට බාර ගන්නේ.

රියලිටිකරණය ඔබට තැනකදී අසාධාරණ වූවා යැයි ඔබ සිතනවාද?
ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ටම සාධාරණකම් අසාධාරණකම් නම් සිද්ධ වෙනවා. අනිත් රටවල බලන්න ක්ෂේත්‍රය කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා. ප්‍රවීණයින් නවකයින්ට බොහෝම හොඳට අත දෙනවා. ඔවුනොවුන් අතර හොඳ බැඳීමක් තියෙනවා. අපි හැම කෙනාම දෙයක් කරන්නේ හිතේ මොන යම් හෝ පරමාර්ථයක් තියාගෙන. හැමකෙනෙක්ම කැමතියි තරුවක් වෙලා මේ ක්ෂේත්‍රයට දෙයක් කරන්න වගේම තමන්ගේ දක්ෂතා එළිදක්වන්න. කවුරු හරි කෙනෙක්ට ඉරිසියාවක් ඇති වෙලා තවකෙක් එයාගේ පාර අවහිර කරලා ගෙදර යවන්න හදනවා නම්, පාරවල්වල බැරියර් දානව නම්, දක්ෂතා ඔස්සේ ඉදිරියට එද්දී ඔහුට මොනයම් හෝ කරදරයක් කරලා නම හරි කැත කරලා ඔහුව නිශ්ශබ්ද කරවන්න හදනවා නම් ඒ ක්ෂේත්‍රය ඇත්තටම පවතින්නේ නැහැ. අපේ ක්ෂේත්‍රයට වුණත් ඒක බලපාලා තියෙන්නේ සිස්ටම් එකේ තියෙන වැරදි නිසයි. එහෙම නැතුව කාගේවත් ප්‍රශ්න නිසා නෙවෙයි. අපේ මිනිස්සු ගොඩක් වෙලාවට අලු‍තින් එන අයට තැන දෙන්නේ නැහැ. මම නවකයෙක්ව සිටිය කාලේ මට සෑහෙන්න ප්‍රශ්න තිබුණා. මම ප්‍රවීණයෙක් කියන්නේ නැහැ තාමත් මම නවකයෙක්. ඉතින් මම වගේ පොඩි කෙනෙක්ට ඒ වගේ දෙයක් කරනකොට තවකෙක් කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ. මේ නාලිකාවල තියෙන රියලිටි ෂෝ ටික නැති වුණා නම් අද මම හිතන්නේ නැහැ අලු‍ත් පරම්පරාවක් මේ රටට ඉඳීවි කියලා.

සෝෂල් මීඩියා ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් අය බනිනවා සෝෂල් මීඩියාවලට. මම නම් ඇත්තටම කැමතියි සෝෂල් මීඩියා තියෙනවාට. සෝෂල් මීඩීයාවලින් මිනිසුන්ට බොරු කරන්න බැහැ. මිනිස්සු කොහෙන් හරි දක්ෂතා දකිනවා. කොහෙන් කොතැනක හරි මලක් පිපෙනවානේ. එතකොට හැමදාම මේකේ තමන්ට විතරයි දෙයක් කරන්න පුළුවන් කියලා මවාගෙන ආධිපත්‍යය ගොඩනගා ගෙන ඉන්න මිනිසුන්ට හෙටක් දකින්න බැහැ. මොකද එයාලගේ හොර අහුවෙනවා. සෝෂල් මීඩියාවලින් හා රියලිටි වේදිකාවෙන් නවකයින් එළියට එනකොට එයාලගේ හැකියාවන් දකිද්දී සමහරු කැමති නැහැ අලු‍තින් තරු බිහිවෙනවාට. මම නම් කැමති අලු‍තින් අය එනවාට. දක්ෂතාව තියෙන කෙනාට ඉඩ දෙන්න ඕනි. එතකොට තමයි මිනිස්සු දේවල් ආදරයෙන් වැලඳ ගන්නේ.

රංගනයට,නර්තනයට අමතරව ගායකයෙක් විදිහටත් ඔබ කටයුතු කළා?
තරුවක් විදිහටනේ අපිට කතා කරන්නේ. සමහර අවස්ථාවලදී ෂෝවලට ආරාධනා කරනවා ගීත ගායනා කරන්න. එහෙම ගීත ගයන්න ගියහම අපේ ගායන හැකියාව දැකලා කියනවා ෂා ඔයාට සින්ග් කරන්නත් පුළුවන්නේ කියලා. මම ගීත නිර්මාණයන් කිහිපයක් කරලා තියෙනවා. නමුත් එළිදක්වලා නැහැ. එළිදක්වන්නත් කැමැත්ත තියෙනවා.

කළු සුදු විදිහට ආ තුෂාරා චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයේ රංගනයෙන් දායක වෙන්න ඔබට හැකියාව ලැබෙනවා?
එය මා ලද වාසනාවක් කියලා කියන්න පුළුවන්. ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිහින කුමරු, සුපිරිම තරුව විජය කුමාරතුංග මහතා රඟපෑ චිත්‍රපටයක්. ඔහුගේ මට්ටමට අද ලංකාවේ ඉන්න කිසි කෙනෙක්ට එන්න බැහැ. එතුමා රඟ දැක්වූ චරිතය ප්‍රතිනිර්මාණය කරන්න මට ලැබුණු එකට අනන්ත වාර ගානක් මම එතුමාටත් පිං දෙනවා. ඒක මට ලොකු අභියෝගයක් වුණා. තාක්ෂණයත් නැතුව වුණත් ඒ කාලේ චිත්‍රපටය හොඳටම කරලා තිබුණා. අපි චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමේදිත් නොයෙක් බාධා ආවා. චිත්‍රපටය කරන්න හිටපු නිෂ්පාදකයා පවා චිත්‍රපටය දාලා ගියා. අවසානයේ අධ්‍යක්ෂවරයාට චිත්‍රපටය කරන්න වුණේ බොහොම අඩු මුදලකින්. එහෙම කරලත් අදටත් මිනිස්සු ලස්සනයි කියලා මිනිස්සු එය ආදරයෙන් වැලඳ ගත්තා නම් ඇත්තටම මම දිනුම්.

සාලියට ”‍සාලිය”‍ කියන නම ලැබිලා තියෙන්නේ හරි අපූරු විදිහකට. අපි ඒ ගැන මතකය ආවර්ජනය කරමු…
සාලිය කියන නම දැම්මේ අපේ සිනමාවේ නිළි රැජින රුක්මණී දේවී. එතුමිය මගේ පියා සමග නාට්‍යයක් කරමින් සිටින අවස්ථාවේ ඇය මගේ පියාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා කවදාහරි පුතෙක් හම්බුණොත් සාලිය කියන නම දාන්න ඕනී කියලා. එතුමියගේ ඒ ඉල්ලීම නිසා තමයි මගේ පියා සාලිය කියන නම දුන්නේ. හරියටම මේ නමේ අයිතිකාරයා බැලු‍වොත් රුක්මණී දේවී. මගේ මූලාරම්භයේ පටන්ම පසුබිම කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. මගේ පියා, සීයා හා නැදෑයින් බොහෝ දෙනෙක්ම ක්ෂේත්‍රයට සම්බන්ධයි. නමුත් කිසිම තැනක මගේ සම්බන්ධකම් පෙන්වලා නෙවෙයි ක්ෂේත්‍රයට ආවේ. කවුරුවත් දන්නේ නැහැ මට කලා ක්ෂේත්‍රය තුළ ලොකු පසුබිමක් තියෙනවා කියලත්. මම බැලු‍වේ මගේම තනි ගමනක් ගිහින් මගේ නිර්මාණයන් තුළින් මිනිස්සු මාව බාර ගන්නවා නම් හරි මිනිස්සු මට ආදරේ කරනවා නම් මට ඒ හොඳටම ඇති.

කලාවේ හෙට දවස ගැන මොකද හිතන්නේ?
කලාවේ නම් හෙට දවස යහපත්. අපේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ හෙට දවස නම් ටිකක් අයහපත්. අපි නැවතුණාට අනිත් රටවල් නැවතිලා නැහැ. අපි තමා හැමදේකටම හේතු කියාගෙන හේතු හදාගෙන නවත්තලා ඉන්නේ. අනිත් රටවල අය මේ කොවිඩ් කාලයේත් කොහොම හරි නිර්මාණ කරගෙන ඉදිරියට යනවා. මම තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ රටේ සිනමාවට දෙයක් කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනී අද වෙනකන් එක රුපියලක් අරගෙන නෙමෙයි නිර්මාණවලට සහභාගි වුණේ. ඒක ආඩම්බරයෙන් කියන්න ඕනේ. ගෙදරින් සල්ලි අරන් ගිහිනුයි හැම සිනමා නිර්මාණයකටම දායක වුණේ. මම එච්චර ලොකු කැපවීමක් කළෙත් ලංකාවේ මිනිස්සු මට ආදරේ කරලා මාව මෙතැනට ගෙන ආ නිසයි.

ළඟදීම ඔබව නිර්මාණයක් තුළින් දැකගත හැකිවේ ද?
ඒ සඳහා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් හොඳ නිර්මාණයන්ට අපට ආරාධනා කරන්න ඕනේ කියන එක කියන්න ඕනී. හිතන්න ඕනේ මේ නළු‍වා හෝ නිළිය මේ චිත්‍රපටයට දාලා නිර්මාණය දුවයිද කියන එක. මම බොහෝම වගකීමෙන් කියනව මම කරපු කිසිම දෙයක් ෆේල් නැහැ. මම රඟපාපු සිනමා නිර්මාණත් හොඳටම දිව්වා. ඒ නිර්මාණයන් හොඳ ආදායම් ලැබිලා තියෙනවා. ලෝ බජට්වලින් කරලා හයි බජට් හොයපු නිර්මාණ තිබ්බා. චිත්‍රපට සංස්ථාවේ තියෙනවා ඒවාට දත්ත.

අවසාන වශයෙන් ඔබව බලාපොරොත්තුවෙන් සිටින ප්‍රේක්ෂකයින්ට මොනාද කියන්න තියෙන්නේ?
මාව බලාපොරොත්තුවෙන් මම වෙනුවෙන් ඉන්න හැම ප්‍රේක්ෂකයෙක්ටම ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් දෙන්න අවශ්‍ය නිසා මම බොහෝ වෙලාවට බාල නිර්මාණයන්ට සහභාගි වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් රැකගන්න එක අපේ යුතුකම නම් ඔවුන්ට අතිශය සාධාරණයක් ඉටු කළ යුතුයි.

-ටෙනායා ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

හිසේ ඉඳන් දෙපතුල වෙනකම් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ! ලෝකයේ වැඩිම ඉල්ලු‍ම තියෙන්නේ තලෙලු‍ පාටට!

Next Post

හිරුණිකාගෙ ගෙදර වටකළාට වනිතා බලවේගයේ විරෝධය!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.