• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධර්මසේනගේ වල්ලපට්ට!

March 7, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
ධර්මසේනගේ වල්ලපට්ට!
Share on WhatsAppShare on Facebook

‘කුමාර ධර්මසේන’ නම් වූ සිත්කලු ක්‍රිකට් ක්‍රීඩකයා ගැන අටුවා ටීකා වශයෙන් ලියන්නට කිසිම වුවමනාවක් නැත.

කෙටියට යමක් කියනවා නම්, බොහෝ දෙනා දන්නා කියන පරිදි කුමාර ධර්මසේන ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරය තුළද තම නාමය දිග්විජය කළේය..,

පන්දුවෙන් වාගෙම පිත්තෙන්ද සිය දස්කම් කියා පෑ ඔහු අද වන විට ලෝකයේ අංක එකේ ‘අම්පයර්’ කෙනෙකි.

ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයනට පවා දැකුම්කලු සිනහවකින් නිතර සංග්‍රහ කරන්නට හුරුව සිටිය නිහතමානී ධර්මසේනට ඒ දවස්වල ‘පැන්සල් කුමාරයා’ යන නාමය පටබැඳුණේ උස සිරුරක් තිබුණු නිසාය.

‘උනන්දුවා..’ යන නමින්ද පිටිය තුළ ඔහු ප්‍රචලිතව සිටියේය.

‘පැන්සල් කුමාරයා’ට වඩා ‘උනන්දුවා’ යන නම නම් ඔහුට හරි අපූරුවට ගැළපෙන්නේය…

‘ඇයි එහෙම කියන්නේ..?’ කියලා ඔයාලා කවුරු හරි අහනවා නම් ඒක වැරැදි ප්‍රශ්නයකි. එහෙම නැත්නම් ඊයේ පෙරේදාවක ඔයාලා ‘උනන්දුවා’ ගැන විස්තරයක් කියවා නැත. ක්‍රිකට්වලට අමතරව මොනවත්ම ඔහු ගැන කියවන්නට උනන්දු වී නැත.., ඔන්න එහෙනම් බොහෝ විට වැඩිහරියක් දෙනා දැනගෙන ඉන්න… ටික දෙනකු විතරක් නොදන්න අපේ උනන්දුවා හෙවත් කුමාර ධර්මසේන ගැන ක්‍රිකට්වලට අමතරව ඔහු කරන සොඳුරු මෙහෙවරක් ගැන අගය කරන්නට ‘මව්රට’ පත්තරේ ඉඩක් වෙන් වෙනවා.

‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලා යම් සම්මතයක් තිබුණට, අපේ ධර්මසේන නම් ඒ සම්මතය බිඳදාලා ඉවරයි. ඒ කියන්නේ බැට් එකට සමුදීලා ‘සුදුපාට කෝට් බෑයයි… තොප්පියයි’ දාගෙන අම්පයර් කෙනෙක් වුණු ඔහු… තණනිල්ලට විතරක් ඔහුගේ හැකියාව දන්දීලා නිකං හිටියේ නැහැ.

ඇත්තටම ඔහු සොයා යන්නට උත්සාහ කළ ඉසව්ව ටිකක් වෙනස්.., වෙනස්ය කිව්වේ… ලොව පුරා බොහෝමයක් වූ ක්‍රිකට් තරු පසුකාලෙක ව්‍යාපාරකරණයට මැදි වෙන්න ගත්තට… ධර්මසේන ඒක කළේ ටිකක් විතර වෙනසකටයි. කතා කරන භාෂාවෙන් කියනව නම් ධර්මසේන එහෙමත් නැත්නම් ‘උනන්දුවා,’ ‘බිස්නස්කාරයෙක්’ වුණා.

බිස්නස්කාරයට ගමේ තාලෙට කියන්නේ ‘මුදලාලි’ කියලයි. උනන්දුවත් වචනයේ තාලයට තණනිල්ලේ මෙහෙවර පැත්තකින් තියාගෙන මුදලාලි කෙනෙකුටත් අඳින්න ගත්තා. හැබැයි ඔහු මුදලාලිට ඇඳපු කලාව ටිකක් වෙනස්. ඒ වෙනසට හේතු වුණේ ඔහු සොබාදහම සමග ඇතිකරගත් මිතුදහමයි. ඒ සුන්දර මිතුදහම මත තමයි කැලෑබදව ඔහේ වැවුණු වල්ලපට්ට ශාකයට ජාත්‍යන්තර වෙළෙඳපොළේ සුපිරි මිලක් ලැබුණේ.

වල්ලපට්ටා ශාකය කැලෑබදින් ඩැහැගත් උනන්දුවා එහි වටිනාකම කොතෙක්දැයි ‘කළු සුද්දන්ට’ වාගේම ‘ඔරිජිනල් සුද්දන්ටත්’ කියා දෙන්න ගත්තා. වල්ලපට්ට ශාකයෙන් උනන්දුවා හිතාගන්න බැරි නිර්මාණයන් කරන්න ගත්තා. ඒ නිෂ්පාදන නම් වූයේ ‘සිලානි’ කියන නමින්.

‘පන්දුවට, පිත්තට ඇලුම් කළ, සැහැල්ලුවට හිනාවුණු දැවී යනකොටත් හිනාවෙවී පිට්ටනිය හරහා පැවිලියන් එකට ගිය, සැහැල්ලුවට හැමදේම හිතට ගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් හිටි අඩියෙම වාගේ බිස්නස්කාරයෙක් වෙලා. ඇත්තටම ටිකක් පුදුමයි නේද..?

විiුත් මාධ්‍යයක කතාබහකදී එය මෙහෙය වූ මාධ්‍යවේදියා කුමාර ධර්මසේනගෙන් දවසක් එහෙම ඇහුවා..,

ඔහුගේ සුපුරුදු සිරියාවන්ත සිනහව මුහුණේ ඇඳුණේ ඉබේටම වාගෙයි.

බිස්නස් එකකට බැහැපු පළමු හෝ අවසාන ක්‍රිකට් ක්‍රීඩකයා මම නෙවෙයි. අනෙක හිටිඅඩියෙත් නෙවෙයි මේ දේ සිද්ධ වුණේ… ඒ වගේම බිස්නස් එකකට වඩා මෙතනදී මට ඕනෑ වුණේ මම සොයා ගන්නට උත්සාහ කළ… මම කලඑළි දක්වන්නට උත්සාහ කළ… මේ අගනා මෙහෙවරෙහි වටිනාකම ලෝකයට ගෙන යන්නයි.’

උනන්දුවා ඉහත ප්‍රශ්නයට දීපු සරල උත්තරය එයයි.

ඊළඟට මාධ්‍යවේදියා ඇහුවේ..,
‘කොහෙකවත් තැනක, ඔහේ වැඩුණු ‘වල්ලපට්ට ශාකය’ මෙතරමට වටිනවාය යන හැඟීම දැනුණේ කොහොමද..?’ කියාය.

2008 අවුරුද්දේ තමයි ඒ විස්මය මම අත්විඳින්නේ. ඉන්දියාවේ ඉන්න මගේ හිතවත් මිතුරෙක් තමයි ‘වල්ලාපට්ට’ ඇටය ගැන ලොකු හැඳින්වීමක් කරන්න ගත්තේ. මට පුදුමත් හිතුණා… අපි හරියකට අහලවත් නැති, ගණන් ගත්තේවත් නැති ශාකයක් ගැන මගේ හිතවතා ඒ තරමට අගයකින් කතා කරන කොට ඇත්තමයි මට හරි පුදුමයක් දැනුණා.

ඔහු තමයි ‘වල්ලපට්ට’ ශාකයෙන් කළ හැකි දේ අප්‍රමාණය යන වටිනා සිතුවිල්ල ඇතිකර ගැනීමට මට අවශ්‍ය පසුබිම දුන්නේ..’

උනන්දුවා ‘වල්ලපට්ටා ශාකය’ ගැන කතාබහ කරන විටද සොබාදහම සමග ගැටෙන්නට ඔහු තුළ වන උනන්දුව ඔහුගේ හඬ ස්වරය තුළද මොනවට කැපී පෙනෙන්නට තිබුණා. ‘වල්ලපට්ටා’ ඇටයෙන් ආරම්භ කළ වල්ලපට්ටා ශාකයෙහි බෝ කිරීම එකින් එක පටන් ගත් ධර්මසේන අද එය ලක්‍ෂයේ සීමාවට ගෙන ගොස් හමාරය.
ගස් ලක්‍ෂයක් යනු උනන්දුවාගේ ව්‍යාපෘතියට ආයෝජනයක් වාගෙම දැයට සම්පතකි.

ඔව්… ඉහතක කී පරිදි ඉන්දියානු මිතුරකුගේ උපදෙස් හරහා උනන්දුවා හඳුනාගත් වල්ලපට්ට ශාකයේ බීජය, ශ්‍රී ලාංකේය වශයෙන්ද පර්යේෂණය කොට වැඩිදියුණු කරගත්තේ ස්වභාවධර්මයා සමග එක්ව මිහිකත මත පැළ දස දහසකට වඩා රෝපණය කිරීමේ අරමුණින්ය.

පින්තැන්න ‘ප්ලාන්ට්ෂන්’ සමාගමේ හිමිකරු වන අපේ ධර්මසේන ගහ-කොළ සමග ගැටෙමින් කළ මෙම මෙහෙවර තුළදී තමාගේ අරමුණ මුදල් මත පමණක්ම පදනම් නොවූ බවයි ඔහු කියා සිටියේ.

වල්ලපට්ටා නිෂ්පාදන නාමය වූයේ ‘සිලානි.’

‘සිලානි’ ව්‍යාපාරය තුළ උනන්දුවා කරන නිෂ්පාදන කිහිපයකි. එහි තෙල් වර්ග සහ හඳුන්කූරු පළමු තැනක් ගන්නවා. උනන්දුවාගේ අලුත්ම වල්ලාපට්ට අනුසාරයෙන් කරන්නට යන නිෂ්පාදනය වන්නේ නහයට ඉතාම ශාක සාර නැවුම් සුවඳක් දනවන සුවඳ විලවුන් වර්ගයකි. එය ’උනන්දුවා’ යන තමාට කවුරුත් අමතන නමින්ම ජාත්‍යන්තරයට යැවීමටයි ධර්මසේන අදහස් කරගෙන සිටින්නේ.

උනන්දුවාගේ වල්ලපට්ටා බිස්නස් එක හරිම සැලැසුම්සහගතයි.

ව්‍යාපාරයක සාර්ථකත්වයද වන්නේ ඒ සැලසුම් සහගත බවයි. ධර්මසේන පවසා සිටියේ.

මේ මොහොතට ආසන්න වන විට ‘සිලානි’ නිෂ්පාදනයේ නියමුවා වූ වල්ලපට්ට ශාකය අප දහස් ගණනින් රෝපණය අරඹා ලක්‍ෂයේ සීමාවට පැමිණ සිටිනවා.
ලොකු වැඩ කොටසක් මේ හරහා කරන්නට හැකියාව තියෙනවා. අවශ්‍ය වන්නේ උනන්දුව, කැමැත්ත සහ නිවැරැදි සැලැසුමයි.

නිෂ්පාදන එකවර ගොඩගසා ගැනීමට වඩා පළමු පියවර කොහොමද..? දෙවැනි පියවර කොහොමද..? තුන් වැනි පියවර කොහොමද යන්න වසරින් වසරට අප සැලැසුම් කරනවා. මෙම ශාකයට අප පින්තැන්නේදීම හදාගත් ක්‍ෂුද්‍ර ජීවියකුගේ සහාය ලබාගන්නට සූදානම්වයි සිටින්නේ. ඒ හරහා තමයි වල්ලපට්ට ඇතුළතින් නිෂ්පාදන සඳහා අවශ්‍ය ව්‍යාපෘතිය ලබාගන්නේ.

ඒ කුමාර ධර්මසේන, එහෙමත් නැත්නම් අපේ උනන්දුවා සිය සොඳුරු ව්‍යාපාර ගැන ඉතාම සියුම්ව කළ පැහැදිලි කිරීමය.

උනන්දුවා ‘සිලානි’ නිෂ්පාදන තුළ යම් සාර්ථකත්වයක් දකින්නේද…

අද මේ වන විට ‘සිලානි’ නම් වූ උනන්දුවාගේ ව්‍යාපාරය තුළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කොට තිබෙනවා. ඒ අතර සුවිශේෂව ගත් කල අරාබි රටවලින් ලැබෙන ඉල්ලුමෙහි විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනවා. එලෙසම ‘සිලානි’ නිෂ්පාදන හරහා උනන්දුවාගේ ඉලක්කය වන්නේ, අවුරුද්දකට ‘සිලානි’ නිපැයුම් හරහා තම ‘මව්රට’ට ඩොලර් මිලියනයක විදේශ විනිමයක් රැගෙන එන්නටයි.

එය බලාපොරොත්තුවන ලෙස ඉටුවුවහොත් උනන්දුවා වාසනාවන්තයි.

එය ඉටුවන ලකුණු පෙනී යන්නට තිබෙන බව උනන්දුවා පවසනවා. ඔහු කීයේ, අවුරුදු බාගයක් වැනි කාල සීමාවක් තුළ ඩොලර් 7,50,000ක මුදලක් තමා තම රටට ගෙනැවිත් ඇති බවය.

සත්තකින්ම උනන්දුවා පමණක්ම නෙවෙයි… ශ්‍රී ලාංකේය වශයෙන් අපද අප ‘මව්රට’ද, දේශයේම නිෂ්පාදනයක් වන ‘සිලානි’ ගැන ආඩම්බර විය යුතු වන්නේය.
ඒ ආඩම්බරකමට වඩාත්ම මුල් වන්නේ උනන්දුවාගේ ‘සිලානි’ නිෂ්පාදන සැපැයුමට වඩා රට රටවල ඉල්ලුම තව තව වැඩි වන නිසාය.

උනන්දුවා ‘සිලානි’ මෙහෙවර තුළදී සොබාදහමේ අපූර්වත්වයට සුවිශේෂීව සලකනවා.

එය අගය කළ යුතුයි. විශේෂයෙන්ම නිෂ්පාදනයේදී අපේ උනන්දුවා එහි දැක්ම සඳහා යොදාගෙන තිබෙන්නේ අලංකාර පක්‍ෂීන් සහ සත්ව විශේෂණයන්.
සරලව එය දක්වනවා නම්… ‘නිල්පැහැ’ ඔයිල් වර්ගය සඳහා ‘පිළිහුඩුවා’ද, ‘කොළ පැහැ’ ඔයිල් වර්ගය සඳහා ‘මොනරා’ගේ රූ සිරියද, ‘තැඹිලි පැහැ’ ඔයිල් අසුරණය සඳහා ‘වලිකුකුළු’ රුව සමග ‘රතු පැහැති’ ඔයිල් වර්ගය වෙනුවෙන් ‘සමනල’ රුවද යොදාගෙන ඇත.

‘සිලානි’ වෙනස් බවින්ද යමක් සිතන්නට හැකි චමත්කාරයෙන්ද අනූනයි.

උනන්දුවාගේ පරමාර්ථයද වෙනස් යමක් කිරීම සහ පාරිභෝගිකයාගේ සිත පිනවීමයි. ඔහු එය අපූරුවට කළා යැයි කෙසේ නොසිතන්නද?

ඉතින්..,
ශ්‍රී ලංකාවාසීන් ලෙස අපද ඔහුට සුබපතමු..,!

‘උනන්දුවා..
ඔහොම යං…

ඔබට සදා ජය..!’

දමයන්ති ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කුරුල්ලා ඉතුරු කොට රූපවාහිනියේ ඉංග්‍රීසි දෙමළ පියාඹවන්න සැලැස්සුවේ කව්ද? කුරුල්ලා කාගේද?

Next Post

අනුරලාට බිත්තර ගැසූ දෙන්නා පොලිසිය මාසයකට පසු අධිකරණයට ඉදිරිපත් කරයි! අධිකරණය සති 2කට ඇතුළට දමයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.