• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…! කුස ගින්දරට පුතුනේ ඒ එළිය මදී…!

March 7, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…! කුස ගින්දරට පුතුනේ ඒ එළිය මදී…!
Share on WhatsAppShare on Facebook

‘මගේ මහත්තයාට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. එයා කුලී වැඩ කරලා ගත්තු මුදලින් තමයි අපි ජීවත් වුණේ. අපිට ස්ථිර ගෙයක් නැහැ. රුපියල් 3,500කට කුලියට ගත්තු කාමරයකයි අපි හිටියේ. අපිට ස්ථිර පදිංචියක් නැති නිසා දරුවන්ව ඉස්කෝලේ දාගන්නත් බැරිවුණා.’

‘ගෙදර දින තුනක් තිස්සේ කන්න දෙයක් තිබුණේ නැහැ. දරුවන්ගේ තාත්තා ගෙදරින් ගියේ කන්න දෙයක් හොයන් එන්නම් කියලා. ඒත් එයා එදා රෑ ගෙදර ආවේ නැහැ. බඩගින්න ඉවසන් ඉන්න බැරි තැන ගෙදර තිබුණු පුටු දෙක විකුණලා දරුවන්ට කන්න ගෙනත් දුන්නා.’

‘මියගිහින් තියෙන්නේ මගේ සැමියා. අපි විවාහ වෙලා අවුරුදු 14ක් වෙනවා. අපිට අවුරුදු 12ට අඩු දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පුතාලා තුන්දෙනයි දුවයි. අපි මාස 09කට ඉස්සෙල්ලා හිටියේ නෑබඩ. අපි වැලිපැන්නට ආවේ සැමියාට කුලී වැඩක් සොයාගෙන. මහත්තයා පසුගිය දවසක තවත් කෙනකු සමග ඉඩමක් සුද්ධ කළා. ඒ කෙනා වැඩිපුර සල්ලි ගත්තා. ඉඩමේ අයිතිකරු සම්පූර්ණ මුදල දීලා තිබුණෙත් නැහැ. අපිට කිසිම පිළිසරණක් තිබුණේ නැහැ. දරුවන් පොඩි නිසා මටත් රස්සාවකට යන්න බැරි වුණා. දරුවන්ට කන්න දෙන්න බැරිකමට දුකෙන් හිටියේ. මේ ප්‍රශ්න එක්ක ආපු පීඩනය හේතුවෙන් මහත්තයා ඔහුගෙ නැදෑයකුගේ ගෙදරක් ළඟ ගෙල වැලලාගෙන මියගිහින් හිටියා.’

මේ පසුගියදා අසන්නට ලැබුණු ඉතා කනගාටුදායක පුවතකි. මේ වැලිපැන්න හෝලිබෝන් ප්‍රදේශයේ පදිංචිව සිටි නාගරාජා රංජන් (37) යන අයගේ බිරිය වන මඩසාමි මංජුලා (30) මරණ පරීක්ෂණයේදී හැඬූ කඳුළින් මේ සිදුවීම ගැන පවසා සිටියාය. නාගොඩ රෝහලේ හදිසි මරණ පරික්ෂක නිහාල් ජයනෙත්ති මහතා මෙම මරණය පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකළ අතර, එය ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කළේය.

මේ කනගාටුදායක පුවත අප ‘මව්රට’ ෆේස්බුක් පිටුවේ පළකළ අතර, ඊට එක් කාන්තාවක් දක්වා තිබුණේ මෙවැනි ප්‍රතිචාරයකි.

“චූන් එකට ළමයි හැදුවට, හැදූ එකා දැනගන්න ඕනෙ කන්න දෙන්න. ආණ්ඩුවවත් තව කෙනෙක්වත් ඒකට පලි නෑ. රැකියා නෑ කියන්නේ බොරු. දවසෙ වියදම හොයාගන්න රැකියා තියෙනවා. ඒ වගේම කෑම හිඟකමක් මේ සිංහල දිපේ නෑ. කැලේට ගියාම කටු අලයක් වුණත් හොයාගන්න පුළුවන්. සෑම දෙයක්ම ළඟට එනතෙක් බලා සිටිය යුතු නෑ. තාත්තාගෙ අභියෝගය දරුවන්ට කන්න දෙන එක. උදාර පියවරු ඕනෙ තරම් ඉන්නවා. ප්‍රශ්නවලට බයේ පලායන එකා මැරෙන එක හොඳයි…”

කෙනකු මේ විදියට තම අදහස් නිදහසේ පළ කළද, සැබෑ ලෙසම අන්ත දිළිඳුකමත් සමග ජීවිතයට මුහුණ දෙන විට ඒ තාත්තා කොයි තරම් පීඩනයකට පත්වන්නට ඇද්ද?
අපට දිනෙන් දිනම මෙවැනි හද කම්පාකරන සිදුවීම් අසන්නට දකින්නට ලැබෙනවා. දවස් ගණන් බඩගින්නේ ඉන්න පවුල් මේ රටේ අපි දැකලා තියෙනවා. කන්න දෙයක් නැතිකමට අලයක් තම්බලා, රොටියක් පුච්චාගෙන කාලා දවස ගෙවන පිරිස අපේ රටේ ඕනෑ තරම්.

මේ ප්‍රශ්නවලට විසඳුම දිවි නසාගැනීම නොවුණත් ඒ තරම් කැප කිරීමක් කරන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ටයි. මේ තාත්තා කොතරම් නම් හිතින් හඬා වැටෙන්නට ඇද්ද? කී දෙනෙකු ළඟ පින්සෙණ්ඩු වන්නට ඇද්ද? තමන්ගේ දරුවන්ට කන්න දෙන්න කුලී වැඩක් සොයාගෙන සැතපුම් ගණන් ඇවිද යන්නට ඇති. වේල් ගණනක් නොකා නොබී දරුවන්ගේ කුසගිනි නිවන්නට වෙහෙස වෙන්නට ඇති. දෑතේ කරගැට එනතුරු වත්තක් සුද්ධ කරලාත් ඉන් නිසි මුදලක් නොලැබුණු තැන, ඉන් මහත් වූ කම්පාවකට ඔහු පත්වෙන්නට ඇති. කුසගින්නෙන් හඬන පොඩි දරුවන් ගැන හිත හිතා දහස් වර කල්පනා කරන්නට ඇති.

මේ කනගාටුදායක සිදුවීම ගැන සිතද්දී ටී.එම්. ජයරත්නයන් ගායනා කරන ‘අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…’ කියන ගීතය සිතට නැඟෙන්නේ නිතැතින්මයි. අම්මාගේ ආදරයට වඩා තාත්තෙකුගේ ආදරය හරි වෙනස්. අම්මා කෙනෙක් දරුවන්ට ආදරය පෙන්නනවා තාත්තෙක් එහෙම ආදරය පෙන්වන්නේ නැහැ. තාත්තා කෙනෙක් හැම විටම ආදරය දෙන්නේ සඟවලා. අම්මාගේ නෙතට කඳුළු ඉනුවාට තාත්තා හඬන්නේ හදවතින්.

අපි නොදන්නවා වුණාට තාත්තලා දහස් වරක් හිතින් හඬනවා. ඒ, තමන්ගේ දරුවන්ට, බිරියට සලකන්න බැරිවුණොත්. බොහෝ දෙනෙක් කතාකරන්නේ අම්මාගේ ආදරය සෙනෙහස ගැන විතරයි. ගොඩාක් කවි ගී ලියවිලා තියෙන්නෙත් අම්මාගේ සෙනෙහස ගැන විතරයි. නමුත් තාත්තා කඳුළු සලනවා අපි දැක්කේ නැතිවුණාට ඔවුන් හිතින් හඬන වාර අනන්තයි. තාත්තෙකුගේ ආදරය හරියට පායන හිරු වගේ. මුළු පවුලටම එළිය දෙනවා. සඳ නැතිව ලෝකයට පවතින්න පුළුවන්. ඒත් හිරු නැතිව ලෝකයට පවතින්න බැහැ. තාත්තා කෙනකු නැති ගෙදරක් කියන්නේ හිරු නොමැති ලෝකයක් වගේ. අපට ඉන්න එකම පිළිසරණ අපේ තාත්තා. පියකු නැති ගෙදරකට ප්‍රශ්න එන්නේ එක පිට එක.

දියණියකට තමයි තාත්තෙකුගේ ආදරය වැඩියෙන් දැනෙනවා කියන්නේ. දුවෙක් විවාහ වෙලා යනකොට තාත්තා කෙනෙක් මුල්ලකට වෙලා අඬනවාලු. සමහර දුවලා තමන් කසාද බැන්දාට පස්සේ තමන්ගේ තාත්තාව අමතක කරනවා. ගොඩාක් දරුවෝ අද මවුපියන්ට සලකන්නේ නැහැ. නමුත් ඒ දරුවොත් දවසක විවාහ වෙලා දරුවෙක් හදපු දවසට ඔවුන්ටත් එය වැටහේවි.

තරුණ පරම්පරාව මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. තාත්තා කියන්නේ අපිට නැගිටින්න අත දීපු කෙනා. පුංචි කාලේ හොඳ නරක කියාදීලා යහපත් ජීවිතයක් උදාකරලා දුන්න තාත්තාව වර්තමානයේ බොහෝ දරුවන් අමතක කරනවා. තාත්තා සෙරෙප්පු දෙක ගෙවිලා යනකන් අපි වෙනුවෙන් ඇවිද යන්න ඇති. කමිසයේ දහඩිය ගලාගිහින් කොලර් එක අව්වට පිච්චෙනකන් එකම ඇඳුම අඳින්නට ඇති. ඒ දහදුක් වින්දේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. දරුවන් සතුටු කරන්නයි. ඔවුන්ව පෝෂණය කරන්නයි.

‘මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ’ මේ සියලු බර කරට ගත්තේ තාත්තා. බොහෝ විට තාත්තා කෙනෙකුගේ කතාබහ අඩුයි. ඒත් තාත්තාගේ හිත හුඟක් බරයි. අපිට නැඟිටින්න ශක්තිය දුන්න, ඉගෙනගන්න අත දුන්න, ආස කරන කෑම, සෙල්ලම් බඩු ගෙනල්ලා අපිව සතුටට පත්කළ තාත්තාගේ ජීවිතයම කැපකළේ අපි වෙනුවෙන්. අපි බඩගිනියි කියලා අම්මා ළඟට දිව්වාම අම්මා කෑම හදලා අපට කැව්වාට ඒ කෑම ගෙන එන්න අවශ්‍ය මුදල් හොයලා දුන්නේ තාත්තා කියන බව අප අමතක නොකළ යුතුයි.

‘අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුණි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී…’

තාත්තෙක් වෙනුවෙන් කවි ගීත නොලියවුණාට මේ ගීතය තරම් තාත්තා ගැන කියූ සුන්දර ගීතයක් තවත් නැතුව ඇති. අපි හැමෝම සිහි තබාගත යුතු කාරණයක් ඇත. ඔබ අප යම් තැනක අද සිටී නම් ඒ ඔවුන් නිසාය කියන එක. ඒ ආදරයට ඒ කැපකිරීමට ඔබ ඔබගේ ජීවිතය තිබෙන තුරා ඔවුන්ට ණයගැතියි.

අප ඉහතින් සඳහන් කළ දිවිනසාගත් තාත්තාගෙ කතාව වැනි සිදුවීමක් අසන්න ලැබුණු වහාම මම වෙනදා මුලින්ම කතාකරන්නේ සිදුවීමට අදාළ පොලිස් ස්ථානයට. නමුත් මේ සිදුවීමෙදි මා ඒ කිසිවකුට කතා නොකළේ, මෙය පීතෘ සෙනෙහස මූලික කරගත් අනුවේදනීය සිදුවීමක් නිසා. තාත්තා කෙනකුගේ සෙනෙහස ඇට ලේ මස් නහර සිඳගෙන යන්නට තරම් සමත් වූවක් බව සරච්චන්ද්‍රයන් පවා සඳහන් කර තිබෙනවා. ඒ උතුම් වූ පිය සෙනෙහස මතුපිටින් දකින දේ තුළින් නිශ්චිතවම නිගමනය කරන්න බැහැ. ඒ තාත්තා දිවිනසාගන්නට ඇත්තේ කුසගින්නෙන් හඬන ආදරණීය දරුවන්ට කරන්නට දෙයක් නොමැති වූ විටක වන්නට ඇති…

‘අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ?’

නැහැ. අපිට පියවරුන්ගේ සෙනෙහස නොපෙනුණාට පියවරුනුත් බුදුවරු හා සමානයි. දරුවන් වෙනුවෙන් ජීවිතයම කැපකරන මේ මිහිතලයේ සියලු පියවරුන්ට නමස්කාර වේවා…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ජංගි හොරු නගරයේ වගේම ගමෙත් ඉන්නවා! ටෙලිනාට්‍ය මට අරහං!

Next Post

හිසේ ඉඳන් දෙපතුල වෙනකම් මම බ්‍රෑන්ඩ් බලලා තමයි අඳින්නේ! ලෝකයේ වැඩිම ඉල්ලු‍ම තියෙන්නේ තලෙලු‍ පාටට!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.