• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චමුදිත නම් ලයිස්තුවක් හෙළි කරයි! ඔන්න පුළුවන්නම් ගහපු කෙනා හොයාගන්න!

February 23, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
චමුදිත අසනීප වෙයි!
Share on WhatsAppShare on Facebook

චමුදිතට පහරදීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල කළ බරපතළ පහරකි. චමුදිත හරිද වැරැදිද කියනා එක අපට මේ මොහොතේ අදාළ නැත. ඔහු මාධ්‍යවේදියකුද යන්න පමණක් අපට අදාළ වේ. ඒ නිසාම අපි ඔහුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරන්න තීරණය කළෙමු. චමුදිතට එල්ල කළ ප්‍රහාරය සැබෑම ප්‍රහාරයක්ද, එසේත් නැත්නම් ඔහුගේ රඟපෑමක්ද යන්න අපට වටින් පිටින් විමසනවාට වඩා ඔහුගෙන්ම විමසා දැනගැනීම ඉතා උචිත බව අපේ විශ්වාසයයි. ඒ නිසා අපි චමුදිත සමරවික්‍රමට ඇමතුමක් ගත්තේ මේ පිළිබඳ විමසන්නටයි. නිවෙසට යනෙන බොහෝ පුද්ගලයන් අතර හිඳ වුව චමුදිත අප වෙනුවෙන් පැය භාගයක් වෙන් කළේය. චමුදිතට ඒ පිළිබඳ අප ස්තුතිවන්ත වෙමු. කුමක් වුවද චමුදිත මේ පහරදීම සහ ඊට පෙර සහ පසු සිදුවීම් සම්බන්ධව මෙසේ අප සමග පැවැසූ අතර, ඔහු පවසන ලද සියල්ලටම ඔහු වගකියන බවත්, ඔහු නොකියූ කිසිවක් මෙහි පළ නොකරන්නටත් අප වගකියන බවත් මෙසේ ඔබ මෙය කියවන්නට පෙර ඔබට දැනුම් දී සිටිමු. මෙය සම්පූර්ණයෙන්ම සම්මුඛ සාකච්ඡාමය ලිපියකි. මෙහි කිසිදු නිර්මාණාත්මක වදනක් හෝ වෙනත් යමක් ඇතුළත් කර නැති අතර, අපි පිටුවේ ඉඩකඩ සකස් වන ආකාරයෙන් යම් යම් කොටස් ඉවත් කිරීමට සිදුවූ බවද මෙසේ දැනුම්දී සිටිමු.

මේ සිදුවීම මොකක්ද කියන එක අපි තවදුරටත් කතා කරලා වැඩක් නෑ. සිදුවීම ගැන මුළු රටම දන්නවා. ඒත් අපි ඔබෙන් අහන්නේ ඇත්තටම මේ පහරදීමට සැක කවුරු හරි කෙනෙක් ඔබට ඉන්නවද?
අගමැතිවරයා මගෙන් අහන්නෙත් ඔය ප්‍රශ්නෙ. ඇත්තටම සාමාන්‍ය මනුස්සයකුගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවොත් ඒගොල්ලො කියයි මගෙත් එක්ක අල්ලපු ගෙදර එක්කෙනා මාඉමකට තරහයි වගේ මොනව හරි දෙයක්. හැබැයි මට එහෙම නෙවෙයි. සතොස ආයතනයෙ සුදු ලූනු වංචාව, ගෑස් වංචාවෙ ඉඳලා, කුඩු කන්ටේනර් එළියට පැමිණීමේ ඉඳලා, ජාවාරම්කාර ව්‍යාපාරිකයො, ඇමැතිවරු, ඊට පස්සේ බිත්තර ප්‍රහාරයෙ ඉඳලා ඊට පස්සේ රූප රාජිනී තරගය වෙනකල් හාමුදුරුවරු, පොලිස් දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් කටක් ඇරියොත් දවසකට හතුරො පස් හය දෙනෙක් එකතු වෙන එක තමයි මට සාමාන්‍යයෙන් වෙන්නේ. මට කවුරුත් තර්ජනය කළා කියන එක නෙවෙයි. ඇත්තටම මට තර්ජනාත්මකව ටෙලිෆෝන් කෝල් එකක් ආවා නම් ආවේ අර පියුමි හංසමාලිලාගේ සිද්ධිය වෙලාවෙ විතරයි.

ඒ කියන්නේ ඒ සිද්ධිය වෙලාවෙ ඔබට තර්ජනය කරලා ටෙලිෆෝන් කෝල්ස් ආවා?
මට ටෙලිෆෝන් කෝල්ස් දෙකක් ආවා 1112 කියන නම්බර් එකකින්. මම ඒ සම්බන්ධව තොරතුරු දුන්නා. ඇත්තම කතාව මට ඔය තර්ජනය කරලා රෝන් ටෝක් එකක් වගේ ටෙලිෆෝන් කෝල්ස් එකක් දෙකක් එනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් එහෙම දෙයක් වුණා කියලා මම පොලිසියට දුවගෙන යන්නෙ නෑ. ඇත්තටම අපිට ඕවට වෙලාවක් නෑ. මට ඕවා සාමාන්‍ය සිදුවීම්. කතා කරන අය කියනවා මේකට අර ප්‍රෝග්‍රෑම් එක, අනිත් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ ඇති කියලා. හැබැයි මට එහෙම කිසි කෙනෙක් ගැන සැක කරන්න බෑ.

ඔය අරක වෙන්න ඇති, මේක වෙන්න ඇති කියලා කියන්නේ මොකක් ගැනද? අපේ ජනබල පක්ෂයත් එක්ක කරපු සාකච්ඡාවද? අන්තිමට කළේ ඒකනෙ?
සමහරු ඒක ගැන කතා කරනවා. ඒ වගේම රූප රාජිනී තරගය සම්බන්ධව කරපු වැඩසටහන ගැනත් කතා කරනවා.

එතකොට ඒ රූපරාජිනී තරගයට සහභාගි වෙච්ච පුෂ්පිකා හෝ වෙන කෙනෙක් ටෙලිෆෝන් එකෙන් කතා කළේ නැද්ද ඔබට?
මට කතා කළා. මට කතා කරලා කිව්වා අනේ චමුදිත හරිම කනගාටුයි වෙච්ච දේට වගේ දෙයක් තමයි කිව්වේ. ඥානසාර හාමුදුරුවන්ගෙන්වත් කාගෙන්වත් මට කෝල්ස් ආවෙ නෑ.

හදිස්සියෙම ඥානසාර හාමුරුවො ගැන කතා කරන්නේ, ඒ කියන්නේ ඥානසාර හාමුදුරුවන්ගෙන් කෝල්ස් ආවෙ නෑ කියන්නේ, ඥානසාර හාමුදුරුවො කෝල් කරන්න තරම් දේවල් සිද්ධ වුණාද ඇත්තටම?
ඇත්තටම ඒ ප්‍රෝග්‍රෑම් එක බොහොම තීරණාත්මකයිනෙ. ඒකෙ කියන දේවල් හරි තීරණාත්මකයි. ළමයි ඉන්නවා, ගෑනු එනවා, ඇතුළට පොඩි කෙල්ලො එනවා, රෑට බීලා අම්මා මතක් කරලා බණිනවා වගේ දේවල් කියවෙච්ච ආන්දෝලනාත්මක වැඩසටහනක්.

දැන් ඔබ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසි ගියානේ. එතකොට පොලිසියට දැනුම් දුන්නෙ නැද්ද ඔබ මෙන්න මේගොල්ලො මට සැකයි කියලා?
පොලිසියත් ඔබ ඔය අහනව වගේම ප්‍රශ්නෙ ගැන ඇහුවා. ඔය වැඩසටහන් ගැන කියලා ඒගොල්ලො සැකයිද කියලා මගෙන් ඇහුවා. මම මෑත කාලෙ කරපු ප්‍රෝග්‍රෑම්ස් තුනක් ඉතාම තීරණාත්මකයි. එකක් ඥානසාර හාමුදුරුවො. ඊට පස්සේ පුෂ්පිකාගෙ ප්‍රෝග්‍රෑම් එක. ලංකාවෙ බෙස්ට් ඕ.අයි.සී.ගෙ ඉන්ටවිව් එක යූ.කේ.වල ඉඳන්. ඒ වගේම ලංකාවෙ ගෑස් කේස් එක. ඒක තනිකරම මම හදපු කතාවක්. ඒ කාලෙ ඔය තෙෂාර ජයසිංහ මම හිටපු වට්ස් ඇප් ගෲප් එකකටම දැම්මා දැන් අමු බොරු කියපු අය මොකද කියන්නේ, සල්ලිවලට යූටියුබ් කරන චමුදිත දැන් කෝ?, සල්ලිවලට ප්‍රෙස් කරන තුෂාන් කෝ? ඇයි මේ දෙන්නා තාම එළියේ? වගේ එකක්.
ඒ කියන්නේ ඇයි එළියේ කියලා අහන්නේ අපි ඇතුළේ ඉන්න ඕනෙ කියන එකනෙ. ඇයි තාම මේගොල්ලො නිදැල්ලේ වගේ අදහසක්. එයා හිතන් හිටියෙ ඇත්තටම එයා හරි කියලනෙ. මේ පරණ සිදුවීම කියන්නේ නිකන්. ඊට පස්සේනෙ ජනාධිපතිවරයගෙ වාර්තාව එන්නේ කොම්පොසිෂන් එක තමයි මේකට හේතුව කියලා. ඒ වගේම සුදුලූනු වංචාව සම්බන්ධයෙන් මම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් රටට හෙළිදරව් කරනවා. තුෂාන් ඉවත් වෙච්ච වෙලාවෙ කරපු සාකච්ඡාව. සාමාන්‍යයෙන් මගේ සම්ප්‍රදායක් තියෙනවා මම රූපවාහිනියෙදි හෝ මගේ යූටියුබ් නාලිකාවෙන් හෝ යමක් පිළිබඳ හොයනවා නම් ඒ සම්බන්ධව දෙයක් කරනවා නම් ඒක ඉවර වෙන තුරු මම ඒක හොයනවා. සීනි බදු වංචාව වුණත්, පොල් තෙල් ප්‍රශ්නෙ වුණත්, සතොසෙ බඩු නැති එක වුණත්, පෝර ප්‍රශ්නෙ වුණත්.

ඇත්තටම ඇයි ඒ? ඒවා වයිරල් යන හින්දද? නැත්නම් ඔබ මාධ්‍යවේදියගෙ කාර්යභාරය ඒක කියලා හිතාගෙන ඉන්න හින්දද? මොකක්ද ඇත්තටම වුවමනාව? නැත්නම් මිනිසුන්ට මේ ප්‍රශ්න විසඳගන්න ඕනෙ හින්දද?
ඒ තුනම කියන්න පුළුවන් ඇත්තටම. වයිරල් යන එකත් හරි. ඒ වගේම මාධ්‍යවේදියාගේ කාර්යභාරය කියන එකත් හරි. ඇත්තටම මෙහෙමනේ, අපි හැම දෙයක්ම අල්ලනවා විතරනේ. මගේ මේ කේස් එක තව දවස් දෙක තුනක් ගියාම මිනිස්සුන්ට අමතකයි. දැන් කෝ සුදුලූනු ප්‍රශ්නෙ? අන්තිමට පැමිණිලිකාරයා විත්තිකාරයා වුණා. මේ ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි සල්ලිවලට කරනවා කියලනේ.

අපි චමුදිත මේක ඇත්තටම ක්ලියර් කරගමුකො. ඔයාට ඇත්තටම චෝදනාවක් තියෙනවා ඔයා සල්ලිවලට මේවා කරන්නේ කියලා. ඔයා යූටියුබ් ව්‍යාපාරිකයෙක්. ඇත්තටම මේවා සල්ලිවලට කරන ඒවා නෙවෙයිද? මේ වීඩියෝස් කරන්න සල්ලි ගන්නෙ නැද්ද?
නෑ. ඇත්තටම මගෙත් එක්ක වීඩියෝවලට සහභාගි වෙච්ච අය මේ ගැන දන්නවා. මුදල් ගැනීම හෝ නොගැනීම මගේ වැඩක්. ඒක මගේ ව්‍යාපාරයනේ. බලහත්කාරයෙන් නෙවෙයිනෙ. මට ඕනෙ නම් මගේ රේට් එක කියන්න පුළුවන්, මගේ රේට් එක මේකයි කියලා. මං කාගෙන්වත් බෙල්ල මිරිකල සල්ලි ගන්නේ නෑනෙ. එයා කැමැති නම් දෙනවා, අකැමැති නම් නොදී ඉන්නවා. හැබැයි මගේ සම්ප්‍රදාය ඇතුළේ 99.9%ක් මම කරලා තියෙන්නේ නිකන්. චම්පික රණවක සල්ලි දෙයිද? රනිල් වික්‍රමසිංහ සල්ලි දෙයිද?

ඔබේ ගණන් හැදිල්ල අනුව 0.01%ක් වත් තියෙනවනෙ ඉතිරි වෙලා. ඒ කියන්නේ ඔය සල්ලිවලට වීඩියෝ කරලා තියෙනවා?
ඔව් ඔව් ඔව්. මම සල්ලිවලට වීඩියෝ කරලා තියෙනවා. සමහර ව්‍යාපාරිකයො ඉන්නවා තමන්ගෙ වීඩියෝ කරගන්නවා. ඇත්තටම මම වීඩියෝ හාරසිය ගානක් විතර කරලා තියෙනවා. ඒකෙන් පහකට විතර තමයි සල්ලි අරගෙන තියෙන්නේ.

එතකොට ඔබ කියන්නේ ඔය ඥානසාර හාමුදුරුවන්ගෙ සිද්ධියවත්, රූප රැජිනියන්ගෙ කතාව වත් සුදු ලූනු වංචාවවත්, ඒ වගේ මොනම වීඩියෝ එකක්වත්, ප්‍රධාන පෙළේ කන්ට්‍රවර්ෂල් වෙච්ච වීඩියෝ එකක්වත් සල්ලිවලට කරපුවා නෙවෙයි?
ඔය තුෂාන් එක්ක අපි සාකච්ඡා හය හතක් කරලා තියෙන්නේ. තුෂාන් වතුර උගුරක් දීලා නෑ. තේ එකක් දීලා නෑ. ඒක ඇත්තටම එයා දැනගන්න ඕනෙ අපිට තේ එකක්වත් දෙන්න. අපි දුන්න නම් නොබී ඉන්නෙ නෑ. හැබැයි තේ එකක්වත් දීලා නෑ. සුදු ලූනු සම්බන්ධ ආයතනය. ඇත්තටම ඒගොල්ලන්ගෙ සුදු ලූනු තමයි ඒ ඉන්දියන්කාරයත් එක්ක එකතු වෙලා පන්නන්නේ මේගොල්ලේ. වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් එකේ ඔෆිස් එක තියෙන්නේ. හැබැයි මම බලන්නේ, විශ්වාස කරන්න මුදල නෙවෙයි. ඇත්තටම මම මේ යූටියුබ් එකේ සල්ලි හොයන්නේ නෑ. මේකෙන් අපට යූටියුබ් එකෙන් හම්බවෙන ආදායමක් තියෙනවනෙ. මාසෙකට ලැබෙන ආදායම. මගේ යූටියුබ් එක මෙහෙයවන පුද්ගලයට මම ඒ සල්ලිවලින් 100% දීලා තියෙනවා. ඇත්ත කතාව මේකයි. මට ඉන්නෙ එක්කෙනයි. එයා තමයි කැමරාමන්. එයා තමයි රියැදුරු. එයා තමයි එඩිටර්. මම කිව්වේ ඔයා චැනල් එක පාලනය කරන්න. මට අවශ්‍ය වෙන්නේ මේක හරහා යම් කිසි ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. එයාට මම කිව්වා ඔයා හිතාගන්න සල්ලි වවනවා කියලා. මගේ වුවමනාවත් මම කිව්වා. අපි දෙන්නගෙම වැඩේ සාර්ථක වෙනවා එහෙම වුණාම.

දැන් ඇත්තටම ඒ අරමුණු ටික ඉෂ්ට වෙලාද?
ඔව්, එයා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙනවා. මට ප්‍රතිරූපයක් ගොඩනැගිලා තියෙනවා. ඔය ලීසිං සෙක්ටර් එක, බැංකු සෙක්ටර් එක සම්බන්ධව මම තරම් වීඩියෝ කරපු වෙන කිසිම කෙනෙක් නැතුව ඇති. හැබැයි මං සත පහක් ඔය කිසි කෙනෙක්ගෙන් අරගෙන නෑ. ඇත්තටම මම චැලෙන්ජ් එකක් දෙනවා. මගේ යූටියුබ් එකට ආපු මිනිසුන්ට. කතා කරන්න පුළුවන්නෙ ඕනෙ කෙනකුට. ඕනෙ නම් අයකරන්න පුළුවන්, අඩුම තරමින් කොස්ට් එකක්. මට පුළුවන්ද මගේ හිතවතෙකුට වුණත් කියන්න මල්ලි මගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නිකං කරලා දෙන්න කියලා. සත පහකවත් ලාභයක් නැතුව අපි කළා. අවසානෙට කළා ගෝල්ඩන් කී ඩිපොසිට් කරපු අයගෙ වැඩසටහනක්. ඒ මිනිස්සු ඉන්නේ අසරණ වෙලා. ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න බෑ. දැන් ඔය මොනව හරි සිද්ධියක් සම්බන්ධව එහෙම මම විවේචනය කරාට පස්සේ ඒගොල්ලො මාත් එක්ක යාළු ඇද්ද?

ඇත්තටම චමුදිත ඔබ ඔය කියන දේ අහගෙන ඉන්නකොට මට අහන්න හිතුණු ප්‍රශ්නෙ තමයි කොයි ක්ෂේත්‍රයෙද තරහා කාරයො නොවෙන අය ඉන්නේ? කාවවත් තරහා කර නොගත්ත ක්ෂේත්‍රයක් තියෙනවද?
රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කතා කරලා කියපු දෙයක් තියෙනවා. එයා අහන්නේ ඔහොම කරලා ඔයා කොතැනටද යන්න හදන්නේ කියලා. ඔයා හැමෝම තරහා කරගන්නවනෙ කියලා. මම රනිල් වික්‍රමසිංහටත් හිතුණොත් ගහනවා. ගෝඨාභය රාජපක්ෂටත් ගහනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කළේ නැද්ද මේ සිද්ධියෙන් පස්සේ?
නෑ නෑ. කතා කළේ නෑ. මහින්ද රාජපක්ෂ විතරයි කතා කළේ.

ඥානසාර හාමුදුරුවො, රතන හාමුදුරුවො වගේ භික්ෂු සංස්ථාවට සම්බන්ධ කවුරුවත් කතා කළේ නැද්ද?
රතන හාමුදුරුවො කතා කරලා තිබුණා. හැබැයි මේ සිද්ධියට කලින්.

තරහා කරගෙන, එහෙම අනං මනං වෙලා ඇත්තටම ඔබ හදන්නේ මේ රට අතහැරලා දාලා යන්නද? එහෙම දේවල් වෙනවා ඕනෙ තරම් අපි දැකලා තියෙනවනේ?
නෑ, මම එහෙම දෙයක් නම් හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මීට කලිනුත් ඇත්තටම එහෙම දේවල් වුණානේ. චන්දිමාල්ලා පියුමිලාගෙ සිද්ධිය වෙච්ච වෙලාවෙත් මිනිස්සු කිව්වේ එහෙම දේවල් තමයි. වැඩිපුරම කියන්නේ අපි පනිනවා කියන එකනෙ.

ඔබ කතාකරන විදියට තේරෙනවා වැඩිපුරම තර්ජන එල්ල වෙලා තියෙන්නේ, වැඩපුරම ටිකක් ගැස්සුණේ ඔය පියුමි හංසමාලිලාගේ සිද්ධියේදි නේද?
මෙහෙමයි මම කිසිම පුද්ගලයෙක් එක්ක පෞද්ගලික හේතුවක් හිතේ තියාගෙන වීඩියෝස් කරන්නේ නෑ. මම චන්දිමාල් එක්ක කතා කළා. මම තරහ හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මං හිතවත් මල්ලි කෙනෙක් මට කතා කරලා ඇහුවා අයියේ චන්දිමාල්ගේ ප්‍රෝග්‍රෑම් එකක් කරමුද කියලා. ඇත්තටම අපි ඒ වීඩියෝ එක කළා. මට චන්දිමාල් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් එවලා තියෙනවා. කිසි සේත්ම මාත් එක්ක තරහා නෑ කියලා චන්දිමාල් කිව්වා. අනේ පිස්සුද අනේ මම මොකදට චමුදිත අයියත් එක්ක තරහා කියලා. අපි ප්‍රෝග්‍රෑම් එක කළා. එච්චරයි. ඇත්තටම මම පුෂ්පිකා එක්ක වැඩසටහන කළාම මිනිස්සු හිතනවා මම පුෂ්පිකාගෙ මිනිහෙක් කියලා. චන්දිමාල්ලා එක්ක වැඩක් කළොත් චන්දිමාල්ගෙ මිනිහෙක් කියලා කියනවා. යූ.ඇන්.පී. විවේචනය කළොත් යූ.ඇන්.පී. කැමැති නෑ.

ශ්‍රී ලංකා එක විවේචනය කරනවාට ශ්‍රී ලංකා එක කැමැති නෑ. ඇත්තටම ඇයි ඔබ ආවේගශීලී වෙන්නේ? ඔබට පුළුවන්නෙ කාරුණිකව මේවා කතා කරන්න?
මම කරන ප්‍රෝග්‍රෑම්වලින් 99%ක්ම රටේ ආන්දෝලනාත්මක ඒවා වෙන්නේ කොහොමද? ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිව්වේ, ‘මම යුද්ධ කළාට මම දන්නෙ නෑ විමර්ශනය’ කියලා. දේශපාලකයො ට්‍රැකල් කරන එක ලේසි නෑ. ඒගොල්ලො ට්‍රැකල් කරන්න ඕනෙ බබාලා වගේ නෙවෙයි. මං ප්‍රශ්න අහන විදියට අකැමැති නම් මිනිස්සුන්ට පුළුවන් බෑ කියන්න. දැන් මුත්තයියා මුරලිදරන් එක්ක කරපු සාකච්ඡාවෙදි මාව බරපතළ විදියට විවේචනයට ලක් කළානේ. ඇත්තටම එතැනදි මුරලි අහපු කතාව හරිද? මුරලි මගෙන් අහනවා ඔයා ක්‍රිකට් ගහලා තියෙනවද කියලා. එතකොට මුරලිදරන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ෂේන් වෝන්ට විතරද? දොස්තර කෙනෙක් මගෙන් ඇවිල්ලා අහයි ඔයා මොනවද දන්නේ? එතකොට ඩොක්ටර් පාදෙණියගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ප්‍රොෆෙසර් අර්ජුනට විතරද? මේක තේරුම් ගන්නෙ නෑනෙ. මේක මේ සාමාන්‍ය මිනිස්සුන්ට නම් තේරෙනවා. දේශපාලන පාටවලින් මං දිහා බලන මිනිස්සුන්ටයි මේක තේරෙන්නෙ නැත්තෙ. සාමාන්‍ය මිනිහට අවශ්‍ය වෙන්නේ ජීවන හූරලා හූරල හරි කමක් නෑ ඇත්ත, කියන එක අස්සෙ තියෙන දේ එළියට ගන්න. මට සංතෝෂයි මම යම් විදියකට ඒ වැඩේ හරියට කළා කියලා. ඇත්තටම විවේචන තියෙනවා. විවේචන තියෙන්න ඕනනෙ. මට නම් ඉතින් බොරු කියන්න ඕනෙ නෑ. මම පන්නරය ලැබුවෙ විවේචනවලින්ම තමයි.

එතකොට ගහපු එකෙනුත් ඔබ පන්නරයක්ද ලැබුවේ. ඒ කියන්නේ පසුතැවිල්ලක්, දුකක් වේදනාවක්, කලකිරීමක්, බයක් එහෙම නැද්ද?
ගහපු එක නම් මට පුදුමාකාර ආශීර්වාදයක්. ඒ අතරම ඒක මට බරපතළ ප්‍රශ්නයක්. මොකද මගේ දරුවො මේ ගැන බයවෙලා ඉන්නේ. පරණ පුරුදු තනිකඩ ජීවිතේ හිටිය නම් මට ප්‍රශ්නයක් නෑ. මම දැන් යන්නෙ අවේලාවේ. එන්නෙ අවේලාවේ. මම ටී.එන්.එල්. එකේ ඉන්නකොට ප්‍රවෘත්තියක් කියලා, අම්පාර එස්.ටී.එෆ්. එකට මේ දැන් ප්‍රහාරයක් එල්ල වුණා කියලා විනාඩි කිහිපයක් ඇතුළත මගේ ගෙදර වට කළා. මං හිටියේ හැංගිලා. ඊට පස්සේ මම සී.අයි.ඩී. එකට භාරවෙලා මාව උසාවි දැම්මා. ඔන්න මට වෙච්ච දේවල්. ඉස්සර වගේ නෙවෙයි දැන්. මගේ දරුවගෙ වයස අවුරුදු 13යි. මගේ ජීවිතය හරි විවෘතයි. මම ගමනක් බිමනක් යන්නේ මගේ පවුලෙ අයත් එක්ක. මම රෑට හොරෙන් ගිහිල්ලා බීලා, වෙන හොර ගෑනු එක්ක නිදියලා, එහෙම ප්‍රශ්න මට නෑ. මම සම්පූර්ණ මගේ පවුලත් එක්ක ජීවත්වෙන මනුස්සයෙක්. මම වැඩිපුර කාලයක් ගතකරන්නේ අපේ ගෙවල්වල. එස්.අයි.එස්. එකට බැරි නම් ඕනෙ අයි.එස්. එකකට මාව හොයාගන්න පුළුවන්. හැබැයි දරුවට වෙච්ච ෂොක් එක සම්බන්ධව මට ප්‍රශ්නයක් තියෙනවා. මහ පාන්දර ගෙදරට ප්‍රහාරයක් එල්ල වෙනකොට ඒ දරුවා කලබලයට පත්වෙන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ එල්ල වෙච්ච ප්‍රහාරය ඉන්ටලොක් ගලක් වෙන්න පුළුවන්. ඒක අසූචි බෑග් හතරක් සහ අසූචි මුට්ටියක් වෙන්න පුළුවන්. දරුවගෙ කම්පනය කොච්චර කල් තියෙයිද දන්නෙ නෑනෙ. මට ලොකු ප්‍රශ්න දෙකක් ඒක. මම රස්සාවට යනකොට මගෙ දරුවා මගෙ අතින් අදිනවා. මට ආරක්ෂාවක් නෑ. මට ආරක්ෂාවක් ඉල්ලා තියෙනවා. මට ඒක දීලා නෑ. මම දැන් යන්නේ මගේ යාළුවන්ගෙ වාහනවල හොර පාරෙන්. උදේ පාන්දර, මට වෙලාව කියන්න බෑ, මගෙ යාළුවො එනවා මාව එක්කගෙන යන්න.

ඔබ ආරක්ෂාවක් ඉල්ලලා තියෙනවද, ආරක්ෂාව ඉල්ලුවෙ කාගෙන්ද? නිල වශයෙන් ඉල්ලුවෙ කාගෙන්ද?
ආරක්ෂාව ඉල්ලුවෙ සරත් වීරසේකර ඇමැතිතුමාගෙන්. ඇමැතිතුමා මට කතා කළා. මල්ලි මම මෙහෙම කළා, අරෙහෙම කළා, සෝකෝ ටීම් එව්වා, ඒවා ඔක්කොම හරි. ඔව් එව්වා. ඔයාට ප්‍රශ්නයක් වුණත් ඇත්තටම ඔයාලගෙ ගෙදරටත් ඔය ටීම් ටික එනවා. එකම දේ තියෙන්නේ ඒ වැඩ ටිකක් ඉක්මනට වුණා. ප්‍රශ්නයක් වෙච්ච නිසා ඒවා ටිකක් කලින් වුණා. ඉක්මනට වුණා. එහෙම නොවුණා නම් ආණ්ඩුවට හොඳ නෑනෙ. මේ පරීක්ෂණය කරන්න ඕනෙ ආණ්ඩුවෙ පොලිසිය මිසක් විපක්ෂය නෙවෙයිනේ. ඒකනෙ ඩලස් අලහප්පෙරුම කෙළින්ම කියන්නේ මේක හොයන්න ඕනෙ, හොයන්න බැරි නම් සම්පූර්ණ වගකීම ආණ්ඩුව ගන්න ඕනෙ. ඒ වගේම මම පොලිස්පතිවරයාටත් දුරකතනයෙන් කතා කළා.

ඒ කියන්නේ මේ සිද්ධිය වුණාට පස්සේ පොලිස්පතිවරයාට, සරත් වීරසේකර මහත්තයා ඇතුළු කිහිප දෙනකුට දුරකතනයෙන් කතා කරලා මේ පිළිබඳ දැනුම් දුන්නා?
මම පොලිස්පතිවරයාට මුලින්ම කතා කළා. හැබැයි මන් දන්නවා පොලිස්පතිවරයා ඉන්නේ මගෙත් එක්ක අමනාපයෙන්.

ඔබ කොහොමද කියන්නේ ඔබත් එක්ක අමනාපෙන් ඉන්නවා කියලා හරියටම පොලිස්පතිවරයා. මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුණාද?
මේ සිද්ධිය වෙච්ච ගමන්ම මම ගත්තා දුරකතන ඇමතුමක් පොලිස්පතිවරයට. පාන්දර දෙකයි ගානකට. නම්බර් එක එකදිගටම එන්ගේජ්. ඊට පස්සේ මම දේශබන්දු තෙන්නකෝන්ට කතා කළා. දේශබන්දු තෙන්නකෝන් ඇත්තටම ටක් ගාලා ඊට අවශ්‍ය පිළියම් ටික යෙදුවා. ඇත්තටම ඒ මනුස්සයා ඒක කළා. මම පොලිස්පතිවරයට පැයක් විතර ට්‍රයි කළා. නම්බර් එක බිසී. මම එතකොට දැනගත්තා මේ මනුස්සයා මගෙ නම්බර් එක බ්ලොක් කරලා තියෙන්නේ කියලා.

එහෙම බ්ලොක් කරනවා කියලා කියන්නේ එදා ඒ වෙලාවෙ බ්ලොක් කරලද, නැත්නම් ඒක කොහොමත් බ්ලොක් කරලද?
මම එතනට එන්නම්. ඇත්තටම පොලිස්පතිවරයා සහ මම අතර යම් සිද්ධියක් ඇතිවුණා. හේතුව තමයි මම මීට මාස කිහිපයකට කලින් සරත් වීරසේකර ඇමැතිතුමා එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඒ වෙලාවෙ අපි වෙන්නප්පුව ඕ.අයි.සී. මාරුකිරීම ගැන හාරා අවුස්සමින් ගියා. ප්‍රශ්න අහන එක මගේ අයිතිය. පොලිස්පතිවරයත් මම හොඳට දන්න කෙනෙක්. මම ඇහුවා මේ බලන්න ඇමැතිතුමා පොලිස්පතිවරයාගෙ සීල් එක තියෙන්නේ කියලා ලියුමක් පෙන්නලා. ඒක එළියට ගියෙ කොහොමද, කොහෙන්ද ගියේ කියලා. සරත් වීරසේකර ඇමැතිතුමාගෙ සාකච්ඡාව අරගෙන බලන්න. කොහොමද ඇමැතිතුමා මේක එළියට ගියේ කියලා.
එතුමා කිව්වා ඒක මටත් ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ මම ආයෙත් ඇහුවා ඇයි ඔයාලා හොයන්නෙ නැත්තෙ. මම අහපු ප්‍රශ්නෙ වැරැදි නම් ඒක නිවැරැදි කරන්න ඕනෙ වීරසේකර. වෙන කවුරුවත් නෙවෙයිනෙ. ඇත්තටම වීරසේකර ඇමැතිවරයත් බරපතළ විදියට එහෙම පොලිස්පතිවරයව ආරක්ෂා කරන්න උත්සාහ කළේ නෑ. සරත් වීරසේකර ඇමැතිවරයා දිගින් දිගටම එහෙම නෑ, කවදාවත් එහෙම වෙන්න බෑ වගේ ඒවා කිව්වෙ නෑ. මම ඇහුවා ඔබට ඉන්න පොලිස්පතිවරයා පිටිපස්සෙන් පිහියෙන් අනින කෙනෙක්ද, නැත්නම් ඔබ සහ පොලිස්පතිවරයා අතර තියෙන ප්‍රශ්නයක්ද මේක කියලා. මම ඔය විදියෙ ප්‍රශ්නයක් ඇහුවා.

ඊට පස්සේ පොලිස්පතිවරයා ඔබත් එක්ක කතා කළාද?
ඊට පස්සේ පොලිස්පතිවරයා මට උදේක කතා කළා. කතා කරලා පොලිස්පතිවරයා මට කිව්වා චමුදිත බොහොම සන්තෝෂයි, ඔයා මාත් එක්ක මෙච්චර කල් ආශ්‍රය කරලා දැනගෙන සිටීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. මගේ ජීවිතේ කවදාවත් මං පිටිපස්සෙන් පිහියෙන් ඇනලා නෑ. හරි කමක් නෑ චමුදිත ප්‍රශ්නයක් නෑ. මං කිව්වා පොලිස්පතිතුමා පොඩ්ඩක් ඉන්නකො, පොඩ්ඩක් අහන්නකො කියලා. මම ඇහුවෙ ප්‍රශ්නයක් විතරයි කියනකොට එයා ෆෝන් එක කට් කළා.
මේ කියන්නේ පරණ කතාවක්. ඊට පස්සේ සරත් වීරසේකර ඇමැතිතුමා මට කතා කරලා කිව්වා, මට කතා කළා පොලිස්පතිතුමා, එයා දෝෂාරෝපණයකුත් එල්ල කළා කියලා කිව්වා. ඉතින් මම කිව්වා ඒ චමුදිතගෙ හැටි කියලා. ප්‍රශ්න අහන විදිය.
ඒක පරණ කතාවක්නෙ. මේ කතා කරපු දවසෙ උදේ, සිද්ධිය වෙලා දවස් දෙකකින් විතර පස්සේ උදේ මම කෝල් එකක් ගත්තා පොලිස්පතිවරයට. එයාගෙ දුරකතන අංක දෙකටම ගත්තා. ඒ කියන්නේ පෞද්ගලික සහ රාජකාරි දුරකතන අංක දෙකටම. ඒ දෙකම බිසී. ඊට පස්සේ මම කරපු දේ මගේ හිතවතකුට කියලා කතා කළාම එයාගෙ පෞද්ගලික දුරකතන අංකය බිසී. හැබැයි රාජකාරි දුරකතනය ඔහු ටක් ගාලා ආන්සර් කළා. මම කිව්වා පොලිස්පතිතුමා, ඔබතුමා ෆෝන් එක මගෙ බිසී කරලනෙ තියෙන්නේ, කමක් නෑ පොලිස්පතිතුමා මම චමුදිත කතා කරන්නේ, මම මේ කතා කළේ කියනකොටම පොලිස්පතිවරයා කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. පොලිස්පතිවරයා මට ටිකක් ඉන්න කිව්වා. මම හිතුවා මේ මොකක් හරි වැඩක්, ඊට පස්සේ ආයෙත් කතා කරයි කියලා.
හැබැයි ඊට පස්සේ මගේ දුරකතනයට කතා කළේ වෙන කෙනෙක්. එයා මගේ කතාව අහලා ලියාගන්න උත්සාහ කළා. ඉතින් මට එයාට මේ කතාව කියන්න උවමනාවක් නෑ. රටේ ආන්දෝලනයකට ලක්වෙච්ච සිද්ධියක් ගැන මේ කතා කරන්නේ. පොලිස්පතිවරයට ඒ තරම්වත් මේකෙ වගකීමක් නැත්නම්, මේක බරක් නැත්නම් මට පොලිස්පතිවරයට කතා කරන්න වුවමනාවක් නෑ. ඒ තරම් කාර්යබහුල නම් ප්‍රශ්නයක් නෑ. එතුමට අවශ්‍ය වෙලාවට කතා කරන්න කියන්න. ඊට පස්සේ ෆෝන් එක තිබ්බා. ඒ නොම්බරේට ඒ කියන්නේ මගෙ කැමරා ශිල්පියගෙ නොම්බරේට ඩී.අයි.ජී. කෙනෙක් කෝල් එකක් ගත්තා මගේ නොම්බරේ කියලා හිතාගෙන. කවුරු හරි එතැන රාජකාරි කරන මහත්තයෙක්. පොලිස්පතිවරයට යම් කිසි ආන්දෝලනාත්මක සිද්ධියක් ගැන, ඒ කියන්නේ මට ඇත්තටම මේක කියන්නවත් හම්බවුණේ නෑනේ. අහන්නවත් වෙලාවක් නැත්නම් මගේ ජීවිතේ අවදානමක තියෙන්නේ. මම හොරෙක් වගේ තැන් තැන්වලින් පැනල යන්නේ නිකං වැට පැනලා වගේ වැඩට යන්නෙත්. මම බයෙන් බයෙන් ජීවත් වෙන්නේ. මගෙ රස්සාවෙ අදහස් ඔළුවට ආවොත් තමයි මට ඒක අහන්න පුළුවන් වෙන්නේ.
ඒකවත් අහගන්න බැරි කෙනෙක් නම් පොලිස්පතිවරයා මේ රටට දෙයියන්ගෙ පිහිටයි. හැබැයි ඔහුට කියන්න මගෙ ජීවිතේට යම් කිසි හානියක් වුණොත් ඒකෙ වගකීම ඔහුට භාරගන්න කියලා. මේක රෙකෝඩ් කරගන්න, රෙකෝඩ් කරගෙන ඕනෙ තැනක දාන්න, මට ඔබතුමා එක්ක කතාවක් නෑ කියලා මම කිව්වා. මම ඇත්තටම සරත් වීරසේකර ඇමැතිතුමාට ගත්තා. සරත් වීරසේකර ඇමැතිතුමාත් ඔය පියුමි හංසමාලිගෙ සිද්ධිය නිසා මාත් එක්ක හිත හොඳ නැතුවනෙ හිටියෙ.
සරත් වීරසේකර ඇමැතිතුමාගෙනුත් ඇහුව මොකක්ද ඔබතුමාට මගෙත් එක්ක තියෙන ප්‍රශ්නෙ, මං කළේ වැඩසටහනක් විතරයි කියලා. ඔය කතාව වෙන්නේ සිද්ධිය වෙලා දවස් දෙකකට විතර පස්සේ. අපි දෙන්නා මේ කතා කරන්න විනාඩි කිහිපයකට කලින්. මම සරත් වීරසේකර මැතිතුමාගෙන් ඔය ගැන අහන්නේම මොකක්ද ගැටලුව. එතකොට සරත් වීරසේකර ඇමැතිතුමා කිව්වා මට ඔයා එක්ක තරහක් නෑ කියලා. මම කිව්වා බොරු කියන්න ඇමැතිතුමා, ගැටලුවක් තියෙනවනෙ, තරහක් තියෙනවනෙ. මොකද මම ළඟ හොර වැඩ නෑ. හොර වෙබ් සයිට් නෑ. වෙබ් සයිට් අටවගෙන කාටවත් ගහන්නෙ නෑ. මම කියන දෙයක් කෙළින්ම මූණට කියන මනුස්සයෙක්. ඔයත් එක්ක කරපු කතාවක් නිසා පොලිස්පතිවරයා මගෙ ෆෝන් හිටන් බ්ලොක් කරලා. මගේ ජීවිතේ අනතුරක. මම කාටද කියන්නේ. මගේ ජීවතේ බේරගන්නේ කවුද, නැත්නම් මට මාධ්‍යයට කියන්න වෙනවා කියලා. එතකොට කිව්වා නෑ මම මේ මොබයිල් එකක් ලෑස්ති කරනවා කියලා. මම කිව්වා ඇමැතිතුමා පොතයි මොබයිල් එකයි කියන්නේ බොරු වැඩක්. අද එනවා, හෙට එන්නෙ නෑ.

සිද්ධිය වෙච්ච දවසෙත් මොබයිල් එක ඇවිල්ලා අස්සන් කරලා ගිහිල්ලා කියලා කියනවා. ඇත්තටම ඒ ගැන ඔබේ ආරක්ෂක අංශයෙත් තියෙනව නේද?
ඔව්. එහෙම කියනවා. ඒක තමයි, මම මේ කියන්නේ මේ රටේ පැරැදිලා පැරැදිලා ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට, කිසිම ජීවිත තර්ජනයක් නැති මිනිස්සුන්ට ආරක්ෂාව දීලා තියෙනවා. ලංකාවෙ සුදු ලූනු වංචාව ගැන කතා කරන්නේ නෑ. ගෑස් කතාව යටගහලා ඉවරයි. ඒකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් නෑ. මීට කලිනුත් ඉෂූස් වගයක් වෙලා තිබුණා.

ඒ කියන්නේ ඔබට පහරදීමට කලිනුත් යම් යම් විදිවල පහරදීම් සිද්ධවෙලා තියෙනවා?
පාරෙ නවත්තලා තිබිච්ච කාර් එකේ සයිට් කණ්ණාඩිය කඩාගෙන ගිහිල්ලා තිබුණා? ඉතින් ඒවත් පොලිසියට කිව්වා. ඒවයිනුත් වෙච්ච දෙයක් නෑ. මේ සිද්ධිය පිළිබඳවත් එහෙමයි. ඇත්තටම පරීක්ෂණ කටයුතු ආරම්භ වෙච්ච විදිය ගැන මට සතුටුයි. ඒ ගැන මම සෑහීමට පත් වෙනවා. පොලිස් කණ්ඩායම් නවයක් යොදවලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. පොලිස් කණ්ඩායම් නවයද දහයද, නිලධාරීන් හැටද හැත්තෑවද අසූවද නෙවෙයි, මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා අපි මේ හිතන දේශපාලන සාකච්ඡා මේ වගේ කාරණාවලින් පිටට ගිහිල්ලා අපට තර්ජනය තියෙන්න පුළුවන්නෙ.

ව්‍යාපාරිකයො, දේශපාලකයො, සංඝ සංස්ථාව, රූප රාජිනියො සුලබ හේතු. සුලබ හේතුවලට පිටින් ගිය තව කොච්චර හේතු තියෙන්න පුළුවන්ද?
මං පාතාලය ගැන කතා කරලා තියෙනවා. මධුෂ්ගෙ වයිෆ් ගැන කතා කරලා තියෙනවා. බන්ධනාගාරෙ ගැන කතා කරලා තියෙනවා. පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිත් එක්ක පුළුවන් තරම් කතා කරලා තියෙනවා. පාතාලෙ ගැන නම්ගම් සහිතව හෙළිදරව් කරලා තියෙනවා. කියන්න බෑ මේක කවුරු කළාද මට හිතාගන්න බෑ. දැන් ඉතින් මට තියෙන්නේ පරීක්ෂණ දිහා බලාගෙන ඉන්න විතරයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලන්සා ජනපතිට ලියුම යවයි! පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි! විපක්ෂයට ආරාධනාවකුත් කරයි! (VIDEO)

Next Post

කුරුණෑගල අධිවේගය මාසෙන් කෝටි 10ක් හොයයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.