තොරතුරු තාක්ෂණයේ නව ඉසව් සොයා යන නව Data යුගයේදී මාධ්‍යයේ යථාර්ථය අපේ දරුවන්ට අවබෝධ කරදීම සඳහා ‘ඇත්ත වෙනුවෙන් සැබෑ මාධ්‍ය ක්‍රියාන්විතය’ නමින් වැඩමුළු මාලාවක් ආරම්භ කිරීමට අප පියවර ගත්තා.
‘මව්රට’ ඉරිදා ජාතික පුවත්පතත්, ‘ආදරෙන් හදවතටම මීඩියා’ පන්තියේ නිර්මාතෘ මුදිත දිනේෂ් අපේකාලේ මහතා සහ Idea World Film Production ආයතනයත් සමග ක්‍රියාත්මක මෙම වැඩසටහන උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය හදාරන සිසු දරුවන්ට අත්‍යාවශ්‍යම වැඩමුළුවක්.
මෙහිදී තිර රචනය, නිර්මාණශීලී චින්තනය, අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනය, කැමරාකරණය හා ආලෝකකරණය, කලා අධ්‍යක්‍ෂණය, නිවේදනය, හඬකැවීම සහ රංගනය පිළිබඳ ඉගැන්වීම් සිදුකෙරෙනු ඇති. එසේම කවි, ගීත, නිස`දැස් රචනයට දක්‍ෂතා දක්වන දරුවන්ගේ නිර්මාණ ‘මව්රට’ පුවත්පතේ පළකිරීමටද අප සූදානමින් සිටිමු.
එසේම නිවේදනයට, රංගනයට දක්‍ෂ දරුවන් Idea World Film Production ආයතනයේ වැඩසටහන්වලට දායක කරගැනීමටද යෝජිතයි. දෙසැ. 21 දින එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විiාලයේ සහ දෙසැ. 22 දින මිහින්තලය මහා විiාලයේත් මෙහි ඉදිරි වැඩමුළු පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඔබේ පාසලටත් මෙවැනි වටිනා වැඩමුළුවක් පැවැත්වීමට අවශ්‍ය නම් 070-620 7200 අංකය ඔස්සේ ‘මව්රට’ අප අමතන්න.
මිහින්තලේ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සිය නිර්මාණ මව්රට පුවත්පතට යොමුකර තිබුණේ මෙසේය.










