රාජ්‍ය ආයතන හා අන්තර් පුද්ගල සබධතා බරපතළ ලෙස බිදී ගොස් ඇති බවත්, එවැනි රටකට ඉදිරියට යා නොහැකි බවත් අගමැතිවරයාගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්වරයා වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සදහන් කොට ඇත.
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
එහි මෙසේද සදහන්ය.
‘ජනතාවට අවංක සේවයක් වෙන්න ඕන නම් මානව හිතවාදීන් සුදුසු තැන්වලට පත් විය යුතුයි.
අවාසනාවට අද බොහෝ තැන් වල එහෙම නෑ. ඒ නිසා අහිංසක මිනිස්සුන්ගෙ කඳුල සුසුම ගැන ඔවුන් තුළ සංවේදී හැඟීම් ලියලන්නේ නෑ.
අන්තර් පුද්ගල හා ආයතන අතර සබඳතා බරපතල ලෙස බිඳී ගිහින්. රටකට මෙහෙම යන්න පුළුවන්ද ? මටත් ලොකු ප්‍රශ්නයක්.’









