• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නාරදගෙ නිල් හීනේ මල් පිපෙයි!

December 15, 2021
in News
Reading Time: 4 mins read
A A
නාරදගෙ නිල් හීනේ මල් පිපෙයි!
Share on WhatsAppShare on Facebook

නාරද විජයසූරිය කියන්නෙ දශක ගණනාවක් පුරා ගුරුවරයෙක්, ලේඛකයෙක්, ගීත රචකයෙක් ලෙස ජනතා ප්‍රසාදයට පත්වුණු සම්මානිත නිර්මාණකරුවෙක්.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විද්‍යාර්ථියකු වන නාරද සංචාරකයකු ලෙස ලොව බොහෝ රටවල ආගිය මඟ සලකුණු පිළිබඳ ‘නොරිකො සං සොයා’ නමින් පොතක්ද පළකර ඇති අතර, ‘මතක සටහන්’ යනු නාරද විසින් රචිත පළමු පොතයි.

අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇති නාරදගේ ගීත අතරින් ‘හදන්නට වැහි බිංදුවක්’, ‘නැති දවසක මතක් වෙන්න’, ‘නොකියාම ඇවිත් හිත ඇතුළට’, පිබිදෙන්න වසන්තය’, ‘මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක’, ‘නෙළාගැනුමට’, ‘ඔබ ගින්දර දලු පිරිච්ච’, ගින්න මිහිමත’, ‘හිරකරන්’, ‘වැහි බිංදු වැටී දැවටී දෙන’ වැනි ගීත ලාංකේය ගීත සාහිත්‍යය එකලු කළ ගී බව අවිවාදිතය.

‘නිල් හීන’ නාරදගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මේ ලිපිය ඔහු සමග කළ පිළිසඳරක් ඇසුරින් සම්පාදිතය.

‘බැඳීම් හුඟක් දැඩි වෙනකොට රිදීම් හුඟක් වැඩියි.’
නාරද විජයසූරිය
‘නිල් හීන’

කවියකු වන එක මතුපිටින් පෙනෙන තරම් සරල ලේසි පහසු දෙයක් නෙවෙයි නේද?

කවියෙක් වෙන්නෙ කොහොමද කියලා හිතලා බැලුවොත් දැනෙනවා, ඒ වෙනුවෙන් පෙර ආත්මයේ පටන් පැවැත එන හුරුපුරුදුකමක් තියෙන්න ඕනෙ. සහජයෙන් එන යම්කිසි නිර්මාණශීලී හැකියාවක් ඕනෙ. ඊට අමතරව විශාල අත්දැකීම් සම්භාරයකුත්, අධ්‍යයනයකුත් තියෙන්නම ඕනෙ. භාෂාව භාවිතය පිළිබඳ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෙක් වෙන්න ඕනෙ. පොත්පත් රාශියක් කියවලා තියෙන්නත් ඕනෙ. විවිධ ලේඛකයන්ගෙ කෘති පරිශීලනය වාගෙම විවිධ භාෂාවලින් ලියැවුණු කෘති ඇසුරු කර තිබීමත් මහත් පිටිවහලක් වෙනවා. කවියකු වීමේදී මේ කාරණා සියල්ල සම්පූර්ණ වුණාටත් පස්සෙ හදවත ඇතුළෙ ගිනි පුළිඟුවක් පත්තුවෙන සිද්ධියක් හෝ සිද්ධි සමුදායක් ජීවිතයට බැඳිලා තියෙන්නත් ඕනෙ. කවියෙක් බිහිවෙන්න ඒ හිත ඇතුළෙ හැමදාටම නොවියළෙන ‘කඳුළක්’ තියෙන්නත් ඕනෙ කියලා මං හිතනවා. ඒ ඔක්කොම අඩුවැඩිය පමණට එකු වීමේ ප්‍රතිඵලය තමයි මම මගේ පළමු කවි පොත හැටියට ‘නිල් හීන’ කවි පොත තුළින් දකින්නේ.

ඔබ කවි, ගී ලියන්න භාවිත කරන්නෙ අතිශය සරල සාමාන්‍ය වචන. ඒත් ඒ කවි හදවතේ ගැඹුරට ස්පර්ශ කරනවා. මේක ඉන්ද්‍රජාලික වැඩක් නේද?

ඔව්, බොහෝ දෙනෙක් කියන විදියටත්, මට දැනෙන විදියටත් මගේ නිර්මාණවලට මං භාවිත කරන්නේ සුලබව හැමෝම දන්න සරල වචන. හැබැයි ඒ වචනවලින් පපුවට දැනෙන වෙනස් අදහසක් හැඟීමක් කීම කියන එක වෙනම වැඩක්. මේක ඉතාම හොඳින් ප්‍රකාශයට පත්වුණු මා ලියූ ගීතයක් කතාබහට ලක්වුණා. ෆේස්බුක් හා වෙනත් සමාජ මාධ්‍යවල බහුලව නිර්මාණ කෙරෙන කාලෙක තමයි ඒ ගීතය එළිදැක්කෙ.
මට දුන් දුක ඔබට නොදී – මට පුළුවනි දරාගන්න…’
මේ සරල වචන වෙන වෙනම ගත්තොත් ඒ ඔක්කොම වචන අවකාශයේ සැරිසරන නිකන්ම නිකන් වචන. ඒ සරල වචන ටික එකට මූට්ටු කරලා නිසි රිද්මයකට ගළපලා විශේෂ නිර්මාණයක් කිරීමයි කෙරුවෙ. ඒකට තමයි වෙනස් ආකල්පයත්, වෙනස් දැක්මකුත් ඕනෙ. බරපතළ තේරුම් ගන්න අපහසු වචන යොදාගෙන නිර්මාණයක් කරනවට වඩා අසීරුයි සරල වචන භාවිතයෙන් ගැඹුරු අරුත් දනවන නිර්මාණයක් කිරීම කියලයි මට හිතෙන්නේ.

‘නිල් හීන’ කවි පොතේ බොහොමයක් කවිවල කඳුළු තැවරිලා තියෙනවා කියලා දැනෙනවා. ඒ කඳුළු කවි වීමේ ගමන ගැනත් කියන්න?

‘නිල් හීන’ කවි පොත කාලාන්තරයක් තිස්සේ ලියපු කවිවල එකතුවක්. එහෙම නැතිව පොතක් මුද්‍රණය කිරීමට ඉලක්ක කරගෙන ලියපු කවි නෙවෙයි. මේ කවි බොහොමයක තියෙන්නේ විරහ රසය. විප්‍රලම්භ ශෘංගාරය. ඒ කවි බොහොමයක තියෙන්නේ කඳුළු කියලා ඔබ කී කතාව ඇත්ත.

වීදුරුවක් හැලුණොත් එයින් හැලෙන්නේ ඇතුළෙ තියෙන දේ. ඒකෙ ඇතුළෙ වයින් තිබුණොත් හැලෙන්නෙ වයින්. වතුර තිබුණොත් හැලෙන්නේ වතුර. ඒකෙ කඳුළු තිබුණොත් හැලෙන්නේ කඳුළු. ඒවාගෙ ඇතුළේ තියෙන දේ තමයි හුඟක් වෙලාවට පිටවෙන්නේ.

මං ලියන කවිවල තැවරිලා තියෙන දුක, වේදනාව, විරහව, කඳුළු කියන්නෙත් ජීවිත කාලය පුරා මං අත්දැකපු දේවල්. එහෙම ඒවා ලියවෙන්න හේතුවක් තියෙනවා.

‘නිල් හීන’ කවි පොත දොරටවැඩුම නොවැම්බර් මස 26 වැනි සිකුරාදා සවස 2.30ට කොළඹ 07 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශාලාවේදී NDDA සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ පරිදි සිදුවුණා.

සටහන සහ ජායාරූප කවින්ධ්‍යා ජයසේකර

SendShareShare
Previous Post

කවදහරි බදින්නෙත් ටුවින්ස්ලවමයි… අපි එක රැයින් ජනප්‍රිය වුණා…

Next Post

ජනපති හදිසියේම ලංකාවට ආවේ ආණ්ඩුව වෙනස් කරන්නද? වැඩ නොකරන දේශපාලඥයන් නිලධාරීන් ඉවතට! අලුත් ගමනක් සූදානම්! (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.