• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවදහරි බදින්නෙත් ටුවින්ස්ලවමයි… අපි එක රැයින් ජනප්‍රිය වුණා…

December 25, 2021
in Heart
Reading Time: 5 mins read
A A
කවදහරි බදින්නෙත් ටුවින්ස්ලවමයි… අපි එක රැයින් ජනප්‍රිය වුණා…
Share on WhatsAppShare on Facebook

පාරේ ගියත් අපිව දකින කට්ටිය අතරමං වෙනවා…
අක්කයි මායි හිතන පතන විදියත් එකයි…
මේක සංසාරගත බැඳීමක්…

හිමිදිරි උදෑසන පිනිබිඳු සමග හැඩවන මල් දෙකක් තමයි ‘නිල්නෙතු’ සහ ‘පිනිමුතු.’ ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින් පිපුණු මේ චරිත දෙක නිරූපණය කරන්නේ එකම පවුලේ උපන් නිවුන් සහෝදරියන් දෙදෙනෙක්. ඒ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍රයි. ඔවුන් සමග මේ කතාබහට මුලපුරන්නේ ඔබ නොදන්නා කරුණක් ගැන කියන්නයි.

අක්කා-නගෝ දෙන්නම ජනප්‍රියයි නේද?
‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ‘පිනිමුතු’ගේ චරිතයට රඟපාන්නේ මගේම නංගි තමයි. මම ‘නිල්නෙතු’ගේ චරිතය රඟපාන්නේ. ඉතින් අපි දෙන්නම එක රැයකින් ජනප්‍රිය වුණා. තවමත් ප්‍රේක්‍ෂකයන් අපි දෙන්නා ගැන හොයනවා.

අනුෂ්කි රඟපාන ‘නිල්නෙතු’ චරිතය ඔබේ ජීවිතයට සමානයි කියන්නේ ඇත්තද?
‘පිනිමුතු’ තමන්ගේ අක්කගේ ආදරය වගේම තාත්තාගේ ආදරයත් අහිමි අහිංසක චරිතයක්. ඒ වගේම මම රඟපාන ‘නිල්නෙතු’ චරිතයත් මගේ ජීවිතයට සමානකම් තියෙනවා. මොකද මම පොඩි කාලෙම තාත්තා නැති වුණා. ඒ නිසා මම පිය සෙනෙහස, ආදරය ලබන්න ආශාවෙන් මගබලාගෙන හිටිය කෙනෙක්. මොකද ඒ වගේම චරිතයක් තමයි ‘නිල්නෙතු’ කියන්නේ. හරියට පැවැසුවොත් අපි මගෙයි, නංගිගෙයි ජීවිතයේ ගොඩාක් සමානකම් තියෙනවා මේ නාට්‍යය තුළ.

අනුෂ්කි සංවේදි වුණු අවස්ථාත් තියෙනවද මේ නාට්‍ය තුළ?
තාත්තාගේ ආදරය ලබන අවස්ථාවල මම ගොඩාක් සංවේදී වුණා. ඒ වගේම මම දන්නැහැ තාත්තගෙයි, දුවගෙයි ආදරය කොයි විදියටද සිදුවන්නේ කියලා අත්විඳලා නැති නිසා. මගේ තාත්තාට රඟපාන්නේ මානවඩුගේ. ඒ මොහොතේ මට දැනුණේ මගේ තාත්තා මගේ ළඟ ඉන්නවා වගෙයි තමයි.

අනුෂ්කිව සහ කනුෂ්කිව හඳුනගන්න බැහැ කියලා ගොඩදෙනෙක් කියනවා. ඉතින් ඔබ දෙදෙනාව හඳුනා ගැනීමට විශේෂ ලක්‍ෂණයක් එහෙම තියෙනවද?
ඒකට ඉතින් අපි දෙන්නව ආශ්‍රය කළොත් තේරුම් ගන්න පුළුවන්. මම ටිකක් කතාබහ කරනවා වැඩියි. මගේ නංගි අහිංසකයි, වැඩිය කතාබහ කරන්නේ නැහැ.

රඟපාන්න එන්න බයක් හිතුණේ නැද්ද?
එහෙම බයක් හිතුණේ නැහැ. හැබැයි ක්‍ෂේත්‍රය ගැන අහන්න ලැබුණු දේවල් එක්ක බයකින් හිටියේ. ඒත් ආවට පස්සේ හොඳ තැනක් කියලා තේරුණා. අපිට තිබුණු එකම බය චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියලා තමයි.

‘ලිට්ල් ස්ටාර්’ හරහාද මේ අවස්ථාව ඔබ දෙදෙනාට ලැබුණේ?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. ‘ලිට්ල් ස්ටාර් සීසන්-5’ තමයි අපි දෙන්නම සම්බන්ධ වුණේ. ඉතින් අපි දෙන්නව ගොඩදෙනෙක් හඳුනගත්තේ ‘දෙරණ’ රූපවාහිනිය තුළින්. ඉතින් නැවැතත් අපි දෙන්නටම ‘දෙරණ’ ටෙලිනාට්‍යයක එකට රඟපාන්න ලැබීමත් භාග්‍යයක් ලෙසට මම හිතනවා. මම ‘ලිට්ල් ස්ටාර්’ තරගයේ අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. මගේ නංගිව අවසන් විසි දෙනා අතරට තේරුණා. ඒත් රඟපාන්න කවදාවත් හිතේ තිබුණේ නැහැ.

දෙන්නම කවදාහරි කසාද බඳින්නේ ටුවින්ස්ලා කියන්නේ ඇත්තද?
එහෙම වුණොත් හොඳයි. අපේ අම්මත් කැමැතියි එහෙම වෙනවාට. ඒත් ඉතින් අපේ ඉදිරි අනාගතය මොනවගේ වෙයිද කියල දැන්ම කියන්න බැහැනේ.

මම ටිකක් කතාව වැඩියි… නංගි වැඩි කතා නැහැ…
පොඩි කාලෙම අපේ තාත්තා නැතිවුණා…
අපේ ජීවිත වලට මේ චරිත සමීපයි….

ඉතින් කනුෂ්කි අද පාරට බැහැලා යන්න බැරි තරමට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර නේද?
අම්මෝ… ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. හිතුවේ නැහැ කවදාවත් අපි දෙන්නාට මේ වගේ ජනතා ආදරයක් ලැබෙයි කියලා.

පොඩි කාලෙත් ඔය දෙන්නට මේ වගේ ආකර්ෂණයක් තිබුණද දකින අයගෙන්?
පොඩි කාලේ ඉතින් අපි දෙන්නා එකට යන කොට දකින අය අපි දිහා බලනවා. මොකද මමයි, අක්කයි නිවුන්නු නිසා. හැබැයි දැන් ඊටත් වඩා ආකර්ෂණයක් ලැබිලා තියෙනවා අපි දෙන්නටම.

අක්කා සමග එකට රඟපාන්න ලැබෙයි කියලා හිතුවද ඔබ..?
ඇත්තටම අපි දෙන්නම කවදාවත් හිතුවේ නැහැ අපි දෙන්නට එකට රඟපාන්න ලැබෙයි කියල. අපි දෙන්නාගේ තිබුණු එකම අරමුණ නැටුම් ගුරුවරියක් වෙන එක තමයි. තවමත් ඒ අරමුණේ තමයි අපි ඉන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලම අපි දෙන්නම එකට හිටියේ. ඉතින් මගේ ජීවිතයට ලැබුණු ලොකුම අවස්ථාවක් තමයි දෙන්නටම එකට රඟපාන්න ලැබුණු එක.

ඔබ හිතනවද මෙය සංසාරගත බැඳීමක් කියලා?
අපි දෙන්නා නිතරම හිතන මාතෘකාවක් තමයි ඒක. සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. ලබන ආත්මයේත් මම ප්‍රාර්ථනා කරන්නේ අපි දෙන්නම එකට මේ විදියට හමුවන්න කියලා තමයි.

ඔබ දෙදෙනාගේ ගතිගුණ අතර වෙනසක් එහෙම තියෙනවද?
දෙන්නම සිතන, පතන විදිහ එකයි. ඒකේ වෙනසක් නැහැ. හැබැයි අක්කාගේ තියෙන හොඳම ගතිගුණය තමයි විශ්වාස කරන එක මාව. අපි දෙන්නට දෙන්නා අතර පුදුම විශ්වාස බැඳීමක් තියෙන්නේ.

එකට ඉන්නවා වගේම ඔය අතර පුංචි අඩව් එහෙමත් අල්ලනවාලු නේද?
පොඩි, පොඩි රණ්ඩු වෙනවා. හැබැයි ඉතින් අපි දෙන්නා කතා නොකර ඉන්නේ විනාඩි පහක් විතර තමයි. ආයේ කතා කරන්න මොකක් හරි මාතෘකාවක් ඇදල ගන්නවා. දෙන්නට දෙන්න නැතුව බැහැ ඉතින්.

ඔබ නිරූපණය කරන ‘පිනිමුතු’ චරිතය ගැන පැවැසුවොත්..?
මම ගොඩාක් ආශාවෙන් තමයි ඒ චරිතය රඟපාන්නේ. ‘පිනිමුතු’ කියන්නේ අහිංසක චරිතයක්. හරියට මගේ සැබෑ ජීවිතය වගෙයි.

‘නිල්නෙතු – පිනිමුතු’ පාරේ යනකොට ප්‍රේක්‍ෂකයන්ට හරියට මාරු වෙනවලු නේද?
අම්මෝ ඔව්… ‘නිල්නෙතු’ චරිතය හැටියට ගවුම් තමයි අඳින්නේ. ඉතින් බැරිවෙලාවත් මම ගවුමක් ඇඳලා, අක්කා ලෙගින් එකක් ඇඳගෙන පාරේ ගියොත් ඉතින් අපි දෙන්නා රඟපාන චරිත දෙකත් ප්‍රේක්‍ෂකයන්ට හරියාකාරව අඳුරගන්න බැරි තරමට අතරමං වෙනවා ප්‍රේක්‍ෂකයන්.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කටු ඇනිච්ච නංගි බබා..! අනේ ඔයා දැන් එන්නකෝ…!

Next Post

නාරදගෙ නිල් හීනේ මල් පිපෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.