ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සිංගප්පූරු සංචාරය අවසන් කොට හදිසියේම යළි ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරු බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා යලි ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ ලබන සිකුරාදා දිනය.
නමුත් සිය සංචාරය කෙටි කොට ජනාධිපතිවරයා ඊයේ රාත්රියේ යළි ලංකාවට පැමිණ ඇත.
ජනාධිපතිවරයා ලංකාවේ නොසිටීම හේතුවෙන් සදුදා පැවැති කැබිනට් මන්ඩල රැස්වීම පැවැත්වුණේද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.










