• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පුටින්ගේ භාරත ගමන අමෙරිකාවට ඇන්නිල්ලක්ද?

December 15, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
පුටින්ගේ භාරත ගමන අමෙරිකාවට ඇන්නිල්ලක්ද?
Share on WhatsAppShare on Facebook

රුසියාව සහ ඇමෙරිකාව 1950 දශකයේ සිට 2000 දක්වා කාලයේ ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙකය. අපේ කලාපීය බලවතා ඉන්දියාවය. එදා සිටම ඉන්දියාව ඇමෙරිකන් පිලේය. ඇමෙරිකාව සහ චීනය ඈත අතීතයේ සිටම එකිනෙකා අතර අනුගමනය කරන්නේ “උඹට අනින්නං” සිද්ධාන්තයේ පිහිටා සිටය. ඉන්දියාව චීනය අතර පවත්නේද නයි පොළොං වෛරයකි. (මේ වන විට චීනයද කරට කර පැමිණ ඇමෙරිකාවට “තර්ජනය කිරීමට” තරම් මට්ටමක සිටියි) අපේ කලාපීය නායකත්වය ගැනද (ඉන්දියාව සහ චීනය) සටනකි.

ඔන්න ඔය වාතාවරණය යටතේ රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පසුගියදා (05)ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණීම ජාත්‍යන්තර ප්‍රජාව “කරකවා අතඇරීමක්” වී තිබේ.
රුසියන් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියේ අඟහරුවාදා (07) පැවැති විසිඑක් වැනි ඉන්දු රුසියා සමුළුවට සහභාගි වීම සඳහාය. එසේ පැමිණි පුටින් මහත් හරසරින් පිළිගැනීමට භාරත අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය කටයුතු කර තිබේ.

මාධ්‍ය පවසන අන්දමට එමගින් අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති පුටින් මිතුදම් වර්ධනය කරගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාද තහවුරුකර ගෙන ඇත්තාහ. දෙදෙනා අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවේදී ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාව සමග මෙන්ම චීනය සමගද පවත්නා “නොහොඳ නෝක්කාඩුව” (අර්බුදකාරී තත්ත්වය) ගැන සාකච්ඡා කළහ.

ඇෆ්ගනිස්තානයේ පාලනය සියතට ගෙන ඇති තලේබාන් සන්නද්ධ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ගැන මොස්කව් සහ දිල්ලිය කල්පනාකාරී විය යුතු බවද සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය කියයි.

ඉන්දියාව සහ රුසියාව අතර පවත්නා ආරක්‍ෂක ගිවිසුම්වලට අනුව රුසියාවේ නිෂ්පාදිත එස්. 400 මිසයිල ලබන දෙසැම්බර් මාසයේ සිට ඉන්දියාවට සැපයීමට නියමිතය. එම තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන පහකි. ඉන්දියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන අන්දමට ඊට අමතරව රුසියාවෙන් ගිනි අවි හයලක්‍ෂයක් ඉන්දියාවට ලැබීමටද නියමිතය.

ඒ වෙනුවට ඉන්දියාවේ නිෂ්පාදිත AK 47 ගිනි අවි (රයිෆල්) රුසියාවට සැපයීම ලනුදෙනුවේ තවත් පියවරකි.

රුසියාවත් ඉන්දියාවත් අතර නව ආයෝජන විසි අටක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අස්සන් කළ බව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ශිංග්‍රිලා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

දෙරට රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවලට පෙරාතුව දෙරටේ විදේශ සහ ආරක්‍ෂක අමාත්‍යවරුන් සිවුදෙනාගේ සාකච්ඡා වටයක් පවත්වා ඇත. රුසියාවේ විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ් සහ ආරක්‍ෂක ඇමැති ජනරාල් සර්ගේ ෂොයිගු ජනාධිපති පුටින් පැමිණීමට දින දෙකකට පෙර ඉන්දියාවට පැමිණ එසේ සාකච්ඡා පැවැත්වූහ.
ඉන්දියාවේ විදේශ සහ ආරක්‍ෂක යන අමාත්‍යවරුන් දෙදෙනා වන පිළිවෙළින් එස්. ජයශංකර් සහ රාජ් නාත් සිං සමග ඒ සාකච්ඡා පවත්වා ඇත්තාහ.

ආරක්‍ෂක සහ වෙළෙඳ කටයුකු පිළිබඳ උපායමාර්ගික සහයෝගිතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් එසේ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය කියයි.

පුටින්ගේ ඉන්දියානු ගමන ගැන ඇමෙරිකාව දක්වන ආකල්පය නම් එතරම් හිතකර නොවන බව පෙනෙන්නට ඇත. ඒ බැව් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයකින් පැහැදිලි වේ. පුටින්ගේ භාරත සංචාරය ගැන තමන් විමසිල්ලෙන් සිටින බව එම නිවේදනයේ හරය වේ.

ඉන්දියාව ඊට ප්‍රතිචාරයක් දක්වමින් ප්‍රකාශ කළේ තමන් ඇමෙරිකාව සමග පවත්නා “ළෙන්ගතුකම”පුටින් ගේ පැමිණීමෙන් කිසිසේත්ම නොසෙල්වෙන බවය.
කඳවුරු දෙකක යෝධයන් දෙදෙනාගේ සම්මුඛවීම ඉතා වැදගත් සිද්ධියක් බව ජගත් දේශපාලන විචාරකයන්ගේ ආකල්පයයි.

ඉන්දියාව ස්වාධීන සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම උදෙසා නුදුරු අතීතයේ දී (ගතවූ වර්ෂවල) ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාව සහ ජපානය සමගද සාකච්ඡා පැවැත්වීය.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය “කඹේ උඩ යාමක්” බව විචාරක මතයයි. ඒ ඇමෙරිකාව පෙරටු කොටගත් බටහිර රටවල් සමගත් රුසියාව සහ චීනය ප්‍රමුඛ කරගත් නැගෙනහිර රටවල් සමගත් එක හා සමාන අන්දමින් සිය සම්බන්ධතා පවත්වා ගැනීමට ඉන්දියාව නිරන්තරයෙන්ම කටයුතු කරන බව දේශපාලන විචාරක මතයයි.

සකස් කළේ චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඩීල් නෑ! රනිල්ලා නෑ! ඊළඟට එන්නේ සජබ ආණ්ඩුවක්! නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා! වැරදි කරපු සියලු දෙනාම උසාවියට ගෙනියනවා! (VIDEO)

Next Post

ආණ්ඩුවට එරෙහි නඩුවකට නොමිලයේම පෙනී ඉන්න විජේදාස තීන්දු කරයි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.