• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ට කලින් කබ්රාල් දුන්න මාස 6යේ සහන පැකේජ කෝ?

December 7, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
බැසිල්ට කලින් කබ්රාල් දුන්න මාස 6යේ සහන පැකේජ කෝ?
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව පිහිටුවීමේදී රාජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අජිඞ් නිවාඞ් කබ්රාල් මහතා හිටිහැටියේ එම තනතුරින් ඉල්ලා අස්වී මහබැංකුවේ අධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. දේශපාලනඥයෙකුට වඩා කබ්රාල් මහතාව රටේ ජනතාව හඳුනන්නේ මහබැංකු අධිපතිවරයා ලෙසටය. ඒ මීට පෙර ඔහු එම ධුරයේ කටයුතු කර ඇති බැවිනි. එසේ වුවද, 2015 වසරේ සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසු කබ්රාල් මහතා පෙනී සිටියේ යහපාලන ආණ්ඩු විරෝධියෙකු ලෙසිනි. එතැන් පටන් නැවත රාජපක්ෂ පාලනයක් මෙරට තුළ බිහි කිරීම සඳහා කැප වූ පිරිස අතර කබ්රාල්ටද හිමිවන්නේ ඉදිරි පෙළ ස්ථානයකි.

වත්මන් රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව කබ්රාල් මහතාට උදා වූයේ ඒ අනුවය. ඉන් පසු ඒ මහතාට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයද හිමි විය. මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් මෙරට ජනතාවට විවිධාකාරයේ සහන ලබා දීමට කබ්රාල් මහතා උත්සාහ කරන ආකාරයද දැක ගත හැකි විය. ඒ සම්බන්ධයෙන් ඒ මහතා විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශයන්ද සිදු කළේය.

දේශපාලනයට සමුදී තම සුපුරුද රැකියාවට අවතීර්ණ වීමෙන් පසුව කබ්රාල් මහතා සිදු කළ පළමු ක්‍රියාව වූයේද ජනතාවට සහන ලබා දීමය. ඒ සඳහා මාස හයක සහන පැකේජයක් ජනතාව හමුවේ තැබීමට ඔහු කටයුතු කළේය.

මාස හයක් සඳහා වූ එම සහන පැකේජය කබ්රාල් මහතා ජනතාවට ඉදිරිපත් කළේ පසුගිය ඔක්තෝබර් 01 වැනිදාය. ඒ මහබැංකුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. එම අවස්ථාව ඉතාම උත්සවාකාරයෙන් පැවැත්වීමටද කබ්රාල් මහතා කටයුතු කර තිබිණි.

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම අත්හිටුවීමට එහිදී කබ්රාල් මහතා කටයුතු කළේය. එමෙන්ම ඉදිරි මාස හය තුළදී “පරාටේ” ගිවිසුම හරහා දේපොළ පවරා ගැනීම සිදු නොකරන ලෙසද මහ බැංකු අධිපතිවරයා එහිදී සියලුම බැංකුවලින් ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අජිඞ් නිවාඞ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය කඩා වැටෙන බවට චෝදනා කරන පිරිසට එසේ නොවන බවට තමන් අභියෝග කරන බවය.

“2019 වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් ඉතුරුවෙලා තිබ්බා. කවුරුත් කියන්නේ නැති වුණත් එතනින් පස්සේ අපි බිලියන 06ක ණය නැවත ගෙව්වා. ඒ වගේම 2021 වසරේදීත් මේ දක්වා අපි බිලියන 5.6 ක් ආපසු ගෙව්වා. හැබැයි දැන් අපි සතුව බිලියන 5කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා. මුදල් වශයෙන් බිලියන 3.5කුත් ලැබීම් 1.5කුත් එකතු වන වශයෙන්. දැන් මේ දිහා ගණිතමය වශයෙන් පිටින් බලලා කාටහරි කියන්න පුළුවන් බලන්න අපිට ගෙවීම් කරන්න බැහැ කියලා.

ඒක තමයි මේ දක්වා බොහෝදෙනෙක් ගණන් හදලා අපිට කියන්නේ හැබැයි අපට ලැබෙන ලැබීම් ඇතුලත් කරලා මේ ගණනය කිරීම් එයාලා කරන්නේ නැහැ. ඒ අනුව තවත් වසර කිහිපයකදී අපිට ණය ගෙවාගන්න බැරි වෙනවා කියලත් එයාලා උපකල්පනය කරගන්නවා.

ඉතිං මම එයාලට කියන්න කැමතියි සංචිත කළමනාකරණය යනු දැනට තියන සංචිත කළමනාකරණය කිරීමම නෙමෙයි ලැබීම් කළමනාකරණය කිරීමත් ඊට ඇතුළත්. ඉතිං මේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා අපිට චෝදනා කරන අයට මම කියනවා ඒක එහෙම වෙන්නේ නැහැ ඉතිහාසයේ අපි ඒක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.”

එසේ වුවද, ජනතාව පවසන්නේ කබ්රාල් මහතා ලබා දුන් පැකේජයෙන් තමන්ට මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බවය. එමෙන්ම මෙවර අයවැයේදී හෝ කබ්රාල් මහතාගේ පැකේජය පිළිබඳව අවධානය යොමු නොකිරීම කැපී පෙනෙන කරුණක් වී ඇත. අයවැයේදී අවධානය යොමු නොවූ පැකේජයක් ක්‍රියාත්මක කළ හැකි දැයි යන්නද දැන් ප්‍රශ්නයක් වී ඇත.

එම පැකේජය ඉදිරිපත් කරමින් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ ඉදිරි මාස හය අවසානයේදී එවැනි ආකාරයේ තවත් සැලැස්මක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. ඒ ආකාරයෙන් මාස හයෙන් හයට මහ බැංකුවේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරන බවද කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

එසේ වුවද, කබ්රාල් මහතා ඉදිරිපත් කළ පැකේජය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී නොමැති බවක්ද මේ වන විට දැනගන්නට ඇත. මෙවර අයවැයේදී කබ්රාල් මහතාගේ පැකේජය පිළිබඳව නොසලකා හැර ඇත්තේ ඒ හේතුවෙන් බවද දැන ගන්නට ඇත.

මේ අතර පසුගිය සතියේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට පිටත්ව යෑමේදී එම සංචාරයට මහබැංකු අධිපතිවරයාට ඇරයුම් ලැබී නොමැති වීමද බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා සමඟ එකතුව සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණි.

වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාව නොසලකා හරින්නේදැයි දැන් බොහෝ දෙනා විමසන්නේ මේ කරුණු කාරණා මතය. මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා යනු නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු දෙදෙනෙකි. එය රටක් දියුණු වීමට අවශ්‍ය ප්‍රධාන සාධකයකි. මොන මොන දේශපාලන මතවාද තිබුණත්, කබ්රාල් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සහයෝගයෙන් මේ ආර්ථිකය ගොඩ ගනු ඇතැයි ජනතාව විශ්වාස කරන්නේ ඒ හේතුවෙනි.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඇමැති වීරසේකරගේ එක ලේකම්වරයෙක් ප්‍රභාකරන්ගේ රත්තරන් ගොඩගන්න ගිහින් මාට්ටු වුණා! දැන් තවත් ‌’ලේකම්වරයෙක්’ නිධන් හාරන්න ගිහින් අහුවෙලාද?

Next Post

ගංජා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතයි! ඩයනා අරන් එයි! ශ්‍රීලනිපය ස්ථිර කරයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.