• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රාවණා මගේ…

December 7, 2021
in Heart
Reading Time: 4 mins read
A A
රාවණා මගේ…
Share on WhatsAppShare on Facebook

යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය මමයි…
චරිතාංග නිළියක් විදියට රැඳෙන්න කැමැතියි…

පාසල් කාලයේ පටන් ඇයගේ එකම සිහිනය වුණේ රංගන ශිල්පිනියක් වීමට. ඒ සිහින බලාපොරොත්තු එක්කම ඇය දැන් වේදිකාවේ දක්ෂ රංගන ශිල්පිනියක්. දක්ෂ රංගන ශිල්පිනයක්ම විතරක් නොවෙයි දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකගේද තිරපිටපත් රචිකාවියක්. ඉතින් මේ අපි ඔබට කියන්නේ ඒ සම්මානනීය රංගන ශිල්පිනිය තනුජාවි විජේවික්‍රමගේ කතාවයි…

තනුජාවි ඔබටත් සම්මානයක් හිමිවුණා නේද?
ඔව් අයියේ… පසුගියදා පැවැති 42 වැනි යෞවන සම්මාන රාත්‍රියේදී හොඳම සහාය නිළිය සම්මානය මට හිමිවුණා. ඒ හිමිවන්නේ ආශා හංසිකාගේ ‘පුනරාගමනය’ දිගු වේදිකා නාට්‍යයේ මගේ රංගනය වෙනුවෙන් තමයි ඒ සම්මානය හිමිවුණේ.

ඔබට මෙයට පෙරත් සම්මාන හිමිවෙලා තියෙනවද?
උතුරු මැද පළාත් කලා උළෙලේ හොඳම නිළිය ලෙසට මට සම්මාන නවයක් විතර හිමිවුණා. එයට අමතරව සමස්ත ලංකාවලින් පවා මම විවිධ අංශවලින් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.

ඉතින් ඔබගේ මේ දවස්වල කලා කටයුතු කොහොමද?
ඉෂාන් කුලතිලක අධ්‍යක්‍ෂණය කරන ‘ලේඩිස් ඔන්ලි’ ටෙලිනාට්‍ය මම ‘මධු’ ලෙසට රඟපානවා. ඒ නිර්මාණය ගැහැනු ළමයි පස්දෙනෙක් හරහා තමයි කතාව සිදුවන්නේ. එයට අමතරව ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කරන ‘නන්නත්තාර’ ටෙලිනාට්‍යයෙත් රූගත කිරීම් සඳහා යොමුවෙලා ඉන්නවා. ඒ නිර්මාණ දෙකත් එක්ක තමයි මගේ කාලය ගෙවෙන්නේ මේ දවස්වල.

තනුජාවිගේ ඉදිරි අරමුණ කොයි වගේද?
චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න තමයි. ඒ වගේම හොඳම නිළිය ලෙසට සම්මානයක් ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී.

ඔබේ පළමු රංගනය ගැන කතා කළොත්?
මම වේදිකාවෙන් තමයි ටෙලිනාට්‍ය රංගනයට සම්බන්ධ වුණේ. මිඳු සමීර හසුන් අධ්‍යක්‍ෂණය කළ ‘මීදුම් අම්මා’ ටෙලිනාට්‍යයේ ‘මැණිකා’ ලෙසට තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ඉන්පසු කෝපි කඬේ, ගිරිදේවි, ගමනේ යා නිර්මාණවල සුවිශේෂී චරිත නිරූපණය කළා.

ගිරිදේවි ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයේ වෙනසක් අපි දැක්කා?
ඒ වෙනස හැමෝටම දැනෙන්න ඇති කියලා මටත් හිතුණා. ‘වත්සලා’ නපුරු කෙනෙක් විදියට තමයි ගොඩදෙනෙක් දැක්කේ. ඉතින් ඒ විදියටම මමත් ‘වත්සලා’ වගේ නපුරු ඇති කියලා ප්‍රේක්‍ෂකයන් හිතුවා. මොකද මම නපුරු චරිතයක් කරපු පළමු අවස්ථාව නිසා ප්‍රේක්‍ෂකයන්ට ඒ චරිතය හොඳට මතකයි.

තනුජාවි චිත්‍රපට සඳහා යොමුවුණේ නැද්ද?
‘උදුම්බරා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. මම ඒ චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි සර් සමග තමයි රඟපෑවේ. ඊට පස්සේ චිත්‍රපට සඳහා සම්බන්ධ වෙන්න බැරි වුණා.

ඔබ දක්‍ෂ රංගන ශිල්පිනියක් වගේම දක්‍ෂ ටෙලි පිටපත් රචිකාවියක් ලෙසට කටයුතු කරනවා නේද?
ගුවන්විදුලි නාට්‍යයක් ලෙසට මම ‘කෙම්මුර අඩවිය’ රචනා කරගෙන යනවා. ‘දෙරණ’ රූපවාහිනියේ විකාශ වුණු ‘රාවණ’ ටෙලිනාට්‍යය රචනා කළේත් මමයි. මේ දවස්වල තවත් ටෙලිනාට්‍ය කිහිපයක් රචනා කරමින් තමයි ඉන්නේ.

‘රවණා’ වගේ නිර්මාණයක් රචනා කිරීම හිතන තරම් පහසු නැහැ නේද?
ශානිකා නංගි තමයි මාව ලක්සිරි සර්ට චරිත් කොතලාවල සර්ට හඳුන්වලා දුන්නේ. තුෂාර තෙන්නකෝන් අයියා තමයි ‘රාවණ’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළේ. ඉතින් ඔහු අවුරුදු විස්සක් විතර මේ ‘රාවණ’ ගැන විස්තර හොයලා තියෙනවා. ඉතින් ඔහුගේ සහාය ඇතිව කතාබහ කරමින් නිර්මාණය රචනා කළා.

හැදෑරීමක් ඇතිවද ඔබ මේ ගමනට මුලපුරන්නේ?
ජයන්ත චන්ද්‍රසිරි සර් යටතේ රංගනය පිළිබඳ හැදෑරීමක් කළා. ඩිල් ෆිල්ම් රංග පාසලේ ඔහුගෙන් ලොකු දැනුමක් මට ලැබුණා. රචනාව පැත්තෙන්නම් මම හැදෑරීමක් කරලා නැහැ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඉදිරි දින කිහිපයේත් ගෑස් පිපිරෙන්න පුලුවන්ලු! පරෙස්සමෙන් පත්තු කරන්නලු! කියන්නෙ ඇමැති ලසන්ත! (VIDEO)

Next Post

චීනය අපේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි-අභියාචනාධිකරණයටයි අත තියයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.