බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට බැන වැදී පලක් නැති බවත්, ගෝලීය මිල ඉහළ යාම මේ සදහා බලපා ඇති බවත් මාගල්කන්දේ සුදත්ත හිමියෝ සදහන් කර සිටියහ.
මාගල්කන්දේ සුදත්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක සහ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් මාධ්‍ය හමුවේ කාබනික පොහොර වගාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සදහන් කර සිටියහ.
පොහොර මහා මාෆියාවක් බවත්, විපක්ෂය පිටුපසින් හිද ගොවියන් උසිගන්වන බවත්, ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැති බවත් උන්වහන්සේලා සදහන් කර සිටියහ.








