• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සාරියක් ඇඳන් නාමල් එක්ක හරිහරියට රේස් පැදලා බුකියෙන් ගුටි කන කව්ද මේ පද්මලතා!

November 8, 2021
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමාජයේ ගැටෙද්දි අපට විවිධාකාර පුද්ගලයන් හමුවෙනවා. ඔවුන් ගැන විවිධ දේවල් අසන්නට දකින්නට ලැබෙනවා. මේ, එවැනි විශේෂ සිදුවීමක්. කොළඹ වරාය නගරයේ වැලි කඳු ධාවන පථය (ATV) විවෘත කිරීමේ උත්සවය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ඒ උත්සවයේ කාගේත් අවධානය දිනාගත් විශේෂ සිදුවීමක් වුණේ මැති ඇමැතිවරු සමග කාන්තාවකුත් හරි හරියට වැලි කඳු තරණය කරමින් මෝටර් රථයක් පැදවූ ආකාරයයි. ඇයගේ මෙම දක්ෂකම දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් හුවමාරු වුණේ ඇය ගැන ධනාත්මක සහ ඍණාත්මක අදහස්ද සමගින්.
මේ විශේෂ කාන්තාව Crate Adventure සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය වන පද්මලතා අබේසිංහ මහත්මියයි. ඇය, ජාතික රූපවාහිනියේ විකාශය වූ Wild Asia වැඩසටහනේ නිෂ්පාදකවරිය වගේම, ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත්, සිටි එෆ්.එම්. සේවයේ මාධ්‍යවේදිනියක ලෙසත් කටයුතු කර තිබෙනවා.
මෙම ධාවන පථය පෞද්ගලික ආයෝජනයක් ලෙස ඉදිකරන ලද්දක්. ATV ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් ඔවුන් කරන්නේ අපේ රටට සංචාරක ආකර්ෂණය ලබාගැනීමයි. බොහෝ දෙනාගේ අදහස වුණේ අපේ රටේ මෙවැනි වසංගතයක් පවතින මොහොතක මෙවැනි දේවල් අනවශ්‍යයි කියලා. නමුත් ඒ චෝදනා කළ බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ තුළින් අප රටට විශාල ආයෝජනයක් සිදුවන බව.

කෙසේ වෙතත් අපේ කතානායිකාව වූ පද්මලතා අබේසිංහ මහත්මිය ගැන අප ‘මව්රට’ පුවත්පත සොයා බලන්නට වුණේ ඇගේ දස්කම් අගකරන්න වගේම, අභියෝගයන්ට ඇය නොබියව මුහුණ දුන් ආකාරය ගැන දැනගන්නයි.

හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ පද්මලතා මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිතකලාවේදී උපාධියක් ලබාගන්නට සමත් වුණා. ඇය විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුල් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වන අනුර තන්තිලගේ මහතා සමගයි. ඔහු දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් හිමිකරගත් අයෙක්. පද්මලතා මහත්මියගේ ආදණීය පුත්‍රයා රනුල් දිලක තන්තිලගේ අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. සංගීත විශාරද උපාධියකටද හිමිකම් කියන පද්මලතා මහත්මිය කලක් කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ සංගීතය ගරුවරියක ලෙසද කටයුතු කළා. අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමල මහා නාහිමියන් යටතේ ජ්‍යෙතිෂය පිළිබඳ හදාරා ඇති ඇය තවදුරටත් ඒ පිළිබඳ පර්යේෂණවල නිරතව සිටිනවා.

ඩයලොග් සමාගමේ ආරම්භක අවස්ථාවේ ‘ඩයලොග් ක්‍රීඩා පිළිසඳර’ ‘ඩයලොග් විශ්ව ගවේෂණ’ වැනි විවිධ වැඩසටහන්වලට දායක වූ පද්මලතා මහත්මිය 1996 වසරේදී ඩයලොග් සමග එක්ව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සජීව විකාශන කටයුතුවලටද සම්බන්ධ වූයේ විදේශීය රටක් සමග සජීව වාර්තාවක් ගෙන ආ මුල්ම නිවේදිකාව ලෙස වාර්තාවකටද හිමිකම් කියමින්.

2000 වසරේ සිඩ්නි නුවර පැවැති පැරාලිම්පික් උළෙලේ තොරතුරු සජීව ලෙස වාර්තා කරමින් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතුවලටත් ඇය දායක වුණා. තාක්ෂණය මෙතරම් දියුණු තත්ත්වයක නොතිබුණු එකල එම කටයුත්ත ඇයට තරමක් අභියෝගාත්මක වූ බවයි ඇය සඳහන් කළේ.

ඉන් පසුව වසර කිහිපයක් ඇමෙරිකාවේ ජීවත් වූ අපේ කතානායිකාව නැවතත් දිවයිනට පැමිණෙන්නේ වනජීවීන් රැකගැනීම වෙනුවෙන් සිය දායකත්වය දැක්වීමේ අපේක්ෂාවෙන්.

ඒ අරමුණ මල්ඵල ගන්වමින් 2004 ආරම්භ කළ Wild Asia වැඩසටහන මේ වන විටත් ඉතාම සාර්ථකව, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් විකාශය වන්නේ පද්මලතා අබේසිංහ මහත්මියගේ නිෂ්පාදන දායකත්වයෙන්. සෑම සිකුරාදා දිනකම පස්වරු 6.30ට එම වැඩසටහන ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙනවා.

සමුද්‍ර ජීවීන් සහ සාගර පත්ලේ ඇති පෞරාණික දෑ පිළිබඳ ගවේෂණාත්මක රූපවාහිනී වැඩසටහනක් නිෂ්පාදනය කිරීම ඇගේ මීළඟ අපේක්ෂාව වී තිබෙනවා.

සමාජ මාධ්‍යවල දැඩි අවධානයට පද්මලතා මහත්මිය ලක්වීමට හේතු වූ ATV රථ ලංකාවට හඳුන්වාදීමට හේතු වශයෙන් ඇය මෙසේ සඳහන් කළා.

ATV රථ ධාවන පථයක් ලංකාවේ වගේම දකුණු ආසියාවේම සංචාරක ක්ෂේත්‍රයයේ අඩුවක්ව පැවතුණා. අප Crate Adventure සමාගම ඒ අඩුව පිරෙව්වා. ඉස්සෙල්ලාම 2018 වර්ෂයේදි තමයි ATV ධාවන පථයක් ඉදිකළේ. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිගාතැන්නේ :ජදකදපඉද පදමබඒසබ* නමින් නම් කරලා තියෙනවා. අක්කර 40ක පමණ සුන්දර භූමිභාගයක කළුගල් කඳුමුදුන් අතරින් විහිදී යන මාර්ගයක තමයි එය ඉදිකළේ. කොවිඩ් වසංගතයත් සමග ජනතාව අවුරුදු 2ක් විතර ගෙදරටම කොටුවෙලා මානසික පිඩාවට පත්වෙලා හිටියේ. කොවිඩ් වසංගතය තුරන්වී යනකොට මේ හරහා සංචාරකයන් අපේ රටේ සංචාරය කිරීමට යොමුවෙනවා. ATV කියන්නේ ජාත්‍යන්තරයේ ක්‍රීඩාවක්.

වරාය නගරයේ වැලි කඳු මත ධාවන පථයක් Colombo Dune නමින් නිර්මාණය කළා. ඒ ධාවන පථය A,B,C කියලා වර්ග කරලා තියෙන්නේ. A ධාවන පථය සාමාන්‍ය ධාවන පථයක්. විනාඩි 10-15ක් අතර කාලයකින් එහි ධාවනයේ යෙදෙන්න පුළුවන්. මේ ධාවන පථයේ ATV ධාවනය කිරීම සඳහා අපි රුපියල් 6,900ක් අයකරනවා. B ධාවන පථය PortCity හැඩයට අනුව නිර්මාණය කරලා තියෙනවා. මේ ධාවන පථයේ ATV ධාවනය කරන්න රුපියල් 7,900ක මුදලක් අයකරනවා. C කියන්නේ ත්‍රාසජනක ධාවන පථයක්. මේ සඳහා day package එකක් දෙනවා. දිවා ආහාරය, පිහිනුම් තටාක සමග. මේ සඳහා රුපියල් 10,900ක් අයකරනවා. මේ ක්‍රීඩාව ඕනෑම අයෙක් සඳහා විවෘතයි.”

ඔබ සාරියකින් සැරසිලා ATV ධාවනයේ යෙදුණු ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වුණා. ඔබ ATV ධාවනයේ යෙදුනේ ඇමැතිවරුන්ගේ බලපෑමකටද? නැත්නම් වෙනත් හේතුවක් නිසාද?
“මෙතැන තිබුණෙ විශේෂ උත්සවයක්. මැති ඇමැතිවරු විශාල පිරිසක් ඊට සහභාගි වුණා. Crate Adventure පුද්ගලික සමාගමෙන් තමයි මේ උත්සවය සංවිධාන කළේ. අපි මැති ඇමැතිවරු ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තා. ඒ ආයතනයේ ප්‍රධානියා විදියට මම ඒ උත්සවයට සහභාගි වුණේ සාරියක් ඇඳලා. අද උත්සවයකට සාරියක් අඳිනවා කියන එක කාන්තාවකට උචිත දෙයක්. උත්සවයකට ඒ ඇඳුම සුදුසුයි කියලා මම නම් හිතන්නේ. කාටවත් ඒක ගැටලුවක් වියයුතු නැහැ.”

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා Port City හිදී විවෘත කෙරුණු මේ ධාවන පථය නම් කරලා තියෙන්නේ Colombo Dune නමින්. මෙහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ විෂය භාර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අපි ඒ උත්සවයට රාජ්‍ය මට්ටමේ මැති ඇමැතිවරුන්ට වගේම සම්භාවනිය අමුත්තන්ටත් ආරධනා කළා. ඒ උත්සවයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වුණා. කොවිඩ් වසංගතය හමුවේ ඉතා භාරදූර කාර්යක් ඉටුකළ හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ධෛර්යවන්ත කාන්තාවක් නිසා ඇයට ගෞරවයක් ලෙස Crate adventure ආයතනය නිර්මාණය කරපු app එක එදින ඇගේ අතින් විවෘත කරනු ලැබුවා. අපේ වෙබ් අඩවිය හරහා ඕනෑම කෙනකුට මෙයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා.”

සමාජ මාධ්‍යයේ ඔබතුමියට හොඳ වගේම නරක ප්‍රතිචාරත් දක්වා තිබුණා. මේ ගැනත් යමක් කිව්වොත්?
“ඇඳුම බලපෑමක් වෙන්නේ නැහැ. සාරිය කියන්නේ සංස්කෘතික ඇඳුමක්. ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා. හොඳ, හොඳ විදියට දකිනවා නම් ඒක හොඳයි. හොඳ විදියට කරන දෙයක් වැරදි විදියට දකින එක කෙනකුගේ මානසික දුර්වලතාවක් හැටියට මම නම් දකින්නේ. යමක් හරි විදියට දකින්න පුළුවන් මනස දියුණු කෙනෙක්ට විතරයි. අපි බලන කෝණය නිවැරදි විය යුතුයි.”

අපට කියන්න ලංකාවේ බොහෝ දෙනකුට අලුත් අත්දැකීමක් වුණු මොකක්ද මේ ATV කියන්නේ?
ATV කියන්නේ All-terrain vehicle රෝද හතරේ වාහනයක්. ඕනෑම භූමි ප්‍රදේශයක ගමන්කළ හැකි සැහැල්ලු‍ වාහනයක්. මේ වාහන කැනඩාවේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ATV ලෝකයට හඳුන්වා දීමත් සමග බොහෝ දෙනා අතර එය ජනප්‍රිය ක්‍රීඩාවක් වුණා. මේ ක්‍රීඩාව කැනඩාව, එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල ජනප්‍රිය ක්‍රීඩාවක්. අපේ රටට මේ අවස්ථාව ලබාගන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි හිතුවා විදේශීය රටවල වගේම අපේ රටේ අයටත් මේ ක්‍රීඩාව හඳුන්වා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි අද අපේ රටට ලැබිලා තියෙන්නේ. මේ ATV රථය පදවන්න විශේෂ පුහුණුවක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය වාහනයක් පැදවිය හැකි ඕනෑම කෙනකුට මේ රථයේ ධාවනයේ යෙදෙන්න පුළුවන්. සංචාරකයෝ බොහෝ දෙනෙක් Adventure tourism සඳහා පැමිණෙනවා. සංචාරකයන් පැමිණෙන්න කලින් මේවා තියෙන රටවල් පිළිබඳ සොයා බලනවා. මේ නිසා අපේ රටට විදේශ විනිමය ගලා එන අවස්ථාවක් උදාවුණා. මුළු මහත් ආසියාවටම ආඩම්භරයක් වගේම දකුණු ආසියාවේ ප්‍රථම ධාවන පථය ලෙස තමයි ලංකාවේ මෙය නිර්මාණය කළේ. www.crateadventure.com වෙබ් අඩවියට පිවිස හෝ 0717727777, 0777007177 දුරකතන අංක ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකියි.”

ඇත්තටම ඇය අගය කළයුතු කාන්තාවක් ලෙස වගේම ලංකාව අලු‍ත් කළ දිරිය කාන්තාවක් ලෙසත් නිර්ලෝභීව හඳුන්වන්නට පුළුවන්. අපේ රටට වීදේශ විනියමය ගෙනෙන්ට දායකත්වය ලබාදුන් විශිෂ්ට කාන්තාවක් ඇය. ගැහැනියක් තුළ ඇති අපරිමිත දරාගැනීමේ ශක්තිය වගේම ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව නිසාම ලොව බොහෝ අභියෝගාත්මක ක්ෂේත්‍රයන් ජයගන්නට කාන්තාවන් සමත්ව තිබෙන බව නොරහසක්. එවන් දිරිය වනිතාවක් වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන පද්මලතා අබේසිංහ මහත්මියට ‘මව්රට’ අපේ හදපිරි සුබපැතුම් මෙලෙස පුදකර සිටිනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කොහේද දන්නෙ නෑ! ඒ වුණාට දිය ඇලි තියෙන පළාතක්! (VIDEO)

Next Post

දසරාජ ධර්මය ආණ්ඩු ක්‍රමයට ගේන්න සූදානමක්! (PHOTOS & VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.