• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ෆේස්බුක් එකෙන් ලක්ෂ 25ක් තරුණයො බුද්ධාගමට අරන් තායිලන්තය හොල්ලපු ‘වරවන්නෝ හිමි’ සහ ‘තලපුට්ටෝ හිමි’!

October 27, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ෆේස්බුක් එකෙන් ලක්ෂ 25ක් තරුණයො බුද්ධාගමට අරන් තායිලන්තය හොල්ලපු ‘වරවන්නෝ හිමි’ සහ ‘තලපුට්ටෝ හිමි’!
Share on WhatsAppShare on Facebook

‘මම බුදු වුණෙමි. මම රහත් වුණෙමි’ යැයි තමන්ම ප්‍රකාශ කරගන්නා අරුම පුදුම භික්ෂුන්වහන්සේලා සිටින්නේ ශ්‍රී ලංකාවේය. සුපිරි රථ වාහන සහ සුපිරි මන්දිර භාවිත කරමින් උන්වහන්සේලා බුදුබව හෝ රහත් බව ලබාගත්තේ කෙසේදැයි මම නොදනිමි. එසේම කිසිදු බණ භාවනාවක්ද නැතිව ජනතාවටවත් නිසි ශීලයක් උගන්වන්නේද නැතිව පැය 24 පුරාම දේශපාලනය කරන භික්ෂුන්වහන්සේලා සිටින්නේද ශ්‍රී ලංකාවේය. උන්වහන්සේලා දේශපාලනය කරන්නේද ජනතාව උදෙසා නොව තමන්ගේ සුඛ විහරණය උදෙසා බව ජනතාව හොඳින්ම දනිති. මෙවැනි හිමිවරුන් සිටින බිම්කඩක මාණික්‍යයන් සේ වැජඹෙන ගරුකටයුතු මහා සංඝරත්නයද නැත්තේ නොවේ.
එහෙත් ඒ අල්පයක් නොවේද? කෙසේ හෝ උන්වහන්සේලා දෙසන බණ භාවනා ජනතාව ගෞරවයෙන් වැලඳ ගනිති.

දැනට වසර 2,600ක් පැරැණි ශ්‍රී ලංකාවේ බුදුදහම දිනෙන් දින පත්වන්නේ යහපත් මාවතකටද? එසේත් නැතිනම් අගාධයකටද? එයට පිළිතුර ඔබ හදවත තුළින්ම සොයාගන්න. මා එය ලියා තබන්නේ නැත.

මෙවැනි වටපිටාවක් තිබියදී අද ඔබට කියන්නට යන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ වගතුගක් නොවේ. අප රටට ආසන්නයේ ඇති තවත් ප්‍රධාන බෞද්ධ දේශයක් වන තායිලන්තයේ කතාන්දරයකි. ශ්‍රී ලංකාවත්, තායිලන්තයත් ථෙරවාදී බුදුදහම අදහන ලෝකයේ ප්‍රධානතම රටවල් දෙකකි. එනම් අප රට මෙන්ම තායිලන්තයද සාම්ප්‍රදායිකව බුදුදහමේ සිරිත් විරිත් අනුගමනය කරති. එහෙත් මීට දින කිහිපයකට ඉහතදී තායිලන්තයෙන් ආරංචි වූයේ එක්තරා අපූරු පුවතකි. එනම් දැනට තායිලන්තයේ වෙසෙන තරුණ බෞද්ධ භික්ෂුන්වහන්සේ දෙනමකගේ අපූරු වගතුගකි. මෙම තායි භික්ෂුන් දෙනම සිදුකරන එක්තරා ධර්ම ප්‍රචාරයක් හේතුකරගෙන මේ වනවිට මුළුමහත් තායිලන්තය තුළම විශාල පෙරළියක් සහ ආන්දෝලනයක් ඇතිවෙමින් තිබේ. තායිලන්තය තුළ පමණක් නොව ලොව රටවල් රැසකද බෞද්ධ ජනයා මේ වනවිට මෙම පෙරළිය ගැන මහත් අවධානයකට යොමුවී සිටිති.

මෙම අරුම පුදුම බෞද්ධ කතාන්දරය කුමක්ද? මෙම තායි බෞද්ධ භික්ෂුන්වහන්සේලා දෙනම නම් 30 හැවිරිදි පූජ්‍ය ප්‍රා මහා පායිවාන් වරවන්නෝ Ven Phra Maha Paiwan Warawanno සහ 42 හැවිරිදි පූජ්‍ය ප්‍රා මහා සොම්පොන්ග් තලපුට්ටෝ Ven Phra Maha Sompong Talaputto වෙති. උන්වහන්සේලා දැනට වාසය කරනු ලබන්නේ එකම විහාරස්ථානයක වන අතර එම තායි විහාරය තායිලන්තයේ ඇති ප්‍රධාන පෙළේ විහාරස්ථානයකි. මෙය බැංග්කොක් අගනුවර පිහිටා තිබෙන ‘වට් සොයි තොන්ග්’ Wat Soi Thong නමැති අතිවිශාල විහාරස්ථානයකි. එමෙන්ම 1851 වසරේදී ආරම්භ කරන ලද මෙම සිද්ධස්ථානයට දැනට වසර 170කට අධික ඉතිහාසයක් ඇත.
දැනට මහත් ආන්දෝලනයකට ලක්ව සිටින ඉහත සඳහන් කළ තරුණ තායි භික්ෂුන් වහන්සේලා දෙනම ගැන මේ කාලයේදී බහුලව කතාබහට ලක්වී තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාල හරහාය. එනම් ඔවුන් සමාජ මාධ්‍ය ජාලවල අතිශය මහත් ජනප්‍රියත්වයට පත්ව සිටින භික්ෂුන් දෙනමකි. ඔවුන් මෙසේ ප්‍රකටව ඇත්තේ කුමක් උදෙසාද? මෙම භික්ෂුන් වහන්සේ දෙනම තම අනුගාමිකයන්ට බොදුදහම ඉගැන්වීම සඳහා සාම්ප්‍රදායික ධර්ම අධ්‍යයන ක්‍රම භාවිත කරන්නේ නැත. එනම් ඔවුන් තමන් විසින් නිර්මාණය කරගත් ක්‍රමවේදයක් හරහා අනුගාමිකයන්ට බොදුදහම උගන්වති. සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන ධර්ම දේශනා, භාවනා ක්‍රම සඳහා ඔවුන් යොමුකරන්නේ ඉතා අල්ප අවධානයකි. බහුතර අධ්‍යයනය සිදුකරනු ලබන්නේ එම භික්ෂුන්වහන්සේ දෙදෙනාටම පමණක් ආවේණික වූ ක්‍රම රටාවක් හරහාය. එසේ නම් මෙලෙස සිදුකෙරෙන අරුම පුදුම ඉගැන්වීම් ක්‍රමය කුමක්ද? මොවුන් මෙම ධර්ම ප්‍රචාරය සිදුකරන්නේ සෑම සිකුරාදා දිනයකම රාත්‍රිය එළැඹෙන විටදී වන අතර එය පැය 2-3ක පමණ කාලයක් පුරා ගලා යයි.

මෙම ධර්ම අධ්‍යයනය ඔවුන් ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ තමන්ගේ ෆේස්බුක් පිටුව හරහාය. එහිදී මෙම තායි භික්ෂුන් දෙනම වන පූජ්‍ය වරවන්නෝ සහ පූජ්‍ය තලපුට්ටෝ එකට එක්ව අනුගාමිකයන්ට දහම් අධ්‍යයනය ලබාදෙති. මොවුන් මෙහිදී ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ සිනහව, හාස්‍යය සහ විහිළු තහළුය. එහිදී භික්ෂුන් දෙනම එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් පසුව එම අදහස් පොදුවේ අනුගාමිකයන් වෙත ලබාදෙති. මෙහිදී මොවුන් තවත් අනුගමනය කරන ක්‍රමයක් වන්නේ විවිධ චිත්‍ර සටහන් සහ මූර්ති රූප ආදි භාවිත කරමින් ධර්මය ඉගැන්වීමය. සමහර විට ඔවුන් අත ප්ලාස්ටික් හෝ රෙදිවලින් සාදන ලද බෝනික්කන් හෝ මපට් නිර්මාණයන්ද ඇත. එසේම එම නිර්මාණ තම දෙඅත් මගින් රඟදක්වන ආකාරයක්ද පෙන්වයි. මෙහිදී භික්ෂුන් දෙනම භාවිත කරනු ලබන්නේ සාම්ප්‍රදායික බණ දහම් දේශනා කරන රිද්මයද නොවේ. එනම් ලොව බොහෝ බෞද්ධ භික්ෂුන් අනුශාසනාවන් සිදුකරන්නේ යම් චාරයකට සහ රිද්මයකට අනුවය.

මෙහිදී තරුණ තායි භික්ෂුන් දෙනම විසින් අප බෞද්ධ දහමේ ඇති විවිධ තේරුම් ගැනීමට අපහසු ධර්ම වදන් තමන්ගේම වදන් ක්‍රම රටාවක් හරහා අනුගාමිකයන්ට අවබෝධ කිරීමට කටයුතු කරන්නේ හාස්‍යය සහ උසුළු විසුළුය. ඒ අතර නිරන්තරයෙන්ම දෙදෙනාගේම මුවෙහි ඇත්තේ සිනහවය. එසේම සමහර අවස්ථාවලදී පිරිසිදු බුදුදහම අනුගාමිකයන්ට නිසි ලෙස අවබෝධ කරවීම සඳහා පරිභවාත්මක භාෂා ක්‍රමයක්ද භාවිත කරනු ලබයි. එනම් නිසි ලෙස දහම අනුගමනය නොකරන අනුගාමිකයන් උදෙසා මෙම අපහාසය සහ අවමානය භාවිත කරනු ලබයි. එහෙත් ඔවුන් එය සෑම විටම සිදුකරනු ලබන්නේ හාස්‍යමය මාර්ගයක් හරහාය. කිසිදු විටෙක මෙම භික්ෂුන් දෙනම තරහෙන් හෝ ද්වේෂයෙන් සිටින අයුරු දක්නට නොමැත. ඔවුන් තමන්ට අවශ්‍ය තැනදී තම වාග් ප්‍රහාරය හෝ වේග ප්‍රහාරය හෝ එල්ල කරන්නේද හාස්‍යය මතින් වීම මෙම අපූරු දහම් අධ්‍යයනයේ විශේෂත්වයයි. මේ අයුරින් භික්ෂුන් දෙනම බොදු දහම් සාකච්ඡා රැසක් සිදුකරති.

මේ අනුව මෙම තරුණ භික්ෂුන් දෙනමගේ විස්මිත ධර්ම ප්‍රචාරක ක්‍රමය මේ වන විට අන්තර්ජාලය තුළ අසීමිත ජනප්‍රියත්වයකට පත්ව ඇත. මොවුන් මෙම ධර්ම ප්‍රචාරක ක්‍රමය ආරම්භ කර තවම ගතවී ඇත්තේ මාසයක් වැනි කාලයක් වුවද ඔවුන්ට සිටින ශ්‍රාවක පිරිස මේ වන විට මිලියන 2.5ක් (ලක්ෂ 25ක් ඉක්මවා ඇත. මෙය හරියට රොකට්ටුවක් අහසට නඟිනවා මෙන් ඉතා අධික වේගයෙන් සිදුවූ වර්ධනයකි. එසේම එම භික්ෂුන්ගේ අනුගාමික පිරිස දිනෙන් දින තව තවත් ඉහළ යමින් පවතී. මෙම ධර්ම ප්‍රචාරක ක්‍රමයේ විශේෂත්වය වන්නේ එම භික්ෂුන් ඉදිරියේ කිසිදු අනුගාමිකයකු සජීවීව නොසිටීමය. එනම් භික්ෂුන් මෙම ධර්ම ප්‍රචාරය සිදුකරන්නේ අන්තර්ජාලය හරහා පමණි. තමන් අධ්‍යයන කටයුතුවල නිරතව සිටින විහාරස්ථානයේ තමන්ට නියමිත කුඩා කාමරයේ සිට එම ප්‍රචාරය සිදුකරයි. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ තමන්ගේ අතිනවීන ස්මාර්ට් ජංගම දුරකතන දෙකක් සහ මයික්‍රොෆෝන දෙකක් පමණි. ජංගම දුරකතන රූගතකිරීම සඳහා සවිකිරීමට ට්‍රයිපොඩ් කැමරා ආධාරක දෙකක් පමණක් ඇත. ඔවුන් තම ධර්ම ප්‍රචාරණය එවෙලේම සජීවී ප්‍රචාරයක් ලෙස සිදුකරයි.

පූජ්‍ය පරවන්නෝ සහ පූජ්‍ය තාලපුට්ටෝ නමැති මෙම භික්ෂුන් වහන්සේලා තමන්ගේ වෙනස් ධර්ම ප්‍රචාරක ක්‍රමය ගැන මෙසේ අදහස් ප්‍රකාශ කරති.
‘තායිලන්තය පිරිසිදු ථෙරවාදී බෞද්ධ ධර්මය අදහන රටක්. එහෙත් දැන් අනුගාමිකයන් විශාල වශයෙන් තායිලන්තයේ පන්සල්වලින් ඈත්වෙමින් සිටිනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි බොදු දහම ජනතාවට අවබෝධ කරවීමට භාවිත කරන පැරැණි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්. අද තරුණ පරපුරට මේ පැරැණි ක්‍රමවලින් ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒවායින් ඔවුන් කිසිම ප්‍රබෝධයකට පත්කරවන්නත් බැහැ. එම සාම්ප්‍රදායික ක්‍රම සමහර වැඩිහිටි පිරිස්වලට නම් හොඳයි. ඒත් වැඩිහිටියන් අතරේ විතරද ධර්මය තියෙන්න ඕනෙ? තරුණ පරපුර මෙය ග්‍රහණය කරගන්නේ කොහොමද? අප මේ නවතම ක්‍රමයකට ධර්මය ප්‍රචාරය කළත් කිසිම විටෙක අපගේ උතුම් බුද්ධ ධර්මයට හානියක් සිදුකරන්නේ නැහැ…’

කෙසේ හෝ මෙම ධර්ම ප්‍රචාරක ක්‍රමයට සමහර පාර්ශ්ව දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර, මෙම භික්ෂුන් දෙනම රාජ්‍ය බෞද්ධ පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියට කැඳවා ප්‍රශ්න කර ඇත. එහෙත් කමිටුව එය තහනමකට ලක්කර නැති අතර, අවවාදයක් පමණක් ලබාදී ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

‘මට මුකුත් කියන්න බෑ’! ඥානසාර හිමි ගැන ඇහුවාම දයාසිරිත් දුවයි! (VIDEO)

Next Post

මන්ත්‍රීකම බෙදාගන්න බැරිව ලංකාවේ දේශපාලනය හොල්ලන ඥානසාර හිමියෝ සහ රතන හිමියෝ!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.