ලබන 31 වැනි දින සිට නොවැම්බර් 12 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුලුවට සහභාගී වීමට ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව සඳහා ජනාධිපතිවරයා වෙත ආරාධනා ලැබුණේ ඉකුත් ජුලි මාසයේදීය.
ඒ, ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර භාවිතය තහනම් කොට කාබනික පොහොර භාවිතයට රට හුරුකරවන බවට ගනු ලැබූ තීන්දුවත් සමගය.
දැඩි ආන්දෝලනාත්මක තීන්දුවක් මෙන්ම පරිසර හිතකාමී තීන්දුවක් බවට පත්වූ මෙම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග මෙම ‘කොප් 26‘ සමුළුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් එවමින් මෙම සමුළුව සඳහා සහභාගි වන ලෙසට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි.
එමෙන්ම මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ තීන්දුව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කිරීමටද පියවර ගෙන තිබිණි.










