ICC ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය ඕවර් 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 147ක් රැස් කරනු ලැබු අතර සොම්‍ය සර්කාර් ලකුණු 34ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය..
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 27/3, ලහිරු, මහිෂ, වනිදු සහ ශානක එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබුහ.
ජයග්‍රාහි ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 19ක් තුලදී කඩුලු 06ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගනු ලැබු අතර එහිදී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 62ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 19ක් රැස් කරනු ලැබූහ.










