බඩු මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බවත්, ඒ සියල්ල මැද ආණ්ඩුවේ ඇමැතිවරුන් ජනතාවට විහිලු සපයමින් සිටින බවත් එක්සත් පුරවසි සන්ධානයේ මහලේකම් චමීර පෙරේරා මහතා පැවසීය.
විමල් වීරවංශ මහතා කළ ආණ්ඩුව මේ වනවිට ගැඹුරු ස්වයං විවේචනයක් කළ යුතු බවට වූ කතාව දැඩිව විවේචනය කළ ඒ මහතා කියා සිටියේ ඒ වනවිට ජනතාව හාමත්ව කුසගින්නේ මිය ගොස් සිටිනු ඇති බවයි.
මෙවැනි බබා හුකුං කතා ජනතාව ඉදිරියේ සදහන් නොකරන ලෙස කී පෙරේරා මහතා ජනතාව පඹයන්ට පහර දෙන්නේ ඇමැතිවරුන් අතට අල්ලා ගත නොහැකි නිසා බවද කීය.










