රටේ බඩු මිල ඉහළ ගොස් ඇති බව පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කනගාටු වෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
බලපිටිය මූලික රෝහලේ අද (12) පැවති උත්සවයකින් අනතුරුව රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේය.
”රුපියල ශක්තිමත් කරලා රට යළි නගා සිටුවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් තියෙනවා. ඒ සදහා මෙරට සංචාර ව්‍යාපාරය ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තබා ගෙනයි ඉන්නේ.සංචාරක ව්‍යාපාරය දියුණු කරන ගමන්ම විදේශ ආයෝජන කෙරෙහිත් අවධානය යොමු කරලා අපි රුපියල ශක්තිමත් කරනවා. කොරෝනා රෝගීන් මෙන්ම මරණ ප්‍රතිශතය එන්න එන්නම අඩුවීම රටේ යහපතට හේතුවක් වෙලා තියෙනවා. 2022දී මේ රටට යළි හොද දසාවක් ලබාවී කියලා අපි හිතනවා. ඒ වෙනුවෙන් අපේ රජය කැපවී කටයුතු කරනවා” යයිද පතිරණ මහතා කියා සිටියේය.










