අද දිනයේ අම්පාරේ දමන ප්‍රදේශයේ පැවැති කන්න රැස්වීමේදී පොහොර හිගය සම්බන්ධයෙන් ඉතා සංවේදී ප්‍රකාශයක් සිදුකරනු ලැබිණ.
එහිදී එම ගොවි පියා සදහන් කර සිටියේ සිය එක් දියණියක් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බවත්, පුතා උසස් පෙළ අධ්‍යාපනය හදාරන බවත්ය.
තමන්ට අයිති කුඹුර පමණක් බවත්, එය වගා කිරීමට පොහොර නොමැති නම් අනාගතය පිළිබදව දැඩි බියක් මතුවන බවත් එම පියා පෙන්වා දුන්නේය.









