• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බය නැතිව රාජපක්ෂ නමක් එළියට දාලා මුළු ආණ්ඩුවම හොල්ලපු – ගෝඨාටත් නිකම් ඉන්න බැරි කරපු කව්ද මේ ‘පැන්ඩෝරා’!

October 12, 2021
in Exclusive, News, Politics
Reading Time: 4 mins read
A A
බය නැතිව රාජපක්ෂ නමක් එළියට දාලා මුළු ආණ්ඩුවම හොල්ලපු – ගෝඨාටත් නිකම් ඉන්න බැරි කරපු කව්ද මේ  ‘පැන්ඩෝරා’!
Share on WhatsAppShare on Facebook

ග්‍රීක දේව පුරාණය’ නොහොත් ‘ජන පුරාණය’ (Greek Mythlogy) යනු, ඉතාමත් රසබර එමෙන්ම ඉතා විස්මිත වූ කතාන්දර රැසකින් යුක්ත වූ ඉපැරැණි ජන සංස්කෘතියකි. ග්‍රීක ජන පුරාණයට අනුව කියැවෙන ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ (Pandora’s Box) යනු යමෙකුට වාසනාව ගෙන දෙන භාණ්ඩයකි. එහෙත් එම වාසනාව තුළ තමන් නොසිතූ හිරිහැර, බාධක ඇතැයිද කියති. එනම් මෙම විස්මිත ‘පැන්ඩෝරාගේ පෙට්ටියෙන්’ ලබා දෙන තෑගිබෝග අතිශය වටිනා වාසනාවක් වුවත්, එහි සැබෑ තත්ත්වය නම් එය ශාපයක්ද විය හැකි බැව්ය. ග්‍රීක ජන පුරාණයේ කියැවෙන ‘සියුස්’ දෙවියා විසින් ‘පැන්ඩෝරා’ නමැති සුරූපී තරුණ යුවතිය වෙත මෙම විස්මිත පෙට්ටිය තෑගි දුන් බැව් කියැවෙයි. ඉන්පසු එය ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ ලෙසට නම් කෙරිණි. මේ නිසා පසු කාලයකදී පැන්ඩෝරා කන්‍යාවිය තමන්ගේ මෙම පෙට්ටිය මගින් මිනිසුන්ට වාසනාව මෙන්ම, නපුර සහ අවාසනාවද ගෙන ආවේ යැයි ග්‍රීක දේව පුරාණය කියා සිටියි. කෙසේ හෝ ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ යනු අතිශය විස්මිත භාණ්ඩයක් ලෙසට දැනටද ජන සමාජයෙහි මතයක් ස්ථාපිත වී ඇත.

‘බොහෝ පසුකාලයකදී ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ට විවිධ අර්ථකථනයන් ලොව තුළින් ලබා දුන්නේය. එනම් එය විවිධාකාර වූ ද්‍රව්‍යයන්ගෙන් නිර්මිතව විවිධ ස්ථානවලදී ප්‍රදර්ශනයන්ටද තබා තිබුණේය. නොයෙකුත් ගොඩනැඟිලිවල මෙන්ම විශාල, ධනවත් සුපිරි නිවෙස්වලද පැන්ඩෝරා පෙට්ටි කලින්, කලට අලංකරණයට තබා තිබුණේය. එසේම විවිධ ප්‍රදර්ශනවල, වෙළෙඳසල්වල ‘පැන්ඩෝරා පෙට්ටි’ විකිණීමටද තබා තිබුණේය. සමහර ඉපැරැණි පැන්ඩෝරා පෙට්ටි එහි කෞතුක වටිනාකම්වලට අනුව ඩොලර් ලක්‍ෂ ගණන්වලටද විකුණුනේය. සමහර කාන්තාවන් මෙම පෙට්ටි තුළ වටිනා ස්වර්ණාභරණ තැන්පත් කර තැබුවේය. එසේම ‘පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කරන්න’ වැනි වාක්‍යයන් පවා සමාජය තුළ ප්‍රචලිත විය.

කෙසේ හෝ මෙය පසු කාලයකදී, එනම් නූතන සමාජයේදී අවාසනාව තකා නොව, වාසනාව තකා භාවිත කරනු ලබන උපකරණයක් බවට පත්වූයේය. එසේම කලින්, කලට මෙම ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ රත්තරන්, රිදී, යකඩ සහ කාඩ්බෝඩ්වලින්ද නිර්මාණය කළේය. මෙය සැබැවින්ම අපූරු පුරාවෘත්තයකි. කෙසේ හෝ අද ඔබට මෙම පැන්ඩෝරාගේ පෙට්ටියේ කතාව ලියා තබන්ට හේතු වූයේ ඇයි? එය නම් මෙම පැන්ඩෝරා වදන දැනට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ කතාවක් විය. එහෙත් එහි වූයේ ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ නොව ‘පැන්ඩෝරාගේ කඩදාසි’ යන වදනයි. එසේත් නැතිනම් ‘පැන්ඩෝරාගේ ලියකියවිලි’ යන අරුතක්ය. මෙම අපූරු කතාන්දරය කුමක්ද? තවත් ආකාරයකින් කියන්නේ නම් මෙය පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එළිපෙහෙළියට එන ‘කඩදාසි’ හෝ යම් ‘ලියැකියැවිලිවල’ වගතුගක්ය. අද වත්මන් සමාජය කණපිට හරවා තිබෙන මෙම පැන්ඩෝරා ලියැකියැවිලි’ කතාව ශ්‍රී ලංකාවට පාත්වන්නේ එතෙර සිටය. එහෙත් එය අපේ රටටම අදාළ වූ කතාවක් හෙයින් එය නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ.

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ නම ‘පැන්ඩෝරා පත්‍රිකා’ නොහොත් ‘පැන්ඩෝරා ලියැකියැවිලි’ මගින් හෙළිකර ඇත. විදේශයක් හරහා හෙළිවුණු මෙම කතාව ඉංග්‍රීසි බසින් ප්‍රකාශ වී තිබුණු ආකාරය සොයා බැලීම අත්‍යාවශ්‍යය. Former Sri Lankan Minister Nirupama Rajapakse’s Name has been Mentioned in Pandora Paper’s’ ලෙසින් එම වදන ඉංග්‍රීසි මාධ්‍යයෙහි සඳහන්ව තිබිණි. මෙය විදෙස් මාධ්‍ය කිහිපයකම හෙළි කිරීමක් හරහා ප්‍රකාශිත වූ කරුණකි. සැබැවින්ම අද ලොව බොහෝ රටවල් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවද මහත් ආන්දෝලනයකට පත්කර ඇති මෙම කතාව කුමක්ද? මෙය සාමාන්‍ය සරල ආකාරයකින් පසුගියදා සමාජය අතර ප්‍රචලිත වූයේ, යම් පුද්ගල ධනවත්කම් ගැන විදේශයකින් හෙළි වූ කරුණක් ලෙසය. එනම් යම් පුද්ගලයකුගේ පෞද්ගලික රහසිගත ධනය ගැන හෙළි වූ ජාත්‍යන්තර කරුණක් ලෙසය. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත් යම් පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් හරහා ප්‍රකාශිත වූ ශ්‍රී ලංකාවටම අදාළ වූ වැදගත් සාධක සහිත වගතුගකි.

දැන් අප මොහොතක් නැවැතී නැවැතත් පැන්ඩෝරා කතාව ගැන සොයා බලමු. එම පැන්ඩෝරා කතාව හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්‍ෂ වෙත අදාළ වූයේ කෙසේ දැයි සොයා බැලීමට ප්‍රථම ‘පැන්ඩෝරා ලේඛන හෝ ලියැකියැවිලි’ යනු කුමක් දැයි අවබෝධ කර ගනිමු. ‘පැන්ඩෝරාස් පේපර්ස්’ යනු, ලෝකයේ තිබෙන ප්‍රධානතම, පිළිගත් එමෙන්ම ප්‍රබල ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් වන, ‘ඉන්ටර්නැෂනල් කොන්සෝටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටඩ් ජර්නලිස්ට්ස්’ (International Consortium of Investigative Journalists – ICIJ) නැමැති සංවිධානය විසින් සිදුකරනු ලබන ප්‍රකාශයක් නොහොත් හෙළිදරව්වකි. මෙම සංවිධානය සිංහල බසින් අර්ථකථනය කළ හැක්කේ ‘ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සුසංධානය’ ලෙසිනි. මෙහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. ලෝකයේ රටවල් 100ක තිබෙන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන 100ක් නියෝජනය කරනා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 600ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි.

1966 වසරේදී ඇරැඹි මෙම සංවිධානයට දැනට වසර 24ක් සපිරී ඇත. ලෝකයේ සිටින මාධ්‍යවේදීන් ගත්කල විවිධ ක්‍ෂේත්‍රයන්හි වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන් රාශියක් ඇති අතර, එහෙත් ගවේෂණශීලී මාධ්‍යකරණය සඳහා ඇත්තේ යම් සීමිත මාධ්‍යවේදීන් පිරිසකි. එසේ වන්නේ එම මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ කටයුතු කිරීම ඉතා දුෂ්කර, වගකීම් සහිත කටයුත්තක් බැවිනි. එනම් මෙම සංවිධානය තුළ සිටින්නේ එවැනි විශේෂිත වූ මාධ්‍යවේදීන් පිරිසකි. එලෙස මෙහි සිටින ගවේෂණශීලී මාධ්‍යවේදීන් 600 යනු ලෝකයේ රටවල් 100ක් නියෝජනය කරන ප්‍රබලයන් පිරිසකි. මෙවැනි වටාපිටාවකදී මෙම මාධ්‍යවේදීන්ගෙන් සිදුවන විශාල, වැදගත් මෙහෙවර කුමක්ද? එනම් මෙම ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගෙන් සිදුවන ප්‍රධානතම කාර්යය වන්නේ, ලොවෙහි විවිධ රටවල්වල සිදු කෙරෙන විවිධ මූල්‍ය වංචා, දූෂණ වංචා, අපරාධ වර්ග, අසීමිත ධන වත්කම්, දේශපාලනික දූෂණ, හමුදාමය දූෂණ, වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධාන ගැන කරුණු ගවේෂණය කර ලොවට හෙළි කිරීමය. මෙහිදී ඔවුන් දැඩි අවධානයක් යොමු කරන ක්‍ෂේත්‍රයක් වන්නේ, මූල්‍ය වංචා සහ බදු වංචා කෙරෙහිය.

දැන් අපි නිසි තැනට පැමිණ සිටින්නෙමු. එනම් කලින්, කලට ලොව මහත් ආන්දෝලනයකට පත්කරන ‘පැන්ඩෝරාස් පේපර්ස්’ නොහොත් ‘පැන්ඩෝරාගේ කඩදාසි හෙවත් ලේඛන’ එලෙස ලොවට එළිදක්වන්නේ මෙම සුවිශේෂී වූ අයි.සී.අයි.ජේ. මාධ්‍ය සංවිධානය විසිනි. මෙම සංවිධානය කලින්, කලට මෙම වැදගත්, වගකීම් සහිත කාර්යභාරය ඉටුකරන අතර, මෙයට දින කිහිපයකට ඉහතදීද ඔවුන් එය සිදුකරන ලදී. මෙහිදී ඔවුන් හෙළිකර ඇත්තේ, ලොවෙහි සිටින විවිධ විශේෂිත වූ පුද්ගලයන් රැසකගේ ධනවත්කම් ගැනවූ රහසිගත තොරතුරු ඇතුළත් වගතුගකි. පසුගියදා හෙළි වූ එම තොරතුරු අතරෙහි ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්‍ෂගේ සහ ඇයගේ සැමියාගේ වගතුගක්ද ඇතුළත් විය. මෙලෙස ලෝක මාධ්‍ය සංවිධානයක පැන්ඩෝරා පෙට්ටියෙන් එළිපෙහෙළි වී ඇති මෙම ශ්‍රී ලාංකික යුවළගේ රහසිගත තොරතුරු මොනවාද? ග්‍රීක දේව පුරාණය සඳහන් කරන මිනිසාට වාසනාව මෙන්ම අවාසනාවද ගෙන එන පැන්ඩෝරා පෙට්ටිය, මෙම ශ්‍රී ලාංකික යුවළට ළඟාකර දී ඇත්තේ කුමන වටාපිටාවක්ද? දැන් ඒ ගැන සොයා බලමු.

නිරූපමා රාජපක්‍ෂ යනු වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සහ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂගේ ඥාති සොහොයුරියක් වෙයි. දැනට 59 වැනි වියෙහි පසුවන ඇය, 2005-2015 රාජපක්‍ෂ රජය පාලන සමයේදී නොකඩවා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වසර 10ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරුවාය. එසේම ඇය එම රජයේම 2010-2015 වසර දක්වා වසර 05ක් ජල සම්පාදන සහ ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීය. පසුකාලයකදී නිරූපමා රාජපක්‍ෂ විවාහ වූයේ ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයකු වන දමිළ – හින්දු ජාතික තිරුකුමාරන් නඩේසන් මහතා සමගය. කෙසේ හෝ වත්මන් රාජපක්‍ෂ රජය යටතේදී ඇය ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව නැති අතර, පසුගිය කාලයක් පුරා ඇය තමන්ගේ සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව කටයුතු කර ඇතැයි පැවසෙයි. එවැනි වටාපිටාවක් තිබියදී පසුගියදා පැන්ඩෝරා ලේඛන හරහා නිරූපමා රාජපක්‍ෂ ප්‍රධානව තිරුකුමාරන් නඩේසන්ටද චෝදනා නැඟී ඇත්තේ, ඔවුන් ඉතාමත් රහසිගතව විශාල ධනයක් තැන්පත් කරගෙන ඇති බැව්ය. එම ධනය තැන්පත් කර තිබෙන්නේද විදේශ ගිණුම්වල බැව් මෙම වාර්තා කරුණු ප්‍රකාශ කර සිටියි.

මෙහිදී පැන්ඩෝරා ලේඛන මගින් සඳහන් කර ඇත්තේ, නිරූපමා රාජපක්‍ෂ යනු වත්මන් ශ්‍රී ලංකාවේ පාලන බලයේ සිටින දේශපාලන පක්‍ෂයේ සාමාජිකාවක් ලෙසිනි. එසේම ඇයගේ පසු දේශපාලන ඉතිහාසයද සඳහන් කර ඇත. තවද එම ලේඛන චෝදනා කර සිටින්නේ, නිරූපමා රාජපක්‍ෂ සහ තිරුකුමාරන් නඩේසන් පසුගිය කාලයක් පුරා විදේශයන්හි ‘ෂෙල් සමාගම්’ කිහිපයක් පිහිටුවාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදුකළ බැව්ය. එනම් එක් සමාගමක් හරහා උපයාගත් ධනය මගින් ඔවුන් එංගලන්තයේ ලන්ඩන් නුවර සහ ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී නිවාස මිලදී ගත් බැව්ද මෙම පැන්ඩෝරා ලේඛන මගින් හෙළිකර ඇත. එසේම අයි.සී.අයි.ජේ. ලෝක මාධ්‍ය සංවිධානය චෝදනා කර ඇත්තේ, තිරුකුමාරන් නඩේසන් විසින් විවිධ විදේශ සමාගම් ශ්‍රී ලංකා රජය හා සම්බන්ධ කර ගනිමින් විවිධ ව්‍යාපාරික කටයුතු සිදුකළ බැව්ය. එසේම ඔහු උපදේශක සේවාද පවත්වාගෙන ගිය බැව් ප්‍රකාශ කර ඇත. මෙලෙස ඔහුගේ සමාගම් ඉතා වටිනා සංස්කෘතික භාණ්ඩ රාශියක්ද ජිනීවා නුවර ‘ෆ්‍රීපෝර්ට්’ (නිදහස් තොට) වෙත යවා ඇති අතර, එම භාණ්ඩ සියල්ලම සියලු බදුවලින් නිදහස්ව ඇත. තම බිරියගේ (නිරූපමා රාජපක්‍ෂ) දේශපාලනික වටාපිටාවක් නිසා, නඩේසන්ද බොහෝ ප්‍රබල දේශපාලනික වටාපිටාවක් ඇති චරිතයක් යැයි පැන්ඩෝරා ලේඛන සඳහන් කර ඇතැයි ප්‍රකාශ වෙයි. ඔහුට 2016 වසරේදී ශ්‍රී ලංකාව තුළදී ඉතාමත් ප්‍රබල ඉඩම් දේපොළ වංචාවකට චෝදනා නැඟුණු අතර, අධිකරණ නඩුහබද පැවරුණු බැව් පැන්ඩෝරා ලේඛන සඳහන් කර ඇත. ජනපති පවුලේ සාමාජිකයකු වූ බැසිල් රාජපක්‍ෂ සමග සම්බන්ධ වී මෙම දේපොළ වංචාව සිදුකර ඇති බැව්ද, ඒ සඳහා පොදු ජනතාවගේ මුදල් භාවිත කරමින් විශාල සුපිරි ‘විලා’ නිවාසයක් ඉදිකළ බැව්ද මෙම ජාත්‍යන්තර ලේඛන කරුණු ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මෙම කරුණු ඉහත සංවිධානය විසින් හෙළිකර ඇත්තේ නිරූපමා රාජපක්‍ෂගේ නාමය ප්‍රධාන කර ගනිමිනි.

මෙලෙස අද ශ්‍රී ලංකාව පමණක් නොව, ලෝකයේ රටවල් රාශියක්ම ආන්දෝලනයකට පත්කර තිබෙන පැන්ඩෝරා ලේඛනවල අනෙක් වගතුගද ඉතා දීර්ඝ එකකි. එනම් මෙම නවතම 2021 වාර්තාව ඉතාමත් සුවිශේෂී කරුණු රැසක් හෙළිකර තිබෙන ලේඛනයකි. මෙහිදී ලෝකයේ සිටින ඉතාමත්ම නම්ගත්, ජනප්‍රිය පුද්ගලයන් රාශියකගේ රහසිගත ධන වත්කම් හෙළිකර තිබෙන අතර, එම පිරිසට ඉතා බලවත් රාජ්‍ය නායකයන්ගේ නම්ගම්ද අයත් වෙති.

ලෝකයේ සිටින මෙම බලවතුන්ට රජවරුන් දෙදෙනෙකුද අයත් වෙයි. එනම් ඔවුන් නම් ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු සහ ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජුය. එයට අමතරව දැනට බලයේ සිටින ජනාධිපතිවරුන් දස දෙනෙකුද අයත් වෙති.

● ඩොමිනික් රාජ්‍යයේ ජනාධිපති ලුවිස් අබිනේඩර්
● අසෙර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලියෙව්
● සයිප්‍රස් රාජ්‍යයේ ජනාධිපති නිකෝස් ඇනස්ටාසියාඩෙස්
● මොන්ටිනීග්‍රෝ රාජ්‍යයේ ජනාධිපති මිලෝ ඩුකනෝවික්
● කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා
● ඉක්වදෝර් රාජ්‍යයේ ජනාධිපති ගුයිලෙර්මෝ ලැස්සෝ
● ගැබොන් රාජ්‍යයේ ජනාධිපති අලි බොංගෝ ඔන්ඩිම්බා
● චිලි රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්තියන් පිනේරා
● කොන්ගෝ රාජ්‍යයේ ජනාධිපති ඩෙනිස් නුගෙස්සෝ
● යුක්රේනයේ ජනාධිපති වැලඩ්මීර් සෙලෙන්ස්කි

මේ අතර කටාර් රාජ්‍යයේ වත්මන් පාලකවරයා නොහොත් එමීර්වරයො වන තමිම් බින් හමාඩ් අල් තානිගේ නමද මෙම පැන්ඩෝරා ලේඛනවලට අයත්ය. එසේම දැනට පාලන බලයේ සිටින රටවල් හතරක අග්‍රාමාත්‍යවරුන්ද මෙම ලැයිස්තුවට අයත්ය. තවද විවිධ රටවල සිටින අමාත්‍යවරුන් සිය ගණනකගේ (බලයේ සිටි සහ දැනට බලයේ නොමැති) නම්ගම්ද මේ ලේඛන මගින් හෙළිකර ඇත. මෙහිදී දැනට විශේෂිත ලෙස හෙළිවී ඇති නාමයක් වන්නේ, පාකිස්තානයේ වත්මන් මුදල් ඇමැති ෂැව්කට් ටරීන් ගේ වගතුගය. මෙය හෙළිවීමත් සමග පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ සිදුවීම ගැන පරීක්‍ෂණයක් පවත්වන බැව්ය. කෙසේ හෝ මේ නම්ගම් සියල්ල ලියන්නට මේ ලිපිය ප්‍රමාණවත් මදිය. එම නම් ලැයිස්තුව දහස් ගණනක නම්වලින් යුක්තය.

මෙහිදී මෙම පිරිස් සියල්ලම සිදුකරන්නේ තමන් වංචා සහගතව උපයාගත් මහා ධනය මෙවැනි මූල්‍ය ක්‍රම හරහා මුදල් විශුද්ධිකරණයට පත්කිරීමය. එසේත් නොමැති නම් ‘ෂෙල් සමාගම්’ යන නාමය යටතේ තෝරාගත් රටවල්වල ඇති ගිණුම්වල මුදල් තැන්පත් කිරීමය. පුදුමාකාර කරුණ නම් මෙම ‘ෂෙල් සමාගම්’වලට ලෝකයේ කිසිදු තැනක කාර්යාලයක් හෝ කාර්ය මණ්ඩලයක් හෝ නොමැති වීමය. එනම් කඩදාසි මත පමණක් ගනුදෙනුව වංචනික ලෙස සිදුකෙරෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දියව් දියව් පොහොර දියව්! පොහොර නැත්නම් වතුරත් තියාගනිව්! ඇලහැර ගොවි සටන! (VIDEO)

Next Post

ගොවියගෙ දුක අසරණකම අහලම බලන්න! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.