අදට යෙදී ඇති ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබුණි.
එහි දැක්වෙන්නේ,
“ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”










