• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ලක්ෂ ගාණක් මැද්දේ රටම කතා කළ ‘හතර දෙනාම සූරයෝ’

October 5, 2021
in Exclusive, News, Politics
Reading Time: 4 mins read
A A
ලක්ෂ ගාණක් මැද්දේ රටම කතා කළ ‘හතර දෙනාම සූරයෝ’
Share on WhatsAppShare on Facebook

අපේ ජීවිතවලට විවිධ අවස්ථාවල අභියෝග එනවා. කොරෝනා වෛරසයත් දරුවන්ගේ ජීවිතවලට අභියෝගයක් වුණා. මේ නිසා බොහෝ දරුවන්ට පාඩම් මඟහැරුණා. මේ මඟහැරීම දරුවන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපෑවා. ඇතැම් දරුවන්ගේ ඔන්ලයින් පාඩම් සාර්ථක වුණේ නැහැ. දිළිඳු දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකතන තිබුණේ නැහැ. දරුවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ ඉච්ඡාභංගත්වයකින්. ඒ නිසාම ඇතැම් දරුවන්ට තමන් බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ අතර ජීවිතය පන්නරයක් කරගත් දරුවන්ද සිටියා. හිතේ හයියෙන් ඒ අභියෝගය ජයගත් දක්ෂයන් කිහිප දෙනකු පිළිබඳ පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් සමග අපට අසන්නට ලැබුණා.
ඔවුන් අතර තමන් අදහන ආගමට අමතරව වෙනත් ආගමකට අයත් විෂයන්ට පවා විශිෂ්ට සාමාර්ථයන් ලැබූ දරුවන්ද මේ අතර වුණා. එම විශිෂ්ටයන් අතර බ්‍රයන් කිංස්ටන් කියන්නේ මේ ලෝකේ අසිරිය විඳින්නට අවස්ථාව නොලැබුණු දරුවක්. මේ දරුවා ඉගෙනගත්තේ රත්මලානේ අන්ධ විද්‍යාලයේ. බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය හදාරා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගෙන අන්ධ විද්‍යාලයීය ඉතිහාසය වෙනස් කරන්නට මේ දරුවාට හැකියාව ලැබුණා.

බ්‍රයන් සිය දක්ෂතාව පිළිබඳ අදහස් දැක්වූයේ මේ විදියට.

‘මට විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලැබුණා. කොරෝනා නිසා ඉස්කෝල වහපු එක මට ගොඩක් බලපෑවා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සාර්ථක වුණේ නැහැ. විද්‍යාවට විතරක් සාමාන්‍ය ළමයි යන හොරණ ප්‍රදේශයේ පෞද්ගලික පන්තියකට ගියා. මගේ කණට ඇහෙන දේ කෙටි සටහන් ගහගෙන ඇවිත් ගෙදරදි පාඩම් කළා. දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය කියලා ආයතනයක් අන්ධ විද්‍යාලයේ තියෙනවා. ඒකේ ගොඩක් පොත් පත් කටින් කියවලා පටිගත කරලා සී.ඩී. වශයෙන් තියෙනවා. මම ඒවා ගෙදර ගෙනත් ඇහුවා. මට ඒක ලොකු උදව්වක් වුණා. මම උදේ පාන්දරම නැගිටලා ඉස්කෝලේ යන්න පුරුදු වෙලා හිටිය නිසා උදෑසන කාලයේ පාඩම් කළේ නැහැ. ඒත් රෑ එක දෙක වෙනකන් පටිගත කරපු පෙළපොත් ඇහුවා. මට හොඳ උනන්දුවක් තිබුණා. අම්මා පුළුවන් තරම් මාව උනන්දු කළා. අනෙත් ළමයින්ගෙන් වෙන්කරලා මාව හැදුවේ නැහැ. මගේ අයියා උසස් පෙළ හදාරනවා. එයත් මට උදව් කළා මට ඇස් පේන්නේ නැහැ කියලා වෙනසක් කළේ නැහැ. මම 2019 පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව පවා දිනාගත්තා. උස පැනීම, දුර පැනීම තුන් පිම්ම, යගුළිය, මීටර 75 යන තරගවලට සහභාගි වුණා. අම්මා මාව මේ හැම දේකටම යොමු කළා. මම උසස් පෙළට ගණිතය විද්‍යාව විෂයන් හදාරන්න ගොඩක් ආසයි. ඇස් පේන්නේ නැති නිසා ඒ විෂයන් හදාරන්න මට අමාරුයි. ඒ විෂයන්වල ප්‍රායෝගික පැත්ත වැඩියි. ඒ නිසා මම උසස් පෙළට තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව සහ යුරෝපීය ඉතිහාසය හදාරනවා. මම නීතිඥයෙක් වෙන්න ආසයි. මට ඉගැන්වූ රත්මලානේ අන්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියලු ගුරුවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා’ යනුවෙන් ඔහු සඳහන් කළා.

බ්‍රයන්ගේ අම්මා තම දරුවා පිළිබඳ අදහස් දැක්වූයේ මේ විදියට.

‘බ්‍රයන් කියන්නේ මගේ දෙවැනි පුතා. කොළඹ කාසල් රෝහලේදි හත්මාසෙන් ඔහු ඉපදුනේ. අඩු මාසයෙන් ඉපදුණු නිසා දැඩි සත්කාර ඒකකයට දැම්මා ස්නායු හැදිලා නෑ කියලා. මට ඒ කාලේ ඒ තරම් තේරුමක් තිබුණේ නැහැ. එක් ඇසක ප්‍රශ්නයක් නිසා ලේසර් කරනවා කියලා මගෙන් සියලු ලේඛන ගත්තා. ඊට පස්සේ දරුවා මගේ අතට දීලා අනෙත් ඇහැත් පේන්නේ නැහැ කිව්වා. ඒක ඇහුවාම මට මොනවා වුණාද කියලා මතක නැහැ. අදටත් ඒ ෆයිල් ගැන මම දන්නේ නැහැ. දරුවාව තුරුළු කරන් ගෙදර ආවා. මම හොඳටම ඇඬුවා. මගේ නැදෑ කෙනෙක් දුරකතනයෙන් කතාකරලා ඔයාගේ හිතේ තියෙන නරකකමට තමයි ඔහොම දරුවෙක් ලැබුණේ කිව්වා. ඒ නැදෑයාට මම අද ස්තුති කරනවා. එදා මගේ හිත හොඳටම රිදුණා. මම එදා හිතාගත්තා මගේ දරුවාව හොඳට හදලා උගන්නනවා කියලා. දරුවා ඒ කිව්ව විදියටම ඉගෙනගත්තා. මම මේ දරුවාව සමාජයට යොමු කළා. කවදාවත් හංගගෙන හැදුවේ නැහැ. මගේ දරුවා ගැන මට අද ගොඩාක් සතුටුයි. ඇස් දෙකම අන්ධ වුණාට ඔහු දක්ෂ දරුවෙක් වුණා. මම ඉදිරියටත් මගේ පුතාව දිරිමත් කරනවා’ යනුවෙන් ඇය පැවසුවා.

බ්‍රයන්ට අමතරව උපතින්ම ස්නායු ආබාධ සහිත දරුවෙක් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගැනීම පිළිබඳවද අසන්නට ලැබුණා. ඒ, දික්වැල්ල රත්මලේ සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය. ඇය පාසල් ගියේ දෙමව්පියන්ගේ කර මතින්.

ඇගේ දෙපා ඇතුළුව ශරිරයේ බොහෝ කොටස් පවතින්නේ අප්‍රාණික තත්ත්වයේ. ඉඟටියෙන් පහළ කොටසද සම්පූර්ණයෙන් අප්‍රාණිකයි. ඇය 2014 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 177ක් හිමිකර ගත්තා.

දෙව්මි සුෂුම්නාව ආශ්‍රිත ස්නායු ආබාධයකින් පෙළෙන නිසා ජීවිතයේ වැඩි කාලයක් ගතකර ඇත්තේ රෝහල්වල. පෑන පවා ඇය අතට ගත්තේ තව කෙනකුගේ උපකාරයෙන්.

රත්මලේ ධර්මරාජ මහා විද්‍යාලයට වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගේ හොඳම ප්‍රතිඵලය දෙව්මි විසින් වාර්තා කිරීම සුවිශේෂ සිදුවීමක්. ඇය කිසිදු පෞද්ගලික පන්තියකට සහභාගි වී නොතිබීමද විශේෂත්වයක්. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද ඇගේ නිවෙසට ගොස් ඈට සුබ පැතුම් එක්කරන්නට කටයුතු කර තිබුණා. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම ඇගේ ආශාව වුවත් මනස වැඩි වශයෙන් වෙහෙසීමට බැරි නිසා දෙමව්පියන්ගේ ඉල්ලීම මත තොරතුරු තාක්ෂණය සමග වාණිජ අංශයෙන් ඉදිරියට යාමට ඇය බලාපොරොත්තු වෙනවා. ඇගේ එකම අපේක්ෂාව නම් අපොස උසස් පෙළ විභාගයෙන් ලංකාවේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමයි.

දෙව්මි තම පියාගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

‘ගතින් දුබල වූ මා සිතින් කිසිදා නොවැටී දිවි මගේ කිසිදා නෙතග කඳුළක් නොසලා අතරමග නොසැලී ආ අභියෝගාත්මක ගමන් මගේ ජය ටැඹක් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගත්තෙමි. වෙර නැති මා ගතට සෙවණැල්ල සේ වෙර දුන් මගේ සෙනෙහෙබර මෑණියන්ටත් පියාණන්ටත් මල්ලිලා දෙන්නාටත් නෑ හිත මිතුරන්ටත් පළමු ශ්‍රේණියේ සිට සිප් සතර දුන් ගුරුවරුන්ටත් විදුහල්පතිතුමාටත් සහෝදර මිතුරු කැලටත් ප්‍රදේශවාසීන්ටත් රටවාසීන්ටත් මේ ප්‍රීතිජනක අවස්ථාවේ කෘතවේදිත්වය පුද කරමි.’

මේ දරුවන් දෙදෙනාට වඩා වෙනස් තවත් දරුවන් දෙදෙනෙක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත්තා. ඔවුන් පිළිබඳවද බොහෝ සෙයින් සමාජයේ කතාබහට ලක් වුණේ ඔවුන් මුස්ලිම් දරුවන් වීම හේතුවෙනුයි. ඒ දරුවන් දෙදෙනාම සිංහල භාෂාවට සහ බුද්ධ ධර්මය යන විෂයන්වලට විශිෂ්ට සාමාර්ථ ලබාගැනීමට සමත්ව තිබුණා. එම විශිෂ්ට දස්කම දක්වන්නට සමත් වුණේ මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සහ මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාෂ් යන දුවා දරුවන්.
අලුත්ගම දර්ගා නගරයේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරුවේ අලුත්ගම මහා විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වන ඔහු කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා. රිෆ්කාන් තම ජයග්‍රහණය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

‘මේ ජයග්‍රාහණයේදී මා සමග සෙවණැල්ලක් සේ සිටි මගේ අම්මා සහ තාත්තාවත්, මගේ පන්ති භාර ගුරු ස්වාමින්වහන්සේ වන පූජ්‍ය ගැටමානේ තිස්ස හිමියන්වත්, විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න ගුරුපියාණන් ඇතුළු සියලු ගුරු භවතුන්වත් මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මට සිංහල විෂය හදාරන්න ආසා හිතුණේ මගේ තාත්තා දර්ගා නගරයේ නාකන්දලගොඩ ශ්‍රී ඥානිස්සර මහා විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා තිබුණු නිසා. එහිදී තාත්තා උසස් පෙළ සමත්වුණා. ඒක තාත්තා නිතරම අපිට කිව්වා. ඒ නිසා මටත් ලොකු ආසාවක් ඇතිවුණා එවැනි ජයක් ලබන්න. මගේ අනාගත බලාපොරොත්තුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිත අංශයෙන් ඉදිරියට යෑම වගේම මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉන්ජිනේරුවරයකු වී රටට වැඩදායි පුරවැසියකු වීමයි…’ යනුවෙන් ඔහු කියා සිටියා.

රිෆ්කාන් වගේම මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණියද වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගත්තා. ඇගේ පියා වැල්ලවාය ප්‍රදේශයේ පාපැදි අලුත්වැඩියා කරන්නෙක්. අයිෂා දියණිය තම විභාග ප්‍රතිඵල ගැන මේ විදියට අදහස් දැක්වූවාය.

‘මම පුංචි කාලේ ඉඳන් නිදහසේ ඉගෙනගත් කෙනෙක්. ඒ නිදහස දුන්නේ මගේ මව්පියන්. මම හැමෝගෙන්ම ඉල්ලනවා විභාගයට කලින් පරණ ප්‍රශ්න පත්තරවලට පිළිතුරු සපයන්න කියලා. එතකොට විභාගයට මුහුණ දෙන්න අමාරු වෙන්නේ නැහැ. බුද්ධ ධර්මය කියන්නේ මට සංස්කෘතිකව ආධුනික විෂයක්. මේ විෂය ඉගැන්නුවේ පූජ්‍ය ජිනරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඉගැන්නූ විදිය හරිම ආකර්ෂණියයි. මම පළමු පන්තියේ ඉඳලාම බුද්ධාගම ඉගෙන ගත්තා. මට මේ විෂයන් ලොකු අමුත්තක් දැනුණේ නැහැ. බුද්ධාගම ඉගෙනගන්න කොට ගාථා, කවි වගේ දේවල් මට හරි ඉක්මනින් පාඩම් හිටිනවා. ගාථාවල තියෙන තේරුම්වලට මම හරි කැමතියි. මට ඒවා හරි ඉක්මනින් මතක හිටිනවා. ජාතක කතා වුණත් එහෙමයි. මම සිංහල විෂයත් හරි කැමැත්තෙන් ඉගෙනගත්තා. අත් අකුරු කියන්නේ කෙනකුගේ අනන්‍යතාව. මම අත් අකුරු තරගවලටත් සහභාගි වෙලා තියෙනවා. එයින් ජයග්‍රහණත් මම ලබාගෙන තියෙනවා. සිංහල කියන්නේ තවත් එක් භාෂාවක්. ව්‍යාකරණ සහ රසාස්වාදයට මම හරි ආසයි. මම උසස් පෙළ හදාරන්න ඉන්නේ ගණිත අංශයෙන්. එකම බලාපොරොත්තුව ඉන්ජිනේරුවරියක් වීමයි….’ ඇය කියා සිටියා.

ඇයට ඉගැන්වූ සියලු ගුරුවරුන්ට ස්තුති කරන්නත් අයිෂා අමතක කළේ නැහැ.

මේ දරුවන්ගේ ජීවිතද අපේ රටේ ජාති ආගම්වලට බෙදී කුලල් කාගෙන ගහමරාගන්නා සියලු දෙනාටම ආදර්ශයක්. කුඩා කාලයේ සිටම දරුවන්ට හැම ආගමකටම ජාතියකටම ගරු කරන්න ඉගැන්විය යුතුයි. ඒ බව අමිෂාගේ සහ මොහොමඩ් රිෆ්කාන්ගේ මේ විශිෂ්ට ප්‍රතිඵලවලින් අපට නැවත නැවත කියා දෙනවා. සියලු දරු දැරියන් ආගම් ජාති භේදයකින් තොරව ආගම් පිළිබඳ, භාෂාවන් පිළිබඳ හැදෑරිය යුතු වෙනවා. සියලු ජනතාවට සමගියෙන් සහජීවනයෙන් කටයුතු කරන්න එය මනා පිටිවහලක් වනවා. එවිට රටක ජාතීන් අතර කිසිම අර්බුදයක් ඇතිවෙන්නේ නැහැ.

බ්‍රයන් සහ දෙව්මි සිතේ ශක්තියෙන් හා නොපසුබට උත්සාහයෙන් විභාගය ජයගත් දරුවන් දෙදෙනෙක්. අපේ රටේ සමහර දරුවන්ට සියලු පහසුකම් තිබිලත් විභාගයට මුහුණ දෙන්නේ උනන්දුවකින් තොරවයි. එවැනි දරුවන්ට මෙය කදිම ආදර්ශයක්. බ්‍රයන් කියන්නේ ඇස්දෙකම පෙන්නේ නැති දරුවෙක්. ඒත් ඒ දරුවා සියලු විෂයන්ට ‘ඒ’ සමාර්ථ ලබාගත්තේ ඔහුගේ තිබෙන උත්සාහවන්තකම නිසා. ඊට නොදෙවැනි දෙව්මිත් ගත වාරු නැතත් ඉතා අසීරුවෙන් විභාගයට මුහුණ දී දස්කම් පෑ දරුවෙක්.
උත්සාහවන්ත වුණොත් අපට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නොමැති බව මේ දරුවන් සිවු දෙනාම සපථ කර හමාරයි. මේ, රටේ හෙට දවස භාරගන්නා අනාගත පරපුරයි. මේ සියලු දරුවන්ට ලෝකය එළිය කරන්නට, තව තවත් දස්කම් දක්වමින් රටම බබළවන්නට ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ආශීර්වාද කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඇමැති විදුරත් කලකිරිලාද? ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණලා ඇස්සට දත නියවන්න නෙමෙයි! අපේ සම්පත් අපිට විතරයි! (VIDEO)

Next Post

මේ ආණ්ඩුව විකුණන සියලු රාජ්‍ය සම්පත් යළි රජයට පවරා ගන්නවා! සජබෙ නිවේදනය කරයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.