• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ප්‍රසංග වේදිකාව අලුත් තැනකට අරින් ගිය ෆ්ලෑෂ් බැක්…

September 29, 2021
in Heart
Reading Time: 4 mins read
A A
ප්‍රසංග වේදිකාව අලුත් තැනකට අරින් ගිය ෆ්ලෑෂ් බැක්…
Share on WhatsAppShare on Facebook

ප්‍රසංග වේදිකාව ක්‍රියාශීලී කරපු පළමු සංගීත කණ්ඩායම…
ඇඟිලිවලින් වැඩ දැම්ම රොෂාන්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල…

අපේ රටේ ජනප්‍රිය පෙරළිකාර සංගීත කණ්ඩායමක් වන ‘ෆ්ලෑෂ් බැක්’ පසුගියදා තමන්ගේ 30 වැනි උපන්දිය සැමරුවා. අවුරුදු 30ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඒ තරම් කාලයක් සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ කාලය පුරාම තමන්ගේ ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම රැකගන්න එකත් කිසිසේත්ම පහසු නැහැ. ඒත් රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බැක් කණ්ඩායම ඒ හපන්කම කරලා තියෙනවා.

90 දශකය කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදුවූ කාලවකවානුවක්. 90 දශකයේ ආරම්භයේදීම එනම් 1991 වසරේ තමයි ෆ්ලෑෂ් බැක් කණ්ඩායම තමන්ගේ සංගීත චාරිකාව ආරම්භ කරන්නේ. ඒ වෙද්දි ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියක් අතරින් හෙමින් හෙමින් තමන්ගේ ගමන යන්න ෆ්ලෑෂ් බැක් කණ්ඩායමට හැකියාව ලැබෙනවා.

සංගීත කණ්ඩායමක් ජනප්‍රිය වෙන්න නම් ඒ කණ්ඩායමටම අනන්‍ය වූ සුවිශේෂතා තියෙන්න ඕනෑ. ෆ්ලෑෂ් බැක් සතුවත් එවැනි සුවිශේෂතා රාශියක් දකින්න ලැබුණා. මුල් කාලයේදී ෆ්ලෑෂ් බැක් සතු වූ සුවිශේෂම අවිය වුණේ කණ්ඩායමේ නියමුවා වගේම ඩ්‍රම්ස් වාදකයා වූ රොෂාන් ප්‍රනාන්දු. තම ඇඟිලි අතරින් ඩ්‍රම් ස්ටික්ස් කරකවමින් සෑම දෙනාගේම අවධානය තමන් වෙත යොමු කරගන්න රොෂාන් සමත් වුණා. ඇත්තටම ඒ කාලේ ෆ්ලෑෂ් බැක් ප්‍රසංග නරඹපු බොහෝ දෙනෙක් එකතු වෙලා හිටියේ ඩ්‍රම් සෙට් එක වටේ.

ෆ්ලෑෂ් බැක් කණ්ඩායම ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත සංගීත කණ්ඩායමක් බවට පත් වුණේ 90 දශකයේ අගභාගයේදී. ඒ වෙනකම් නිහඬ ගමනක් ආව ෆ්ලෑෂ් බැක් එක සැරේටම වේදිකාවේ පෙරළි කරන කණ්ඩායමක් බවට පත්වුණා. ප්‍රසංග වේදිකාවට ක්‍රියාශීලී බව අරගෙන ආවේ ෆ්ලෑෂ් බැක්.

එකතැන ඉඳගෙන සිංදු කියන ගායකයෝ වෙනුවට ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ ගායකයෝ වේදිකාව වටේට දුව පනිමින් සිංදු කියන්න පටන් ගත්තා. ගිටාර් වාදකයොත් ඒ වගේ. ඒක ඇත්තටම අපේ රටේ ප්‍රසංග කලාවට අලුත් වෙනසක් වුණා. ඒ වගේම ඒ වෙනසට බොහෝ දෙනෙක් ආදරය කරන්නත් පටන් ගත්තා.

2000 වසර ආරම්භය වෙද්දි ෆ්ලෑෂ් බැක් කියන්නේ ලංකාවේ අතිශය කාර්යබහුල සංගීත කණ්ඩායමක් බවට පත්වෙලා තිබුණා. ඒ වගේම ඒ වෙද්දි ඔවුන්ගේම ගීත රාශියකුත් අතිශයින් ජනප්‍රියත්වට පත්වෙලා තිබුණා.

ෆ්ලෑෂ් බැක් හරහා බිහි වුණු ගායන ශිල්පීන් ගැන කතා කිරීමේදී අංක එකට මතකයට එන්නේ කිංස්ලි පීරිස්. මුල් කාලයේදී එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කළ කිංස්ලි, පසුව තමන්ගේම නිර්මාණ හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.

කිංස්ලිගේ කැසට්පට කිහිපයක් ආදායම් වාර්තා බිඳ හෙළමින් අලෙවි වුණා. අදටත් කිංස්ලි ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පියෙක්. ඒත් කවදාවත් ෆ්ලෑෂ් බැක් දාලා යන්න තම ජනප්‍රියත්වය හේතුවක් කරගන්න කිංස්ලි කටයුතු කළේ නැහැ.

මුල් කාලයේ ඩ්‍රම්ස් වාදකයකු ලෙසින් පෙරළි කළ රොෂාන් පසු කලෙකදී ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න ගත්තා. හුරුපුරුදු ඩ්‍රම්ස් වාදනයට සමු දුන් රොෂාන් තමන්ගේ තැන නවකයකුට ලබාදෙන්න තරම් නිහතමානී වුණා. ලංකාවේ ගීත කලාවට නැවුම් ආරක් එකතු කරමින් රොෂාන් ගායනා කළ ගීත රාශියක් අදටත් අතිශයින් ජනප්‍රියයි.

ඕනෑම කණ්ඩායමක් දිගු කාලයක් එකට කටයුතු කරද්දී, යම් යම් මත ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ ගමන පුරාම ෆ්ලෑෂ් බැක් කණ්ඩායමත් එවැනි අවස්ථාවලට මුහුණ දුන්නා. කණ්ඩායම ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි කාලයේදී කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල සාමාජිකයෝ වෙනත් සංගීත කණ්ඩායම් එක්ක එකතු වුණේ සෑම දෙනාම පුදුම කරවමින්.

ඒත් ඒ අඩුව පුරවන්න ඊට වඩා දක්ෂයෝ කණ්ඩායමට ගේන්න රොෂාන්ට ශක්තිය තිබුණා. ඒ වගේම අදටත් මුල් පෙළේ සාමාජිකයන් වැඩි පිරිසක් සිටින කණ්ඩායමක් ලෙස ෆ්ලෑෂ් බැක් හඳුන්වන්න පුළුවන්. ඒ අතරට රොෂාන්, කිංස්ලි වගේම අරුණ තමෙල් සහ රෝස් අලගියවන්නත් ඇතුළත් වෙනවා.

අදටත් ප්‍රසංග වේදිකාවේ ෆ්ලෑෂ් බැක්ට තියෙන ඉල්ලුම ඉතාම ඉහළයි. වසර 30ක් පුරා ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයන්ට වෙනස් අත්දැකීම් ලබාදෙමින් ජනප්‍රියත්වය ඒ විදියටම රැකගන්න රොෂාන් ඇතුළු සාමාජිකයන්ට හැකියාව ලැබිලා තියෙනවා.

ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ජීව ගුණය රැක ගනිමින් තව බොහෝ දුරක් යන්න ෆ්ලෑෂ් බැක් කණ්ඩායමට ශක්තිය පතන ගමන් ඔවුන්ට සුබ උපන්දිනයක් පතන්නත් අපි මේක අවස්ථාවක් කර ගන්නවා.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොළඹ ඉඩම් අල්ලන රාජ්‍ය ත්‍රස්තවාදයක් ගැන හර්ෂණ අනතුරු අඟවයි! (VIDEO)

Next Post

රට ඇරපු ගමන් ගුරුවරු යළි පාරට! විශ්වද්‍යාලත් සහායට එයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.