• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර විප්ලවකාරයෝ…

September 25, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
කළුතර විප්ලවකාරයෝ…
Share on WhatsAppShare on Facebook

නිදහස් අධ්‍යාපන විප්ලවය – කන්නන්ගර
ශ්‍රීපාලි විප්ලවය – විල්මට්
මහපොළ විප්ලවය – ලලිත්
Free Digital විප්ලවය – ධම්මික

‘එක ඉස්කෝලයක් විවෘත කරන්නා හිර ගෙවල් දහසක් වසාදමයි…’
මේ, ලොව ප්‍රකට කියමනකි. අද ලංකාවේ ඉස්කෝල ඔක්කොම වහලාය. හිරගෙවල් ඇරලාය. වහපු ඉස්කෝල අරින්න යන ඇමැතිලා නැත. ඇරපු හිරහෙවල්වල ජෝගි නටන ඇමැතිවරු ඇත. අද ලංකාවේ අධ්‍යාපනය 60%කට අහිමිය.

නිදහසට පෙර ලංකාවේද තිබුණේ මේ වගේ කාලයකි. සැමට අධ්‍යාපනය හීනයකි. අධ්‍යාපනය හිමි කරගත්තේ සල්ලිකාරයන්ය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, කළුතර මතුගම ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ අයෙකි. ඔහු දුප්පත් පොහොසත් භේදයකින් තොරව සැමට අධ්‍යාපන අයිතිය දෙන්න ෆ්‍රී එඩියුකේෂන් නොහොත් නිදහස් අධ්‍යාපන පනත ගෙන ආවේය.

කන්නන්ගරට මේ නිදහස් අධ්‍යාපනය බොක්කටම වැදුණේ ඔහු ඉස්කෝලේ යන කාලයේය. බලපිටිය පොලිස් මහෙස්ත්‍රාත් අධිකරණයේ රැකියාව කළ කන්නන්ගරගේ තාත්තාට රැකියාව අහිමි වීමෙන් කන්නන්ගර පවුල ආර්ථික වශයෙන් වැටුණි. එකල ගාල්ලේ රිච්මන්ඩ් ඉස්කෝලයේ විදුහල්පති ධුරය දරපු මිෂනාරිවරයකු වූ ජේම්ස් ඩැරල් නම් වූ සුද්දා කන්නන්ගරට රිච්මන්ඩ් විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබාදෙන්නේ කන්නන්ගරගේ රම්බොඩ ඉස්කෝලයේ තෑගි බෙදාදීමේ උත්සවයකට පැමිණ කන්නන්ගර දිනාගත් තෑගි ටික දැකලාය.

විදුහල්පති මිෂනාරි ඩැරල් සුදු මහත්තයා තමාට ලබාදුන් වරප්‍රසාදය රටටම දෙන්න ඔහු 1945 නිදහස් අධ්‍යාපනය හරහා ගෙන ආවේය.
ඔහු ඒ පනත ගෙන ආවේ අධ්‍යාපන ඇමැති ලෙස වුවත් ඩී.ඇස්. සේනානායක එයට එතරම් කැමැති නොවීය. කැබිනට් මණ්ඩලයේ ටයි කෝට්කාරයන් කීවේ ඔය පනත සම්මත වුණොත් ගහකට නගින්න කොල්ලෙක්වත් හොයාගන්න බැරි වෙයි කියාය. මිෂනාරිවරුන්ද මෙම පනතට එරෙහි විය. කන්නන්ගරගේ හයියට හිටියේ ජී.ආර්. සහ බණ්ඩා රත්නායකය. කැබිනට් මණ්ඩලය කන්නන්ගරගේ කකුලෙන් අදිද්දී මන්ත්‍රීවරු කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කර දුන්නේ පනත ලංකාවේ අධ්‍යාපන විප්ලවය ලෙස දකිමිනි.

කන්නන්ගර එක රැයින් රටේ වීරයෙක් විය. ඒත් 1947 මහ මැතිවරණයේදී මතුගම සල්ලි ගහක් කන්නන්ගරව පරාජය කළේය. හැමෝම කීවේ මතුගම මිනිස්සු ගුණමකුවන් කියාය. ඒත් කන්නන්ගරට වඩා මතුගම මිනිසුන්ට ඒ සල්ලි ගහට කෘතගුණ සලකන්න වුවමනා විය. ඒ සල්ලි ගහ විල්මට් පෙරේරාය. ඔහු වැවිලිකරුවෙකි. වැවිලිකරුවකු වුවත් ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ රවින්ද්‍රනාත් තාගෝර්ට ඇලුම් කළ අයෙකි.

ඔහු ඉන්දියාවේ නිදහස් සටනින් උද්දාමයට පත්වූ වැවිලිකරුවෙකි. ඔහු 1930 තාගෝර් හමුවීමට ඉන්දියාවට ගියේය. ඉන් පසු ඔහු එහි ගිය දෙවැනි ගමනේදී ඔහුට තම මුදලින් තාගෝර්ගේ ශාන්ති නිකේතනය වැනි නිකේතනයක් ලංකාවේ හදන්න වුවමනා විය. එහි මුල්ගල තියන්න ඔහුට තාගෝර් ගෙන්වා ගන්න අවශ්‍ය විය. ඔහු ඉන්දියාවට ගොස් තාගෝර්ට ආරාධනා කළේය. තාගෝර් ඒ ආරාධනාව පිළිගත්තේය. 1934 තාගෝර් ලංකාවට පැමිණ හොරණ සුන්දර පරිසරයක හදන ඉස්කෝලයට මුල්ගල තැබීය. හොරණ ශ්‍රීපාලිය හැදුණේ එහෙමය.

එපමණක් නොව ඔහු තම මුල් ගෙදර සුමංගල කාන්තා ඉස්කෝලය හදන්න පරිත්‍යාග කළේය. මතුගම මිනිසුන්ට කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන විප්ලවයට වඩා විල්මට් පෙරේරාගේ ධන පරිත්‍යාගය සහ ශ්‍රීපාලි නිර්මාණය ආඩම්බරයක් විය. ඔවුහු විල්මට්ගේ ධන පරිත්‍යාගයට කෘතගුණ දැක්වූහ.

ලංකාවේ අධ්‍යාපන විප්ලවයේ නියමුවන් කළුතර දිස්ත්‍රික්කයෙන්ම බිහිවීම අබිරහසකි. ලංකාවේ අලුත් අධ්‍යාපන විප්ලවකාරයා බිහිවන්නේත් කළුතරිනි. ඔහු ලලිත් ඇතුලත්මුදලිය. ඇතුලත්මුදලිට ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ලබන්න මුදල් හිඟ වූ විට ඔහුගේ දක්ෂකම් දැක ඔහුට ශිෂ්‍යත්වයක් හදලා දෙන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. කන්නන්ගර, ඩැරල් මිෂනාරි විදුහල්පතිවරයා තමාට දුන් වරප්‍රසාදය රටටම දුන්නා සේ ලලිත් ඇතුලත්මුදලි බණ්ඩාරනායකට තමාට දුන් වරප්‍රසාදය රටටම දුන්නේය. ඒ, මුදල් අග හිඟකම් ඇති විශ්වවිද්‍යාල ළමුන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීමෙනි. ඒ, 1977 ඔහු වෙළෙඳ ඇමැති වූ විටදීය.

කළුතර උරුම කරගත් කන්නන්ගරගේ, විල්මට් පෙරේරාගේ, ඇතුලත්මුදලිගේ අධ්‍යාපන විප්ලවයට පසුව ලංකාවේ අධ්‍යාපන විප්ලවයක් කරන්නට සමතෙක් බිහි නොවීය. මේ කාලයේ කළුතර හොරණ තක්ෂිලා ඉස්කෝලයට ගිය තරුණයකු විය. ඔහුගේ ගමත් කළුතරය. අධ්‍යාපනයේ ඊළඟ විප්ලවය කරන්න කළුතරින් බිහිවන තරුණයා මොහු යැයි එදා කවුරුවත් දැන සිටියේ නැත. ඔහු අද ලංකාවේ නොම්බර එකේ කෝටිපතියා ධම්මික පෙරේරාය.

සැමට අධ්‍යාපන අයිතිය අහිමි වෙලාවක කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත ගෙන ආවා සේ ධම්මික පෙරේරා කොවිඩ් නිසා රටේම ඉස්කෝල වහපු වෙලාවක නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය දෙන ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේය. අද ලක්ෂ ගණනක් සිසු සිසුවියන් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නේ ඩී.පී. එඩියුකේෂන් හරහාය. ඔහු මේ ඩී.පී. එඩියුකේෂන් සංකල්පය පටන් ගත්තේ ඔන්ලයින් අධ්‍යාපනය ගමට හඳුන්වා දෙන්නේ කෙසේදැයි ආණ්ඩුව තක්කු මුක්කු වී සිටින වෙලාවකය. කන්නන්ගර දියත් කළේ නිදහස් අධ්‍යාපන විප්ලවයක් නොහොත් ෆ්‍රී එඩියුකේෂන් විප්ලවයකි.

ධම්මික පෙරේරා දියත් කර ඇත්තේත් ෆ්‍රී ඩිජිටල් එඩියුකේෂන් විප්ලවයකි. ඔහුගේ ඊළඟ ඉලක්කය තම ධනයෙන් ඩිජිටල් ඉස්කෝල හදන්නටය. ඩී.පී. එඩියුකේෂන්, ගූගල්, ෆේස්බුක් මෙන් ලොව අංක එකේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරන්නටය. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය එකල ආසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ලෙස නමක් දිනාගෙන තිබිණි. හැබැයි ලංකාවට මේ සුද්දා හදලා දීපු විශ්වවිද්‍යාල ශාඛා ලෝකයට ගෙන යන්න බැරි විය. අඩු තරමේ දකුණු ආසියාවට ගෙන යන්න බැරි විය. ධම්මික පෙරේරා සැලසුම් කරන්නේ ඩී.පී. එඩියුකේෂන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් සේ ලෝකයටම ගෙන යන්නටය. පටන් ගන්න යන්නේ ඉන්දියාවෙන්ය.

අධ්‍යපනයේ විප්ලව කරපු විල්මට් පෙරේරා වැනි දානපතියන් හිටියේ ඉස්සරය. දැන් ඉන්නේ දානපතියන් නොව ධනපතියන්ය. ධම්මික පෙරේරා නම් ධනපතියාට අධ්‍යාපනය දානපතියෙක් වෙන්න වරම් ලැබුණේ අධ්‍යාපන විප්ලවකාරයන් බිහිවූ කළුතරින්ම වීම දෛවෝපගතය.

-උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කිතුනුවන් ද්‍රෝහීන් කිරීමේ උත්සාහයක් දැන් පවතිනවා! පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලය ගැනීම හෝ බලයේ රැඳී සිටීම පිළිගන්න බෑ! (VIDEO)

Next Post

අමෙරිකාව හරක් පට්ටියක් ඉල්ලුවොත් ජනාධිපතිට දෙන්න වෙන දේ…! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.