මැතිවරණ නීති සංශෝධනය සඳහා කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රාවුෆ් හකීම් යන මහත්වරුද අලුතින් පත් කරනු ලැබ සිටිති.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම තීරණය පාර්ලිමේන්තුවට අද (22) උදේ දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන සහ පාර්ලිමේන්තුව විසින් 2021 සැප්තැම්බර් 21 දින සම්මත කරන ලද යෝජනාව අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණය සඳහා මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබ ඇත.









