ඇතැම් ආහාර ද්‍රව්‍යවලට රජයෙන් පාලන මිලක් නියම කර ඇතත්, ඒවා වැඩි මිල ගණන්වලට අලෙවි කරන බවත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය සඳහා වහා පියවරක් ගත යුතුව ඇති බවත් ඇමතිවරුන් ගණනාවක් ඊයේ (21)පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
බඩු මිල ඉහළ යාම සම්බන්ධ ප්‍රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර රජයෙන් පනවා ඇති මිල ගණන්වලට ඇතැම් මෝල් හිමියන් වෙළඳපොළට සහල් නිකුත් කළද සමහර මහා පරිමාණ මෝල් හිමියන් සහල් නිකුත් නොකරන බව ද ඔවුන් පවසා ඇත .
ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානයක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ ,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ගණනාවක් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බව වාර්තා වේ .
කිරිපිටි, සිමෙන්ති, ගෑස් ආදී ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට ආනයන සමාගම් ඉල්ලීම් කර ඇති බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා එහි දී පෙන්වා දී ඇති අතර, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන වියදම් කමිටුව කඩිනමින් රැස්වී, ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹීමට ද එහිදී තීන්දු වී ඇත.










