දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 05දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
කාන්තන්කුඩි , බේරුවල , තිස්සමහරාම , වාරියපොල , එරාවුර් , පදියතලාව , ගාල්ල සහ බටපොල ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති අතර මියගිය පුද්ගලයින් අවුරුදු 23 ත් 57 ත් අතර වයස්වල පසුවන්නන් ය.
ඒ අතර කාන්තාවක්ද වේ.
අනතුරුවලට හේතු වූ රියැදුරන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.










