ලොහාන් රත්වත්තේ මහතා සමග බන්ධනාගර සිද්ධියට සම්බන්ධ වූ රූපරාජිනිය පුෂ්පිකා ද සිල්වා මහත්මිය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.
නීතීඥ සේනක පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී කියා සිටියේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බවත්, ගිනි අවි පනත යටතේ එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සූදානම් බවත්ය.










