ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අද නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා මහතා හමුවිය.
මෙය සිදු වූයේ ඉන්දියානු අගනුවරට අලුතින් පැමිණි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් විසින් විදේශ ලේකම්වරයා හමුවීමේ ස්ථාපිත සම්ප්‍රදායට අනුකූලවය.
විදේශ ලේකම් ශ්‍රින්ග්ලා මහතා සාදරයෙන් විසින් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර ඉන්දු-ලංකා සබඳතා මෙහෙයවීමට හා ඉදිරියට ගෙන යාමට හැකි මොරගොඩ මහතා වැනි පළපුරුදු පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් පැමිණීම ගැන ඉන්දියාව සතුටු වන බව ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේදී සම්භාවනීය අමුත්තන් දෙදෙනා එකිනෙකාට වැදගත් වන කරුණු ගණනාවක් ගැන සාකච්ඡා කළහ.
විශ්වාසය ගොඩ නඟා ගැනීමේ මාධ්‍යයක් වශයෙන් මිනිස් සම්බන්ධතාවල වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා විසින් ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ “ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 2021/2023 සඳහා වූ ඒකාබද්ධ උපාය මාර්ගික” සිතියමේ පිටපතක් ද ඉන්දීය විදේශ ලේකම් වෙත පිළිගැන්වීය.










