ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත දෙමළ ජාතික සන්ධානයෙන් වෙනවෙනම ලිපි 3ක් යොමු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසින් එක් ලිපියකුත්, දෙමළ සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් වන එස් ශ්‍රීධරන්, චාල්ස් නිර්මලනාදන් සහ තවරාසා කලෙයිරාජන් විසින් තවත් ලිපියක්ද, මාවෙයි සේනාධිරාජා විසින් තවත් එක් ලිපියක්ද මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කොට ඇත.
මේ සියල්ලගෙන්ම ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබදව තොරතුරු ඇතුළත් කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම තොරතුරු වාර්තා වීමත් සමග අවසන් වරට සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ජාවකදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද දැනගන්නට තිබේ.










